Wednesday, June 20, 2012

වනචර ගමන්


මුල සිට අග දක්වා කියන්න තියෙන්නෙ වනචර දේවල්ම තමයි. කොහෙන් පටන් ගත්තත්, කොහෙන් ඉවර කළත් වනචර කම හැරුණු කොට වෙන කිසි දෙයක් නැ කියලයි හිතෙන්නෙ. ඒත් ඒ වනචර දේවල් වලට අපි කොච්චර ඇබ්බැහි වුණාද කියනවනම්, පැවතුණු අවස්ථාවෙ සිදුවීම් වචනයේ නියම අර්ථයෙන්ම අපට නොපෙනුනු ගානට ඉදල අපේ ශරිර දෙකේ උවමනාවන් සංසිදවගැනිම ගැන විතරමයි අවධානය යොමු කළේ. එහෙම කරද්දි හිතට ලොකු නිදහසක් දැණුනා. හේතුව වරදකාරීබව එළියට ඇදල ගත්තම කාපුවා වැමෑරෙන තරමේ නරකක් අපි තුළින් අපි දැක්ක නිසා. ඒ නිසා කවදාවත් අපි ශුද්ධවන්තයෝ වෙන්න බැලුවෙවත්, සිංහ හම් පොරවගත්තෙවත් නැ.. අපි කියන එක එක අතකින් හරිද මන්දා.
මම කිවොත් වඩාත් නිවැරදි වෙයි. මොකද කිසිම දෙයක්, හරි හෝ වැරදි කියන බෙදිම් දෙක අතරෙන් දෙපැත්තට වීසි වෙන කිසිම කිසි දෙයක් ගානකට ගන්න එපා කියල මට කීවෙ එයා. අටුවාටීකාටිප්පනි නැතිව කිවොත්, අපි කරන කිසි දෙයක් වරදක් කියල නොහිත අවශ්‍යතාවය මත කරන්න කිවෙ එයා. දවස් ගානක් හාමත් වුණ උණ ලෙඩෙක් හිමින් හිමින් කෑමට හුරු වෙනව වගේ මුලදි මමත් ඇද ඇද ඉදල පස්සෙ එයාගෙ ක්‍රමේට හුරු වුණා. මමත් මගේ හිත කියන දේ නෙවේ, ඇගට ඕන දේ කරන්න හුරු වුණා. ඉතිං අර නරකය කියල දකින දේවල් දිහා කට කොනින් හිනා වෙලා ගණන් නොගත යුතු දේවල් දිහා බලන විදිහට බලන්න මම හුරු කළා. එයා මාව හුරු කළා.

එයා කීවෙ සමන්... සමන්... මම ඒ නමට ගොඩක්ම ආස කළේ එකම එක හේතුවක් නිසා. ඒ මගේ ජිවිතේ මුල්ම කොල්ලගෙ නම සමන් නිසා. සමන් සමන් සමන් සමන්න්න්න්න්න්... ලොකූ හුස්මක් අරන් හෙමිහිට පපුව සැහැල්ලු කරද්දි දැනෙන සනිපෙ දැනෙනව මේ නම මතුරද්දි. අද වෙනකන් මම මේ නම කී පාරක් මුමුනලා ඇත්ද? ඒ මේ සමන් නිසා නෙවෙයි ඒ සමන් නිසා. ඒත් පස්සෙ පස්සෙ මුල් සමන්ව අමතක වුණේ දෙවෙනි සමන් නිසා. සමන් අංක එක... මට ලංවුණේ හදවතින් විතරයි. සමන් අංක දෙක... ශරිරයෙන් කොයි තරම් ළං වුණාද? ඒ තැන ගන්න වෙන කිසිම කෙනෙක් මේ වෙද්දිත් තවම සුදුසුකම් ලබල නැ. සමන් අංක දෙක.. ඒ තරම් මට විශේෂයි. ඒත් මම දන්නව, කවමදාකවත් මගේ හිතේ එයාටම කියල මම කිසිම විදිහක ඉඩක් වෙන් කළේ නෑ. එහෙම විශේෂ තැනක සමන්ව සිංහාසනාරූඪ කරවන්න මට කිසි උවමනාවක් තිබුණෙත් නෑ. 

අපි කියෙවුවෙ අපේ ඇඟවල් මිස හිත් නොවන බව දෙන්නම දැනන් හිටියා. එයාට කෙල්ලෙක් ඉන්න බව මම දැනං හිටිය වගේම, මගේ එකම කොල්ලා එයා නොවන බව එයාත් දැනං හිටියා. ඉතිං ගැටුමක් නෑ.. ප්‍රශ්නයක් නෑ... අඬා වැලපිල්ලක් නැ. ආදරේ හිඟමන් යදින්න ඔන කමක් නෑ. අපි අපිට අපිව.. අපේ ශරිර වලට එකිනෙකාව ඕන කරපු වෙලාවට සුළු දෙයයි කළේ.. පුංචි දුරකථන ඇමතුමක්... කවදද, කියටද, කොතන්ටද... 

කාටවත් නොපෙනෙන අදුරු අහුමුළුවල පැය කිහිපයකට සිතිවිලි වලට පියාඹන්න ඉඩ දෙන එක මහ ලොකු අරුමයක් වුණේ නෑ. මුල්ම දවසෙනම් මම කිව හැමදෙයින්ම පස්සෙ ඔයාගෙ මුන බලන්න මට හරි ලැජ්ජයි කියලා. ඒත් සමන්ගෙ මුණෙ උපහාසයෙන් මට තේරුණා මම හුරු වෙන්න යන ක්‍රීඩාව සම්මත සදාචාරවත්බවේ වචන තඹයකට මායිම් කරන්නෙ නැති බව.

අපි පැය ගණන් කතා කළා.. කතා කලේ මොනවද කියල මතක තැති තරමට එක එක දේවල් කතා කළා. ඒත් කිසි තැනක කිසි මොහොතක තමන්ගෙ කම රැදුනෙ නැති දුරස්ත බවක් තිබුණා. අපි වෙලාවක එකම කෙනා වුණත්... අපි අතරෙ කිසිම රහසක් නොතිබුණත්.. කොයි තරම් දේ කතා කළත්.. ඒ දුරස්ත බව හැමදාම එහෙමම තිබුණා. මම මේ ලියන ගමනුත් කල්පනා කරන්නෙ මගේ හිතේ ඇතිවුණු ඒ සිතිවිල්ල පැහැදිලිව කියන්නෙ කොහොමද කියලා. ඒකට හැඟීම් කිවොත් වැරදියි. හේතුව, රාගය කියන්නෙත් හැඟීමක් නිසා. අපි අතරෙ තිබුණෙ ආදරයනම් නෙවේ. ඒ වචනෙත් අදටත් විහිළුවක් වන තරමටම විකාරයක්. හරි, මෙහෙමයි... අපි අතරෙ තිබුණෙ අපි එකිනෙකාගෙ අවශ්‍යතාවය විතරයි. අපේ ශරිර විතරයි එකිනෙකාට ඕන වුණේ. එයාටත්, මටත්... ඉන් එහාට රික්තකයක්.. අපි දෝලනය වුණේ සීමාවක් තුළ අසිමාන්තික විදිහට. සිමාව අපි දැනන් හිටිය නිසා එකිනෙකාගෙ දුකකදි කරදරයකදි සාමාන්‍ය විදිහට අවස්ථාවට අනුව වචන හුවමාරු වීමක් මිස ආදරය කියන හැඟීම ඒ වචන වල ගැවිලා තිබුණෙ නෑ. 

මම සමන්ව මගහැරපු කාල වලදි එයා දැනගත්ත තාවකාලිකව මට පෙම්වතෙක් ලැබිල ඇති කියලා. සමහර අවස්ථා මම එයාට නොකිය හිටියෙත් නෑ. නොකිවයි කියල ප්‍රශනයක් වුණෙත් නැ. ඒ සම්බන්ධතා නැවතුණාට පස්සෙ අපි පුරුදු විදිහට වෙනද වගේ මුන ගැහුණා. ගැටුමක් නැ, කදුලක් නෑ, වේදනාවක් නෑ... තිබුණෙ අවශ්‍යතාවය.. අවශ්‍යතාවයම විතරයි.  අපිට අපි කොහොමත් බලපැමක් වුණේ නෑ. ඒ නිසා මම එයා ඉස්සරහ මොන විදිහකින්වත් කිසි බොරුවක් මේ දක්වා කරල නෑ. 

වගකිම්, යුතුකම්, කදුල, දුක, වේදනාව, රැවටීම්, සතුට... තාවකාලික වුණත් ඔය කොයි කොයි දේත් පිරුණු ඇත්තටම එළිපිට පවත්වගෙන යන සම්බන්ධෙකට වඩා අපි අතර තියන මොකද්දෝ දෙය කොයි තරම් සැහැල්ලුද කියල හිතුණු වාර අනන්තයි. සමහරවිට තැනින් තැන යන මගේ ජිවිතේදි එක තැනකට කොටු වෙන්න තිබුණු අකමැත්ත මත මේ දේවල් මෙහෙම වුණා වෙන්න ඇති. 

ඇත්තම කියනවනම් මේ ලියන මොහොත දක්වා මම එයාගෙ හරි නම දන්නෙ නැ. නමින් ඇති පලේ මොකද්ද.. එක අතකට ඒක දැනගත්ත කියල ඇති වැඩකුත් නැ.. සමන් මගෙන් ඉල්ලල තිබුණෙ එක දෙයයි.. 
"කවද හරි නම්බර් එක මාරු කළොත් එදාට අනිවාර්යයෙන් මට නම්බර් එක දෙනවා"

විරුද්ධ වෙන්න හේතුවක් මට තිබුණෙ නෑ. හිතන විදිහට ඇති වෙන එකකුත් නැ. 'එයා වගේ කෙනෙක්ව බලපත්‍ර දිලා මගේ ජිවිතේ සදාකාලිකව නවත්තගන්න මම හිනෙන්වත් හිතන්නෙ නෑ' කියල මම කිවට කවදාවත් එයා තරහ වුණේ නැ. මමත් එයාගෙ උත්තරේ දැනන් හිටියා. ඒ මම කියපුදේම ප්‍රතිරාවය. මට ඒකෙන් හිත් රිදීමක් ඇති වෙන්නෙත් නැ. හේතුව අපි දෙන්නම දන්නව අපි කවදාවත් වෙන් නොවන බව.. 

මුල් කාලෙනම් මම කිව සමන් අර අහිංසක කෙල්ලට දුක් නොදි මගෙන් ඈත් වෙලා ඉන්නවකො, මාව පවට සම්මාදම් කරගන්නෙ නැතිව කියලා. සමහරවිට මගේ පසුබැස්ම නිසාද මන්ද පස්සෙ පස්සෙ කෙල්ලෙක් දැන් නැති බව එයා කීවා. මාස අටක නිහඩතාවෙකින් පස්සෙ ආයෙමත් අපි මුණ ගැහුණ. පුදුගලික ජිවිතේ පැත්තකින් තියල වෘත්තීය මට්ටමින්... සමහරවිට ඒ වෙද්දිත් සම්මත සදාචාර මගේ හිතේ ඉතිරි වෙලා තිබුණනම් තත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. මාසෙ පඩිය ඉවරවෙන දවස්වලට සමන් මූන දෙක කරගත්ත මුනගැහෙන්න විදිහක් නැති නිසා. පස්සෙ කාලෙකදි මට ඒක සහනයක් වුණා ගොඩනගාගන්න යන බිඳිච්ච සම්මතයන් ආයෙම ඇතිකරගන්න මේක සටන් විරාමයක් වගේ වුණු නිසා. පස්සෙ පස්සෙ බලවත් ඇවිටිලි කිරිම් එක්ක දුරකතන සංවාද එක පිට එක ආවම පුරුදු අඩිපාරටම වැටුණා. 

නැවතත්... එකිනෙකාට නොපෙනෙන කළුවරේ අපේ සිතිවිලි නිදහසේ සැරිසරන්න දුන්නු අවසරයක්... අසම්මත පැය දෙකක්.. 

සමන් විසින් මට නොදැනෙන්න එලපු දැලක මාව හිර වෙලා බවනම් මට ඒ කාලෙ ඉදලම තේරිලයි තිබුණෙ. වෙන අයව මට එපා කරවීමටත්, ඔහුව ලංකර නොගැනිමටත් මුල් වුණු ප්‍රබලම දෙය සමන් වියාපු ඒ දැල. ඒක මොන තරම් දහන් ගැටයක්ද කියනවනම් මම විසින්මත් ඒ දැලේ තව තවත් එතුණා. මම හරියට කෝෂයක් ඇතුලෙ හිරපට්ටමේ බන්නව වගෙයි. මගේ වටේට සුදුපාට සෙවල වගේ ඝන දැල් වලින් කිටි කිටියෙ වෙලලා. මමම වෙලිලා. අපි අතරෙ මොන තරම් දේවල් වුණත්, මට මගෙන් එයාව දුරස් කරල නියමිත තැනක තියන්න පුළුවන් වුණත්, එයාව නීතිමය බලපත්‍රයකින් මගේම කරගන්න වුවමනාවක් මට කවදාවත් ඇති වුණේ නැත්තෙ මේ නිසයි.

අපිට මොකෝ කවුරු මොනව කිවත්.. කියපු ඒ වචන මම ඇට මිදුළු ඇතුළටම කාවද්ද ගත්තා. ඉතිං දැන් කවුරු ‍මොනව කිවම මොකද? කවුරු මොනව කිවත් අපිට අපි කැමති විදිහට ඉන්න පුළුවනි... බැඳිමක් නොමැති බැඳිමක් එක්ක.. කවදාවත් වේදනාවක් නැති සැනසිමක් එක්ක..

සමන්... මම කී වතාවක් නම් මේ නම මුමුනන්න ඇත්ද.....


*****************************************************

මේක ලිවෙ සෑහෙන කාලෙකට කලින්. මමත් එයාත් දැන් ජිවිතේ ගොඩක් දුර ඇවිත්. සැහෙන කාලයක් ගෙවිලා. තමන්ගෙ කමින් පිඩාවක් නොදැණුනු සැහෙන කාලයක් ගෙවිලා. 
මේක කියවලා ඉවරවෙලා සමන් එක දෙයක් කිවා. 
නිහඩතාවය තුළ ඉඳගෙනම අපි අපිව මේ තරම් කියවපු බව මම දැනන් හිටියෙ නෑ. ඹයා මේ ලියල තියෙන්නෙ එක අතකින් මම දැකපු ඔයාව. ලෝකෙ කාටත් වඩා අපි තෘප්තිමත් ඇති.. ඔයාට මොකද හිතෙන්නෙ..?
Comments
16 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

16 comments:

  1. aththatama me wage dewal wenawa

    ReplyDelete
  2. අසම්මතය විනිවිද,., ගොඩක් හොදයි ,., කියවන්න ආස හිතෙනවා ,., ජීවිත අත්දැකීමක්ද මේක,., ( ඇහුවට කමක් නැද්ද)

    ReplyDelete
    Replies
    1. ලියන්නනම් ඉතිං මොන විදිහෙ හරි අත්දැකිමක් ඕනනෙ යාලුවා. මගේම වෙන්නත් පුළුවන් වෙන කෙනෙකුගෙ වෙන්නත් පුළුවන්.
      ඒකෙන් විශේෂයක් නෑ මම හිතන්නෙ. ;)

      Delete
    2. ඒ අක්කේ ... මම මේක යේ කියෙවුවා.. මේකෙන් මොකක් හරි දෙයක් කියන්න හදනවද මන්දා.. මගේ මේ සුට්ටි මොලේට ඕක තේරෙන්නේ නැහැ

      Delete
    3. සුට්ටි මොළේ ලොකු වුණ කාලෙක ආයෙමත් ඇවිදින් බලල කියල යන්නකෝ........... :)

      Delete
  3. මිනිස්සු ඕනවට වඩා අවංක වුනොත් මේ සමාජ ක්‍රමය ඇතුලෙ යන්න හරි අම්මරුයි.හැබැයි ඕන දෙයක් වෙද්දෙන් කියලා කෙලින්ම කියන එක වටිනවා.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම හිතන නිසා කියනවා
      හැබැයි අම්ම දැක්කොත් මොනවා කියාද මංදා :)

      Delete
  4. 1.අපි බඩගින්නට කරන්නේ කන එක.
    අවශ්‍යතාවය - බඩගින්න
    අවශ්‍ය දේ - කෑම

    2.අපි ලිංගික ආශාව සදහා කරන්නේ ලිංගිකව එකතුවෙන එක.
    අවශතාවය - ලිංගිකව සම්බන්දවිම
    අවශ්‍ය දේ - විරුද්ධ ලිංගිකයෙක්.

    මේ දෙකේ වෙනසක් තියනවද...?

    ReplyDelete
    Replies
    1. ඔය කියන තර්කයට අනුව නම් වෙනසක් නෑ...ඒත් ඕක වෙනස් කියල හිත දන්නව නෙද?අහන්න දෙයක් නැ නේ.....

      Delete
  5. අපි හිතනවට වඩා අපේ සිතුවිලි සංකිර්ණයි. මේ වගේ අදහස් අනෙක් අතට සෘජු ප්‍රකාශන. ගහන්න ඔනේ ඉලක්කයට ගහනවා. බොහෝ ලේඛිකාවන් මේවගේ සාජු ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ ලංකාව ඇතුලෙ නම් ඉතාමත් කලාතුරකින්. අනෝමා ජනාදරී, සුනිලි අබේසේකර, සහ ස්වර්ණා මල්ලවාරච්චි යන ප්‍රසිද්ධ වරිත මෙවැනි අදහස් ලංකා සමාජයට දෙන්න හැදුවා. එයින් වුනසමාජය ඔවුන්ව වැරදි අයුරින් වටහා ගැනීමයි.

    අන්න ඒ සමාජ මතය වෙනස් වෙනව නම් මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. වැරදි අයුරින් වටහා ගන්නේ වැරදි සන්නිවේදනය නිසා....(පන්ඩිත විදියට කියනවනම්)...ඒත් ඇත්තටම වැරදි විදියට තෙරුම් ගන්නේ මෝඩ කම නිසා....තෙරුම් ගන්නාගේ මෝඩකම ඉස්මතු නොවීමට....ප්‍රඥාව කරාම ඔහු/ඇය ගේ සිත් මෙහෙය වීම ලෙඛිකාවක්(කලාකරුවෙක්)ගේ වගකීම නොවන්නෙද?

      Delete
  6. මට මතක් වුණේ No strings attached චිත්‍රපටය. ඒ තරම්ම සංස්කෘතියක් මේ රටේ නැතත් මේ වගේ දේවල් වෙනවා.
    සූස්ති කිවුව දේ හරියටම හරි.

    සමහර වෙලාවට අපිම දන්නෙ නෑ අපේ හිත අපිව හසුරුවන විදිය. අද මේ බ්ලොග් 1 ට ආවෙ. මේ නිදහස් සිතුවිලි වලට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා. ආයෙමත් එන්න..
      නිදහස් සිතුවිලි එක්ක නිදහස විදින්න...

      Delete
  7. මේ වගෙ දෙවල් කියන එක හොඳයි....අනේ ඒත්....මොහය ඇත්තා කෙසේ තෙරුම් ගනීද මෙය....
    ???
    සුත්තී අහපු දෙට ඔව් කියන අය කොච්චර ඉඳීවිද?
    ඇයි එහෙම ඔව් කියන්නේ?එය සොබාදහම අපට පවසන දෙයකි.සොබාදහම අපට නියොග කළ දෙයකි....සොබාදහමට අවශ්‍යය අයුරින් ජීවත් වීම මගින් විමුක්තියක් ළද හැකි වේද?

    (සතුටට වඩා කනගා‍ටුවකුයි මෙහෙම ලිපියක් කියවන්න ලැබීම ගැන ඇතිවෙන්නෙ මට.සුත්තී අසන දෙයට මිනිසුන් දෙන උත්තරය මත එය රඳාපවතී..
    ඔව් : නැහැ = කනගා‍ටුව : සතුට)

    ReplyDelete
  8. පිරිමි සමන්ලා වගේම ගැහැණු සමන්ලාත් ඉන්නවා.. සමහර විට පිරිමි සමන්ලාට වඩා අසංවේදී චරිත..

    ReplyDelete
    Replies
    1. ඔවු... ඒක ඇත්ත... මට ඕන වුනේ මේ දෙදෙනා තුළින් විශේෂත්වයක් මතු කරන්න

      Delete