තීර්ණ හැදුනෙ
තනියම. තනියම කිවට අම්මයි තාත්තයි එයාට හිටියා. ඒ හිටියෙත් ඉරත් හැංගිලා හඳත්
නැගුණු වෙලාවට විතරයි. ඉස්කෝලෙ යාලුවො ගොඩක් හිටිය වුණත් තීර්ණට ගොඩක් වෙලාවට ඒ අයත්
එක්ක එකට ඉන්න බැරි වුණා.
එයාට නොදැණිම
ලොකු පාළුවක් එයාගෙ හිතට ආපු නිසයි එහෙම වුණේ. යාලුවෝ නිතරම විස්තර කීවා එයාලගෙ
නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගැන. තීර්ණට ඒ වගේ විස්තර මොකුත්ම තිබුණෙ නැහැ
යාලුවො එක්ක රස කර කර කියන්න. යාලුවො එක්ක පිට්ටනියෙ කොණක තිබුණු ගිරා අඹ ගහ යට
හෙවනෙ, ගැට අඹ කට ඇඹුල් කර කර කන හවස් වරුවල හිනාවෙන් පිට්ටනියම පිරුණෙ මේ රස
කතාත් එකතු වුණ නිසා.
ගොඩක් දවස් වල
තීර්ණත් කතාවක් කියන්න ඕන කියල හිතල කට හදා ගත්තත් ආයෙම ඒ අදහස එයා වෙනස් කරගත්තා.
තීර්ණට බය හිතුණ කතා කරන්න. යාලුවො එයාට ඇහුම්කන් දෙයිද, එයාට විහිළු කරයිද, එයාට
හරියට කතා කියා ගන්න පුළුවන් වෙයිද කියන බය තීර්ණගෙ හිතේ හොල්මන් කළා. මේ සේරටම
වඩා තීර්ණ ගොළු වුණෙ වෙන දෙයක් නිසයි. " මං මොනව ගැනද කතා කරන්නෙ....? " කියන ප්රශ්නය
තීර්ණව තව තවත් නිහඬ ළමයෙක් කළා.
තීර්ණ ටිකෙන්
ටික යාලුවො එක්ක ඉන්න කාලය අඩු කරන්න ගත්තා. ඒ වෙනුවට එයා කළේ ටික ටික එයාම
හදාගත්තු එයාටම වෙන් වුණු ලෝකෙකට යන්න. තීර්ණගෙ ගෙවල් තිබුණු බංගලා වත්ත පාරෙ
කෙළවරේම තිබුණ විසාල නුග ගහක්. තීර්ණ වගේ දහ දෙනෙක් හිටියත් බදාගන්න බැරි තරම් මේ
නුග ගහේ කඳ සද්දන්තයි. දිගට දිගට වැල් එල්ලිලා පළාතම කළුවර කරන් හිටපු මේ නුග ගහ
යටින් තීර්ණටම කියාපු හොඳ නවාතැනක් හම්බවුණා. ඒ නුග ගහේ පහළ තිබුණු ගහේ කඳෙන්ම වටවුණු
බෙණයක් වගේ තැනක්.
යාලුවො එක්ක හිටපු
වෙලාවල් වලදි අගුළු වැටිල තිබුණු තීර්ණගෙ හඬ අවදි වුණේ මේ නුග ගහ යටදි. මුලින්ම
තීර්ණ කළේ නුග ගහේ ඒ කළුවර මුල්ලට වෙලා ඔහේ හිත හිත හිටපු එක. එයා හිතුවෙ මොනවද
කියන්නවත් දන්නෙ නැති වුණාට ගොඩක් අය එක්ක ඉන්නවට වඩා තනියෙන් එතන එහෙම ඉන්න එක
හොඳයි කියල එයා දැනන් හිටියා. කොයි වෙලේ වචනයක් වරදීද කියල බයක් ඒ ගහ යටදි තීර්ණට
තිබුණෙ නැහැ.
ටික දවසක්
යද්දි තීර්ණටත් නොදැණිම තීර්ණ කතා කරන්න පටන් අරන්..... තීර්ණට යාලුවො ගොඩාක්
හිටියා. සමනල්ලු, නුග ගහ වටේ දුව පැන ඇවිදින ලේන්නු, කිචි බිචි ගගා කොච්චරවත් කැ
ගහන දෙමලිච්චො රංචුව තීර්ණගෙ හොඳ යාලුවො වුණා. තීර්ණ කතා කළේ ඒ අයට....
හවස් වෙනකන්
කවුරුත් තීර්ණගෙ ගෙදර නැති නිසා තීර්ණට බයක් තිබුණෙ නෑ කවුරුත් එයා නැතිව බය වේවි
කියලා. ඒ වෙනුවට එයා අරන් එන බත් ඇට ටික කන්න බලන් හිටපු සත්තු යාලුවො ගොඩක් තීර්ණට
ලැබුණා... තීර්ණ එද්දි මුලින් සෙල්ලම් පැත්තක දාලා හැංගුන ලේන්නු දෙමලිච්චො දැන්
තීර්ණ ඈත වංගුවෙන් මතු වෙන වෙලාව ඉවෙන් දන්න නිසාම පෙරමග බලන් ඉන්න පුරුදු වෙලා
තිබුණා.
නුග ගහේ බිමටම
නැවුණු වැල් ඇඳක් වගේ තිබුණ අත්තෙ දිගා වුණාම නුග ගහේ කොළ අතරින් තීර්ණ අහස දැක්කා....
විටින් විට නිල් සුදු අළු කහ තැඹිලි රන් දම් පාටින් හැඩ වැඩ වෙන අහසත් තීර්ණගෙ හොඳ
යාලුවෙක් වුණා. ඇයි එතකොට වෙලාවකට උණුසුමයි වෙලාවකට සීතලයි තව වෙලාවකට හිරිකඩයි
තවත් වෙලාවකට දූවිල්ලයි ගේන හුළඟ.... මේ හැම දේ එක්කම තීර්ණ කතා කළා....
තීර්ණට දැන්
එයා කියන දේවල් අහන් ඉන්න ගොඩක් අය ලැබිල. තීර්ණ හරි සතුටෙන් හිටියෙ. තීර්ණ ඒ
යාලුවො එක්ක කතා කරන්න බය වුණේ නැහැ.මොකද ඒ අය හැමෝම තීර්ණ කියන දේවල් අහගෙන හිටිය
වගේම තීර්ණ කියන දේවලට හිනා වුණේ නෑ... ඔච්චම් කළේ නැහැ.
ඔහොම කාලෙ
ගෙවෙද්දි නිර්මාණ තරඟයකට රචනා දාන්න අවස්ථාවක් තියෙනවා, කැමති ළමයින්ට ඒ වෙනුවෙන්
ලියන්න පුළුවන් කියලා සර් තීර්ණලාගෙ පංතියේ ළමයින්ව දැණුවත් කළා. එදා හවස තීර්ණ
නුග ගහ යටට ගියේ පොඩි සටහන් පොතකුයි පැන්සලකුයි අරගෙන. තීර්ණව වටකරගත්තු
දෙමලිච්චන්ට බත් ගෙනියන්නත් තීර්ණ අමතක කළේ නැහැ. පුරුදු විදිහට යාලුවන්ට කෑම
දුන්නු තීර්ණ නුග ගහේ වක ගැහිල ගිය ලොකු මුලක් ගාව ඉඳගෙන මුලට හේත්තු වුණා. සටහන්
පොත දිගෑරලා ලියන්න යන රචනාවට නමක් කල්පනා කරන්න උත්සාහ කළා. එහෙම හිත හිත ඉන්න
අතරෙ පුරුද්දට වගේ අහස බැලුණ ගමන් තීර්ණට කල්පනා වුණා හොඳ මාතෘකාවක් එයාගෙ
රචනාවට......
"මම
කුරුල්ලෙක් නම්"
තීර්ණ ලියන්න
පටන්ගත්තා.... දෙමළිච්චො රංචුව උඩ පැන පැන තීර්ණ වටේ රවුම් ගගහ හිටියත් කිචි
බිචියනම් ටිකක්වත් අඩු කළේ නැහැ.
මේ විදිහට කාලෙ
ගෙවිල ගියා. දවසක් සඳුද උදේ රැස්විම වෙලාවෙදි රචනා තරඟයක ප්රතිඵල ඇවිත් තියන බවත්
විදුහල්පතිතුමාගෙ කතාව අතරින් ඇහුණා. වෙනදට අහසෙ තියන වලාකුළු වලයි අද අහසෙ තියන
වලාකුළු වලයි වෙනස හොයන්න තීර්ණ අහස පුරා ඇස් දුවව දුවව හිටියෙ. එක වරම තීර්ණගෙ නම
විදුහල්පතිතුමාගෙ කටින් කියවෙනව වගේ තීර්ණට ඇහුණ. බල බල හිටපු දවල් හීනෙන් මිදුණත්
තිර්ණගෙ ඇඟ පුරා හීන් දාඩිය පාරක් දාගෙන ගියා. 'අන්න තීර්ණ ඒ ඔයා.... යන්න
යන්න....' තීර්ණගෙ පිටිපස්සෙන් පිටට අනින ගමන් කිප දෙනෙක් ඉස්සරහට තල්ලු කළ නිසා
තීර්ණ ඉස්සරහට ඇදුණත් කකුල් දෙකත් පණ නැති වෙනව වගෙයි දැණුනෙ.
'මේ දරුව
බොහොම අපූරු විදිහට රචනා තරඟෙට ලියල තියනවා. මුළු ලංකාවෙන්ම පළවෙනි තැන කියන්නෙ
අපේ ඉස්කෝලෙට ලොකු ආඩම්බරයක්....'
විදුහල්පතිතුමා
තව මොනවදෝ කියනව තීර්ණට ඇහුණත්, ඒ වචන කනට ඇතුල් වුණ බව දැණුනත් තීර්ණට පැහැදිලි
වුණේ නැහැ ඒ මොනවද කීවේ කියලා... ලොකු සභාවක් මැද්දෙ, ඒ කියන්නෙ මුළු ඉස්කෝලෙම
සෙනග මැද්දෙ හැමෝටම දැන් පේන්නෙ තමන්ව කියල දැණුනු නිසා තීර්ණ කලබල වෙලා හිටියෙ.
ඒත් යන්තමින් තිර්ණට මතක් වුණා එයා ලියපු රචනාව... "මම කුරුල්ලෙක් නම්"
තීර්ණ එදා
දවසම ඉවසිල්ලක් නැතිව බලන් හිටියෙ එයාට ලැබුණු ජයග්රහණය ගැන කොයි වෙලේ නුග ගහ යට
යාලුවන්ට කියන්නද කියලා....
පසුව ලියමි :
ලොකු ඈයන්ට ලොකු ලොකු කතන්දර කියල පොඩි ඈයන්ට පොඩි කතන්දර කියද්දි මොකද්ද මොකද්ද වගේ දැනෙනවා. හුරු වෙන්න ටික කාලයක් යයි. මේ මගේ පලවෙනි කතන්දරේ... සමාව භාජනේට දාලා රසයිනම් විඳින්න ඈ.....
ලස්සන නිර්මාණයක්..
ReplyDeleteස්තූතියි ඇනෝ....
Deleteඅක්කේ දන්නවාද නිර්මාණයක් පොඩි අයට කියලා වෙනම රස විදින්න හදන්න බෑ. මොකද ඒක හොද එකක් නම් ඕනෑම කෙනෙක්ට කිසිම බාධාවකින් නැතිව රස විදින්න පුළුවන්. අනික තමයි පොඩි කෙනෙක්ට නිර්මාණයක් කරන්න ලොකු අයට නිර්මාණයක් කරනවාට වඩා අමාරුයි ලු. මොකද අපේ හිතේ තියන හැම දෙයක්ම අපිට කියන්න බෑනේ. මට මේ කාරණා දෙකටම මතක් වෙන්නේ සිබිල් වෙත්තසිංහ නැන්දා. ඒ පොතක් අද උනත් මට ආසාවෙන් කියවන්න පුළුවන්. අනික ඒවා පුදුමාකාර සංයමයකින් ලියලා තියෙන්නේ. හැබැයි අක්කගේ පළමු පියවර නම් අති සාර්ථකයි අක්කේ.
ReplyDeleteමමත් ආසාවෙන් කියෙව්වා සිබිල් නැන්දගෙ පොත්. අපේ අම්මා ඉස්සර මට ඒව ගොඩක් අරන් දුන්නා. දුවන රැවුල, කුඩ හොරා, අයිස්පලම්, සාරිය..... අම්මෝ තව ගොඩා...ක්....
Deleteසාර්තක නිර්මාණයක්..!!
ReplyDeleteතෑන්ක්ස් නගා
Deletesuper
ReplyDelete:)
Deleteසුපිරි අක්කා
ReplyDeleteහරියට ඇනිමේෂන් ෆිල්ම් එකක කතාවක් වගේ.
තැන්ක්යූ වේවා.... :)
Deleteඇත්තමයි නිශාන් අයියේ. මටත් බලමු කෙටි චිත්රපටයක් සිහි උනා. :)
Deleteතනිකම කියන්නෙත් ලස්සන කතාවක් තමයි.
ReplyDeleteආපහු පුංච් කාලෙට ගිහින් පුංචි හිතකින් හිතල ලිව්ව ලස්සන කතාවක්. සුපිරියි ඇ
බොහොම ස්තූතියි... සමහරවිට තනිකම තුළින් කතා ගොඩක් කියවෙන වෙලාවල් තීනවා
Deleteහොදයි හොදයි ජය වේවා!!!
ReplyDeleteස්තූතියි :) :)
Deleteහොදා පළවෙනි කතාව නිසා කියෙව්වා.. හැක්...
ReplyDeleteදෙවෙනි කතාව නිසා ඊළඟ එකත් කියවන්ට
Deleteජය !
ReplyDeleteදන්නවද මම කුරුල්ලෙක් නම් - කූඩුවට වෙලා කකා බිබි ඉන්නවා !
පිනා වගේ ඉදිදි අම්ම ඇවිත් බබාට කවල යයි. කිරිල්ලියෝ ඉගි බිගි පාද්දී සැමා අයියට ඉවසුම් නෑ :D
Deleteඅයියෝ... පවු ඈ....
Deleteඅපේ සැලලිහිණියක් කුරුල්ලෙක් ඇවිත් කෝමින් කෝම හරි කැන්දන් ගියා. පස්සේ හරි සතුටින් පවුලක් හදන් ආය ඇවිත් අපිව බලල යන්න ආවා
ඇත්තටම හොද නිර්මාණයක් අක්කේ. ඇත්ත ලෝකෙත් ඔහොම දේවල් වෙන්න පුළුවන්. කොහොමත් තනියෙන් ඉද්දි නිර්මානාත්මක හැකියා පහල වෙනවා වැඩි.
ReplyDeleteතවත් සාර්ථක නිර්මාණ කරන්න ලැබේවා ;)
බොහොම ස්තූතියි අරවින්ද
Deleteමට හරි අමාරුයි මේ ශෛලිය
ලොකු අයට ලියනව වගේ නෙවේ මට හුරු නෑ :(
ඇත්තටම මට හිතුනෙත් ෆිල්ම් එකක් ගැන කියනව කියලා........................ඇත්තටම සිත්තරියෝ ලස්සනයි............
ReplyDeleteකාටුන් රූප ටිකක් වැටුනනම් සුපිරියි................එයා ගහ යට ඉන්න එකක් ආවනම් කථාවෙ රස කියල වැඩක් නැති වේවි.................
ස්තූතියි සිත්තමී... අනේ ඔයා මුනා කියනවද මේ පුටෝ ටික හොයාගන්නත් පුදුම දුකක් වින්දෙ.... මගේ හිතේ තිබුණු රූප නෙට් එකේ නෑ අෆ්ෆා... ගහ යන හිගාවෙලා ඉන්න විදිහේ එකක් මමත් හෙව්වා.. නමුත් ලැබුන් නෑ :(
Deleteලස්සනයි ... මෙ කතාව 3,4 වසරේ පෙළ පොතට දාන්න වටිනවා...ඇත්තටම ලස්සනයි අර්ථවත්...
ReplyDeleteකාටත් ගැලපෙනවා පොඩි අයට විතරක් කියල කියන්න නෑ...කාට වුනත් තිර්ණ වගේ තමන්ගේම ලෝකයක් හදාගන්න මෙ කතාව කියල දෙනවා..තමන්ගේ ලෝකය පොදු ලෝකයත් එක්ක එකතු කරන විදිය කියල දෙනවා..
කමෙන්ට්ස් දාන විදිහ වෙනස් කරලා, කමෙන්ට්ස් හොයාගන්න නැතිව දහ දුක් විඳල හොයාගත්ත අන්තිමේ ඔන්න......
Deleteමම හිතන් ඉන්නව පොත් ටිකක් ගහන්න මේක හොඳදෑ...........
ලස්සනයි අක්කේ..................1st eka unata eka godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak hodai,,,,,,,,,,,, :) ..........
ReplyDelete