Monday, April 29, 2013

උඩුයටිකුරු



මේ චිත්‍රය මම නම් කළේ උඩුයටිකුරු නමින්. ෆේස් බුක් එකේ ඉන්න සමහර යාලුවෝනම් මගේ මේ සිතුවම දැකල ඇති.. 

ඔයාලට මේකෙන් මොන වගේ අරුතක්ද දැනවෙන්නෙ කියන එක මම මුලින්ම අහන්නම්. කැමති නෑ මේ ගැන මගේ අදහස කියන්න.....

මේ දේ කියන්නම්. සමාජය ගැන අන්තෙටම කලකිරිල හිටපු මොහොතකයි මේක ඇන්දෙ.


2010 වසරෙදි මගේ දෙවන ඒක පුද්ගල සිතුවම් දැක්ම “සංස්කාර“ තුළින් මෙය එළි දැක්කේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගල්කණු පරිශ්‍රයේදි.

මහා පරිමාණ වශයෙන් මම ඇඳපු අවසන් සිතුවම මේක. මේ දක්වා එකදු සිතුවමක් වත් මා අතින් නැවත ඇඳිලා නැහැ මේකෙන් පස්සෙ.

කලින් දාපු සිතුවම මෙතනින් ගිහින් බලන්න.
Comments
22 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

22 comments:

  1. දියුණුවට ඉඩ දෙන්න
    හිමි සියලු දෙය දෙන්න
    ඇදිවතට නැති වෙන්න
    සිදු උනද නොතකන්න

    මට පෙනුන විදිය, සංවර්ධනයේ නාමයෙන් දුප්පත් මිනිහාව පෙලනවා. ඒත් වෙන දෙයක් ගැනද දන් නෑ කියවෙන්නේ

    ReplyDelete
    Replies
    1. sampoornayen wenas deyak mama aruthdanawuye

      'gahaniya'

      Delete
    2. ඒ විදියට බලද්දී නම් ඇත්ත තමයි. මට මුලින්ම හිතුනේ අර විදියට

      Delete
  2. මට හිතෙන විදියට කපටි මිනිසුන් විසින් ස්ත්‍රින්ව රවට්ටනවා වගේ අදහසක් මෙතන තියෙන්නේ ..

    (හරිද මන්දා ....

    ReplyDelete
    Replies
    1. ඒ චිත්‍රයේ එක් පැත්තක්.... ඔයාට හිතුණ හරි :)

      Delete
  3. සිතුවම් ගැන තියන දැනුමනම් ඉතාමත් අල්පයි. ඉතින් ඔයාම කියල දෙනවනම් තමා වඩා හොද

    ReplyDelete
    Replies
    1. අනේ මං කීවම වැඩක් නෑනෙ අයියෙ.... තේරෙන තරමෙ ඉඳන් හිතන්න උත්සහ කළොත් අනිවාර්යයෙන් ඔයාට චිත්‍රය කියවන්න පුළුවන් වේවි මම සාර්ථකනම්..... නැත්නම් අඩුපාඩුව මගෙයි

      Delete
  4. මට අදහස් ගොඩක් පේනවා..මෙ තියෙන අප්‍රසන්න සමාජය ගැන...
    එදා වේළ හොයාගෙන ඉන්න හිංසක මිනිස්සු ගිල්ලවලා.කාන්තාව විශේෂ කරලා තියෙනවා..ඒ ගිල්ල්විමෙන් බේරන්න එන්නේ කපටියෝ..දේශපාලකයෝ වගේ..
    සංවර්ධනය කියන මිත්‍යාව ගිලිලා තියෙන්නේ...ඒක විනාසකාරි බව පෙන්නලා තියෙනවා..
    කොහොම වුනත් අන්තිමට වැරදි මනුස්සයාම තමයි කියන දේ මුළු සිතුවමෙන්ම පෙන්නලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්.... හොඳ කියවීමක්...
      ස්තූතියි මල්ලි

      Delete
  5. මුදලට යටවුනු පාහර(සමානොවන්න) සමාජයක, කළයුත්ත නොකළ යුත්ත මාරු වෙලා වගේ.


    -කොසොල් රජතුමා මෙහෙම සිහිනයක් දැක්කේ නැහැ නේද අක්කේ ? ;)

    ReplyDelete
    Replies
    1. :) සමාජය විශමයි. ඒ තුළ මිනිස් චෛතසිකයන් විවිධයි....

      කැරකෙන ලෝකයේ කැරකි කැරකි ඉඳල මිනිස්සුත් දැන් කැරකිල්ලකට අහු වෙලා.... ඇත්ත... පාහර කීවට සමාව ගතයුත්තක් නැහැ :)

      Delete
    2. තව ඉදිරියට මේවට කියන්න වචනත් නැති වෙනවා සිත්තරි අක්කේ.. ... ... මොනවා වෙන්න එනවද කියල හිතා ගන්න අමාරුයි ...

      Delete
  6. ඔය දන්නවනෙ මතාහරි, එයත් හොද ඇමක් තමයි. නමුත් එයා වැඩ කලේ එයා කැමති, එයාට වැඩියෙන් වාසි පැත්තට. ගෙදර කුස්සියටම හිර වෙලා ඉන්න ගැහැනු හිටියෙ ඉස්සර කාලෙ. දැන් උගත් දැනුවත් පිරිසක් බිහිවෙන්නෙ. එයාලට අගතියක් වෙනව නම්, එයාලත් රැවටෙනව නම්. එයාලත් තාඩන පීඩන වලට ලක් වෙනව නම්.ඒක එයාලගෙ මෝඩ තීරන නිසා වෙන දෙයක් කියලයි මං හිතන්නෙ. හැමෝම මිනිස්සු වෙච්චකොට, කෙනෙක් තව කෙනෙකුට රැවටෙන්නවත්, බය වෙන්නවත් ඕන නෑ.

    තව දෙයක්, ඔක්කොම එකයි කියල හිතනව නම් ඒකත් වැරදී,
    කොහොම උනත් ඔයාට කියන්න ඕන උන දේ ඔයා මේකෙන් කියල තියනව. ඒ නිසා සීයෙන් සීයයි.

    ReplyDelete
    Replies
    1. ඔවු, මාතා හාරි ගැන කියවලා අහල දැනගෙන තියෙනවා. ඇඟ මස් ලේ කැප කරලා අරමුණ වෙනුවෙන් ගිය ගැහැණීයක්. සමාජය දෙන ප්‍රතිරූපය කවරාකාර වුණත් අරමුණූ ජයගැනීම සහ දිවි හිමියෙන් කැපවීම අවස්ථාව සහ ආවේගය මත සිදු වෙන දෙයක්. හැමෝටම ඒ තත්වය කරා යන්න බැහැ

      ඒ වගේම පුද්ගලයා විවිධ ලෙස බෙදිමකට ලක් කරලා ඒ ඒ අය මේ මේ විදිහට පැවතිය යුතුයි කියන තත්වය දැඩිව ක්‍රියාත්මක වන සමාජයක ඒ සීමාවල් ඉක්මවා යන මිනිසුන්ට පැවැත්මකුත් නැහැ.... ඔවුන් අන්න එවිට සමාජයට බලවත් පිළිල වෙනවා. හංඩවු ගැහෙනවා.

      අපි ඉන්නෙත් එවන් සමාජයක.
      ඊනියා පරමාදර්ශී සමාජයක

      Delete
  7. ඔව මෙ ලෝකේ තියෙන හොදම ඇම ගැහැණිය තමා. ඇමට අහුවෙන අය ගැන කතා කරාට ඇම ගැන කතා කරන්නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. මේක තමයි අදහස මට හිතෙන්නේ.කොහොම වුණත් අදහස ඒක නම් ඒ බව චිත්‍රය ඇතුළෙ හොදට චිත්‍රණය වෙලා තියෙනව.ආයෙත් මේ වගෙ චිත්‍ර ඇදලා ඒවා එකතු කරලා ප්‍රදර්ශනයක් කරමු නේද...?

      Delete
    2. ගැහැණීය..... නම කී සැනින් දාහක් දේ ඒ වඩා ගොණු කළ හැකියි. අදටත් හෙටටත් කවදාටත් එය එසේමයි. හේතුව, ඇය... ගැහැණිය නිසා.

      @වර්ෂා පටන් ගන්න හිටියෙ අඳින්න ලබන මාසෙ ඉඳලා. ඒත් වාසනාවට හෝ අවාසනාවට ආයෙමත් අධ්‍යාපන කටයුතු පටන්ගන්න වෙනවා ලබන සතියෙ ඉඳලා. උත්සහ කරල බලන්නම් :)

      Delete
    3. එතකොට "ගැහැණීය" කියන චරිතය උත්තරීතරයි කියල කියන්නේ වචනෙට විතරද ... නැහැ එහෙම වෙන්නේ නැහැ. කවුරු කොහොම කිව්වත් තමන්ගේ තත්වය රැක ගන්න පුළුවනි. අනිවාර්යෙන්ම.

      Delete
  8. ම්හු.. හිතා ගන්න බෑ.. කමෙන්ට් වලින් නම් අදහසක් ගත්තා.

    ReplyDelete
  9. ඇම....හැමෝම එක එක ජාතියේ ඇමවල් ගිලලා ඒවා වමාරගන්න බැරුව ජීවිත කාලෙම දුක් විඳිනවා..

    ReplyDelete
    Replies
    1. මක් කරන්නද ඉතිං.. ගිල්ලට පස්සෙ නෙව වරදේ තරම තේරෙන්නෙ

      Delete