Monday, July 1, 2013

ආන්ද්‍රා ප්‍රදේශයේ ගෝත්‍රික ජනයා

ඉතා පොහොසත් සංස්කෘතික උරුමය, සරල ජන ජීවිතය, පැරණි මානව සමාජයන්හි නූතන පැවැත්ම ආදිය හේතුවෙන් ආන්ද්‍ර ප්‍රදේශ් එක්තරා සුවිශේෂීත්වයක් දරයි. තවත් ලෙසකින් කියන්නේනම්, මෙම ප්‍රදේශය නිජබිම් කරගෙන වාසය කරන්නාවූ ගෝත්‍රක ජනයාගේ චාරිත්‍ර, පූජාවිධි, වාණිජ ක්‍රමවේද, උත්සව ආදී ගෝත්‍රිකයන්ටම අනන්‍ය අංශ හේතුවෙන් එම කලාපය මානවවංශවිද්‍යාව කෙරෙහි ආකර්ශනයක් පිළිබිඹු කරන්නාවූ පුද්ගලයින් තුළ උත්තේජනයක් සහ උනන්දුවක් ඇති කරවයි. 


වර්තමානයේ මෙම ප්‍රදේශයේ ගෝත්‍රිකයින් ලක්ෂ 32ක් පමණද, සංචාරක ගෝත්‍රිකයින් සහ වෙනත් නොදියුණූ ජන කණ්ඩායම් ලක්ෂ 50ක් පමණද දැකිය හැකිය. ඔවුන්ගේ වාසස්ථාන ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම්, බෙංගාල බොක්ක ප්‍රෙද්ශයේ Sirikakulam, Khammam වැනි දිස්ත්‍රික්කයන්හිද Godavari ප්‍රදේශය, Adilabad දක්වා වෙරළබඩ සහ කඳුකර ප්‍රදේශ මුල්කරගෙන පැතිරී සිටිනු දක්නට ලැබේ.




ආන්ද්‍රා ප්‍රදේශ්හි ගෝත්‍රිකයන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ කඳුකර සහ වනගත ප්‍රදේශ වලයි. පොදුවේ ගත් කල්හි ඔවුන්ගේ භෞතික ස්වරූපය උසින් අඩු ස්ථුල බවක් නිරූපණය වේ. දිගටි හිස් සහිත අතර ඝන ඇහි බැමි වලින් යුක්තය. නෙරා ආ මුඛයක්, කෙටි නාසා,සුදට හුරු සමේ පැහැයක් සහ රැළි සහිත කෙස් වලින් යුක්ත වේ.


ආන්ද්‍රා ප්‍රදේශයේ ගෝත්‍රිකයෝ

මෙහි වාසය කරන ගෝත්‍රික පිරිස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි.
1.       වර්තමාන කඳුකර කලාපය හරහා ඩෙකෑන් සානුව සහ ගෝදාවරී ක්‍රිෂ්ණ ගංගා අතර කලාපයේ වාසය කරන්නන්.
2.       Sirisailan කඳුකර කලාපයේ Chenchu ගෝත්‍රිකයෝ.
Bhadrachalam හා Simhachalam කඳුකර කලාපයේ Gadabas, Savaras, Koyas ආදීහු මොංගොලොයිඩ් හා ඔස්ට්‍රොෙලායිඩ් ලක්ෂණ දරයි. ආන්ද්‍රා ප්‍රදේශ්හි දිස්ත්‍රික්ක අටකින් ගෝත්‍රිකයින් වර්ග තිස් තුනක් හඳුනාගත හැකිය. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ Khonds, Kolamis, Nayakpods, Koyas, Kondadoras, Valmikis, Bhagtas, Savaras, Jatayus, Gadabas, Yanadis හා Chenchus යන ගෝත්‍රයන්ය.



තවද ඇතැම් සංචාරක ගෝත්‍ර ලෙස Piccukaguntlu, Balasanta, Saradakandru, Virmushtivaru, Bavanilu, Birannalavaru, Kommuvaru සඳහන් කළ හැකිය. මෙම තෙළිඟු සංචාරක ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන අර්ථ ක්‍රමය වන්නේ කවි කථා ගායන ඉදිරිපත්කිරීමෙන් ඉපැයීමයි.


ආන්ද්‍රා ප්‍රදේශයේ ගෝත්‍රිකයන්ගේ සංස්කෘතිය

ඔවුනට කාලාන්තරයක් තිස්සේ වන්දනාමාන කරන ලද, සොබාදහමෙන්ම හුරුකරගත්, ඔවුන්ගේම දේම මණ්ඩලයක් සිටින අතර විවිධ දෙවි දේවතාවුන් වන්දනය කරයි. ඔවුන්ගේ ප්‍රීති උත්සව වලදී ඔවුනටම ආවේණික චාරිත්‍ර විධි අනුගමනය කරමින් මෙම වන්නයන් සිදු වේ. මෙම කලාපයේ ගෝත්‍රිකයන්ගේ භාශාව විධිමත් අක්ෂර ක්‍රමවේදයකින් තොර වේ. තවද එම භාෂාව මුඛ පරම්පරාගතව පමණක් මේ තාක් දුරට ජන වහරේම පැවතියකි. මෙම ගෝත්‍රිකයන්ටම ආවේණික මුලබැසගත් සම්ප්‍රදායන් වේ. ඔවුන් එම සම්ප්‍රදායන් සහ සමාජ නීතීන් දැඩිව පිළිපදී. ගෝත්‍රික සමාජයේ නායකයා ඉතා වැදගත් චරිතයක් ලෙස හැඳින්විය හැකිය. සමාජයේ සෙසු ජනයා ඔහුට අවනත විය යුතු අතර සිය සමාජයේ ප්‍රමුඛ අනන්‍යතා පාලනය කෙරෙනුයේ ඔහු විසිනි. ස්ව විනෝද ක්‍රීඩා සඳහා ඔවුන් සතුටින් සහභාගී වන අතර එහිදී ගායන නර්තන සිදු කරයි. Yanadis, Chenchus, Koyas, Svaras, Konds වැනි පිරිස් සිය ගෝත්‍රික පිළිවෙත් අනුවම වාසය කරති. ඔවුන් සරල, කෘතිම බවින් තොර, නිර්ව්‍යාජ මිනිසුන්ය.



ආන්ද්‍රා ප්‍රදේශයේ ගෝත්‍රිකයන්ගේ වෘත්තීන්

සමහර ගෝත්‍රික පිරිස් වෙළඳ හා වාණිජ ක්ෂේත්‍රයේ රැකියා කරති. ඔවුන්ගේ ගැහැණු පිරිස් පැල්පත් ආශ්‍රිතවම වසමින් කළ හැකි සෙල්ලම්බඩු නිෂ්පාදනය, කූඩ නිෂ්පාදනය, පැදුරු නිෂ්පාදනය, සුවඳවිලවුන් නිෂ්පාදනය වැනි දේවල නිරත වෙති. මොවුන් සංචාරක ගෝත්‍ර වන අතර කාලගුණ විපර්යාස සමග වාසස්ථාන වෙනස් කරති. තමන්ට ආවේණික වූ රටාවකට ජීවත් වීමට රුචිකත්වයක් දරන්නාවූ මොවුන්ගේ ජීවිතයේ දුෂ්කරතා මගහැරවිමට ඔවුන්ගේ විනෝද ක්‍රීඩා රුකුලක් කර ගනී.



තෙලිඟු නොවන ගෝත්‍ර අතරට Lambadis (Sugalis/Banjaras) විශේෂයෙන් වැදගත් වේ. සංචාරක දිවියත් සමගම මෙම ගෝත්‍රිකයින් ඉන්දීය උපමහාද්වීපයේ දකුණට කණුඩායම් ලෙස විතැන් විමක් සිදුව ඇතැයි මතයකි. ඔවුන් සමහරක් වාසය කරන්නේ ඉතා දුෂුකර කලාපයන්හිය. සංචාරක වෙළඳාමෙන් දිවි ගෙවන පිරිසක්ද මේ අතර වේ. තව පිරිසක් Are නම් වන අතර මරාටි හා තෙලිඟු මිශ්‍ර උපභාෂාවක් මොවුන් ව්‍යවහාර කරයි. ඔවුන්ගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. ඔවුනට ඇත්තේ කථන භාෂාවක් පමණි. ප්‍රදේශානුරූපව මෙම ගෝත්‍රිකයන්ගේ ගති ලක්ෂණ හා චාරිත්‍ර විධි විවිධ වේ.




පෙර සඳහන් කළ සාධක පුරාවිද්‍යාවේදී වැදගත් වන්නේ පැරණි සමාජයන්හි ව්‍යූහය අධ්‍යයනයට මෙන්ම පැරණි සමාජ අර්ථනිරූපණය උදෙසා වත්මන් ප්‍රාථමික ගෝත්‍රික ජනාවාස වලින් ලැබෙන ජීවමාන දත්ත රැසක් ඉවහල් කරගත හැකි වීම හේතුවෙනි. මෙම ලිපි පෙලෙහි ඉදිරි ලිපි ඇසුරින් සාකච්ඡා කෙරෙනුයේ පූර්ව ලිපි මගින් දැණුවත් කළ න්‍යායන් භාවිතයෙන්, ඒවා පවත්නා ගෝත්‍රික සමාජ සඳහා ආදේෂනය ඇසුරින් ගොඩනගාගත හැකි පැරණි සමාජයේ පිළිබිඹු පිළිබඳවය. සමස්ථයක් ලෙස ගත් කල්හි ආන්ද්‍රා ප්‍රදේශයේ ගෝත්‍රික සමාජවල දළ හැඳින්වීමක් මෙහි පහත විස්තර විය.

 එම කරුණු www.indianetzone.com ඇසුරින් සිංහලයට පරිවර්තයක කෙරුණකි.
Comments
9 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

9 comments:

  1. ඉතාමත් අගේ ඇති විස්තරයක් සිත්තරියේ. මට යළිත් වතාවක් තෙළිගු අධිරාජ්‍යයට ගියා සේ හැගුමක් ඇති වුණා. අද අන්ද්‍රාප්‍රෙද්ශ් යනු ඉතා දියුණු පළාතක් වුවත් මේ සා දුක් විඳින ගෝත්‍රිකයන්ද බොහෝ සේ ඉන්නවා. ක්‍රිෂ්ණා ගං දැලේ ඇවිද ගිය මා දවසක් මේ ගෝත්‍රික ජනාවාස වල ඇවිදගිය අයුරු යළිදු සිහිපත් වුණා මේ සටහනෙන්.

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි කවද හරි ගිහින් දැක බලාගෙන එන්න. ඉන්දියාව කියන්නෙ මහ පුදුමාකාර ආකර්ශනීය කලාපයක්

      Delete
  2. අන්ද්‍රා ප්‍රෙද්ශය දැක මා නිද්‍රාවට පත් වුනා.. ;)

    ජය !

    ReplyDelete
    Replies
    1. විහිළුවටද මංදා මේක කිවේ.... :)

      Delete
  3. අන්ද්‍ර ප්‍රදේශ් කේරළ වැසියන්ට ඉතාම ප්‍රයෝජනවත් ප්‍රාන්තයක් බව ඔබ දන්නවාද?

    ReplyDelete
  4. මේ බ්ලොග් එකේ නම වෙනස් කරලනේ!

    ReplyDelete
    Replies
    1. ඔවු වෙනස්කම් කිපයක් කළා

      Delete
  5. සිත්තරී මං කියන තැන ටැග් එකේ විදිවිද කියලා වැරදියට තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමද? තෑන්ක්ස් අයියේ... හදමි

      Delete

 
There was an error in this gadget