Friday, January 17, 2014

නැති ප්‍රශ්න ඇති කරගෙන, ඒවා කරපින්නා තත්පරෙන් තත්පරයට අඩිය තියන සමාජයට - ටොපි පෙන්නා දෙවියන් රැවැට්ටීමට උගන්වන ජනමාධ්‍ය


අද... 2014.01.17 වන දින දෙරණ ටීවී නාලිකාව මගින් එක් දේෂක මහතකු අපූරු පාඩමක් කියා දුනි. අහන්නට ලැබුණේ එහි විනාඩි දහයක පමණ කොටසක් වීම එක්තරා ආකාරකින් හොඳය. නැතිනම් සිකුරටම මගේ හොඳ ලේද නරක් වන්නේමය. පළමු කොට මට ඇසුන කොටසෙහිදී ඔහු කීවේ ඝන දෙවියන් රවටා අපේ ප්‍රශ්න විසඳා ගැනිමට ඔහුගේ ආශිර්වාදය ලබා ගන්නා ක්‍රමයක් ගැනය. ඔහුට අනුව, “ඝන දෙවියන්ගේ නම් එකසිය අට එකදිගට කියාගෙන ගියහොත් දෙවියන් සතුටට පත්වී අපට අපගේ ප්‍රශ්න විසඳා දෙන්නේය“

ඝන දෙවියන්ට මෙය නිකන්ම කළ නොහැක. ඒ සඳහා දෙවියන්ටද දොලපිදේනියක් අවැසිය. හිනා යන කරුණ ඒ උදව්ව වෙනුවෙන් ඔහුට පුදනා දෙයය. එනම්, අර කී නමින් නමට ඔහුගේ රුව ඉදිරියේ කියන වාරයක් ගානේ ඝන දෙවියන්ට සීනිබෝලයක් හෝ ටොෆියන් තැබිමයි.... අර දේශකයා කියන දෙල ඕනෑම කෙනෙක්ට මිහිරිම වචනය තමන්ගේ නමයි. ඉතිං නම් 108 ක් ඇති ඝන දෙවියා, කෙනෙක් තම නම් 108ම එක දිගට කී පමණින් අමන්දානන්දයට පත් වී ඔහුගේ හෝ ඇගේ ඉල්ලිම ඉටු නොකරාද.....? හි හි හී........


 අවසානයේ නම් එකසිය අටත් කියා පිදූ ටොෆි ටික පොඩි ළමයින්ට කන්න දෙන්නේය.... අපියෝ දෙවියන් රැවටූ හැටි කදිමය.... මේ ලංකාවට චීනෙන් ආනයනය කළ ෆෙන්ෂුයි රහස්ය. ඊටත් එහා ගිය කරුණ, අර නම් 108ම ලියූ පොත මේ විසිතර කියන දේශකයා සතුය. එය ඔහුගෙන් මිලදීගත යුතුය. එමතුද නොව පෙබරවාරි 16 දක්වා ලංකාව පුරා ඔහු නගර ගණනාවක ෆෙන්ෂුයි රහස් ගැන දේශන පවත්වනවා ඇත. එහිදී තව තව යන්තර මන්තර සිය ගණන් පැය ගානට කියා දෙනු ඇත. ඒවා නිකන්ම ඉගෙනීමට බැරිය. මිල ගෙවා අසා දැනගත යුතුය.

අපේ රටට දෙවි දේවතාවුන් ගොඩබැස්සේ ඉන්දියාවෙනි. “සමන්“ කියා දෙවියෙක් අපේ රටේද හිටි බව කියතත් ඔහුගේ අඩවියේ ඇත්තන්ට හැර ලංකාවට ඔහුව මතක් වන්නේ ශ්‍රී පාද කාලයටත් බුදුරදුන්ගේ ශ්‍රී පාද ගමනය යෙදෙන පෝයටත් පමණි. කෙසේ වුවත් මා කියන්නට ආ කාරණෘව ඉන්දියාවෙන් ආනයනය කළ දෙවියන් ගැනය. ඔය අතරින් පැරණි පළමු දෙවියා මහාබ්‍රහ්ම වුවත් වෛදික යුගයෙන් පසු ඔහුගේ බල බිඳී විශ්ණු ශිව ආගමනයෙන් පසු ඔහු යල් පැන ගියේය. පසුකාලින තරඟය තිබුණෞ විශ්ණු ශිව ආවතේවකරුවන් අතරේය.... කොහොමින් කොහොම හරි ඔය දෙවි දේවතාවුන් පවුල් පන්සල් වී දරු මුණුපුබෝර හැදුණෝය.... ඝණ එහි ප්‍රතිඵලයකි. (මිනිසුන්ගේ දේව විශ්වාසයන්ට පහර ගැසිමට මට අයිතියක් නැත. එය ආචාර ධර්මයන් කෙළසා ලිමකි. එනිසා මෙම කතාව කපා කොටා සංස්කරණය කර ඉදිරිපත් කරමි)

කෙසේ වැතත් සාධක ලැබෙන පැරණිම යුගය ගැන කියන්නේනම් අපට ඉන්දුනිම්න ශිෂ්ටාචාරයෙන්ද ලැබෙන්නේ ශිවට සමාන පශුපති මුද්‍රාව පමණි. ඊට අමතරව එහි තිබුණේ මාතෘ දේවතා ඇදහිල්ල ගැන අති මහත් වූ සාධක ගොඩක් පමණි. කොහොමින් කොහොම හෝ මේ යුගයට පසු ඉන්දියාවට කඩා පනින ආර්යයන්ගේද දරු මුණූපුරෝ පසුකාලින දෙවිවරු ගැන සංකල්ප ඉන්දියාවට ගෙනාවා විය හැක. ලංකාවට විඩින් විඩේ ආගිය ඉන්දියාවේ ඇත්කන්ගෙන් අපි එම සංකල්ප බදා ගතිමු. දැන් මේ කතා කරන්නේ ෆෙන්ෂුයි සමග කියාදෙන ඝනේෂ රැවටිම ගැනය ...... ඒ ක්‍රමේ චිනද ජපන්ද කියා මේ තත්පරේට මට අමතක විය.... 



ලංකාවේ මිනිසුන් මන්දමානසික තත්වයට පත් කර උන්ගේ දුක තුළින් මුදල් කඩා වඩා ගන්නා අර දේශකයාණෝ වැනි මෙවන් මිනිසුන් ගැන පුදුම විය නොහැක. දෙරණේ පෙන්වූ රූප රාමු, දර්ශන තල තුළ සිය දහස් ගණන් මිනිසුන් ෆෙන්ශුයි රහස් දැන ගැනිමට ගොස් ශාලාවල පිරී සිටියාහ...... අනේ අපොයි ආසියාවේ ආස්චර්යය හැර මෙය වෙන කවරක්ද?

මා දන්නා තරමින් සන්නිවේදනය ඇරඹුනේ අද අපි ගල් යුගග යැයි කියනා “පැලියෝලිතික යුගයේ“ පූර්ව භාගයේය. එනම් මානවයා මානවයා ලෙස පරිණාමය වු මුදු අවධියේය. එකල සන්නිවේදන කර්තව්‍ය ක්‍රියාත්මක වූයේ සාමුහික ජන පිරිසකට සිය දෛනික දිවියේ උපකාර අවශ්‍යතා අවැසිකම් පදනම් කරගෙනය. කලාව බිහි වූ පසු කාලයේ (එය තිර ලෙසම කලාව ලෙස හඳුනාගෙන නොතිබුණු, ඇදහිලි විශේෂයක් ලෙස සිදුවූ) එකී සන්නිවේදනය තව තවත් විකාශනය විය. අද අප සිටින්න කලියුගයේ (ඍෂිවරු කියන දෙස ඒ යුගය දැන් එළඹී ඇතිවා නිසැකය) සනමාධ්‍ය ක්ෂේත්‍රය බොහෝ මාර්ග අතික්‍රමණය කර ඇත.

එය එසේ වු පළියෙන් ජනමාධ්‍ය තුළින් වැරුද්ද තුළින් මිනිසුන් ගලවා ගනු වෙනුවට වැරැද්ද මුළාව ප්‍රෝඩාව ව්‍යාප්ත කෙරුමට මිත්‍යාමතධාරීන්ට අවස්ථාව දීම උචිතද......?

දෛනික දිවියේ වැඩ හමාර කරමින් ගෙවල් වලට වි සිටිනා ගෘහනියන් උදැසන 9 - 12 අතර කාලය තුළ රූපවාහිනී තිරයේ බලන්නට ඇති අන් යමක් නැති හෙයින් බල බලා පසුපස හඹා යනු ඇත්තේ මෙවැනි මුලාවන් විය යුතුය.... අර කී දේශන ශාලා පිරී තිබුණේ එම ලාංකේය අම්මලා නැන්දලා නංගිලා පරපුරෙන් විය හැකිය....

අනේ ඝන දෙවියනි...., ඔබට මොවුන් අද ටොපිය පෙන්නා රැවැට්ටුවා විය හැක.... ඒත් හෙට.....  හෙටක් නැති බව අමතක විය

Comments
11 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

11 comments:

  1. දෙවියන්ට පින් දීම හැර පිහිටක් බලාපොරොත්තු නොවන බැවිනුත්, කල යුතු වැඩ පසෙක තබා සියල්ල දෙවියන් පැමිණ කර දේවි යන විශ්වාසයෙන් බැහැරව සිටින බැවිනුත් මේවායින් මට කමක් නැත.. එමෙන්ම මා ටීවී බැලීම නවතා බොහෝ කල්ය...

    ReplyDelete
  2. දෙවියනි ඔබ කොහෙද ?:D

    අපිටනම් ඉන්නේ සර්වබලධාරී එකම දෙවිකෙනෙක් පමණයි

    ReplyDelete
    Replies
    1. හ්ම්.... බෞද්ධ අපිට බුදුන්ට වඩා ඉහළ දෙවි කෙනෙක් නැති වුණත් මිනිස්සු අද හිතන් ඉන්නෙ ණයට ගත්තු හිංදු දෙවියො තමයි සිතූ පැතූ හැම සම්පතක්ම දෙන්නෙ කියලනෙ අයියේ

      Delete
  3. ඔය එක එක ජිල්මාට් කාරයින් සල්ලි වලට වේලාව වෙන්කරවාගෙන දෙසනවා.ප්‍රශ්නේ ෆෙං ෂුයි කියන්නේ චීන සංකල්පයක්.ඔය යිං හා යැං බලවේග එක්ක කරන දෙයක්.තව තියෙනවා.ඒකට හින්දු විශ්වාසයක් වෙන ගණ දෙවියො එන්නේ කොහොමද කියන එක.ඔය නම් 108 පොඩ්ඩක් ඕනම නම් හොයලා බලන්න කෝවිලක පූසාරී කෙනෙක්ගෙන්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.... අල්පේච්ඡ ථේරවාදය අත්හැර ලෞකිකත්වයට බර වැඩි ෆෙන්ෂුයි පස්සෙ මිනිස්සු රැළට දුවනවා. දවසක් රේඩියෝ එකේ වැඩසටහනකට කතා කරපු ගෑණු කෙනෙක් කියනව ඇහුණා..., දහම් පාසල් ගියත් අපි කවදාවත් මේ වගේ උතුම් ධර්මයක් ඉගෙනගත්තෙ නෑ කියලා. ඒ කීවේ ෆෙන්ෂුයි ගැන..

      අන් මංදා කාගේ වරදද කියලා.

      අර ඝන දෙවියන්ගෙ නම් එකසිය අට අර දේෂකයා ලියපු අලුත්ම පොතේ තියෙනවය, ඒ පොත මිලදි ගන්නය කිවනේ :) හි හී.... ඝන දෙවියන්ගෙ නමුත් හෙන මිලයි නෙව

      Delete
  4. එදා ඉදන්ම අපි කොලේ අනුන්ගේ ටොපි කාපු එක තමයි අප්පා

    ReplyDelete
    Replies
    1. අදනම් ඒක හොඳට මාකට් කරන්න පුළුවන් සිස්ටම් එකක්

      Delete
  5. විශ්වීය ඥයානය කියන දෙටනම් ඔය සාර්ථකත්වය කියන දේ ගෙනත් දෙන්න පුළුවන් .. එකට යටි සිතට ධනාත්මක චින්තන රූප මාධයෙන් ඇතුල් කරන්න ඕනි ...

    ඔක්කොම රෙද්දවල් වලට ඉතින් චීනෙන් නේ ආධාර .. ආශ්චර්යේ තමා .. *_*

    ReplyDelete
    Replies
    1. පළමුවැනි කාරණේ ගැනනම් මට මෙලෝ දැණුමක් නැත.
      මේ දෙවැනි කාරණය ගැනය....,

      රටේ එකාලගෙ තඹ සතේ පවා සල්ලි පශ්චාත් යටත්විජිතවාදී ප්‍රයෝග වලින් චීනුන්ට අපේම උන් පටවද්දි, මෝඩ ගෑණූ මිනිස්සුන්ගෙ ඉහමොළ අස්සට මැටි රිංගවලා උන්ගෙ ඉතිරි වෙලා තියන හොඳ සිහියත් නැත්තටම නැති කරන්න චීන විප්‍රකාර ගෙනෙන්නේ අපේ රටේ එකාලමයි. නැද්ද හා....?

      Delete
  6. ඔය ටොපි,සීනි බෝල එහෙම අර රුපියලට දෙකට ගන්න පුළුවන් ඒවා නෙමේ. ;)

    හරි වැරැද්ද හොයාගන්න බැරි ලෝකයේ මිනිසුන් නොමග යාම පුදුමයක් නොවේ..
    මම නං TV බලන්නේ බත් ටික බඩට දාගන්න වෙලාවට විතරයි.එත් බලන්නේ නෑ නේ.කොච්චි එහෙම කැවුනොත් කියලා.අහනවා විතරයි.

    ReplyDelete