Saturday, June 16, 2012

අවුරුද්ද



දන්නවාද... දන්නවාද..... 
වසන්තයේ ගි කියන කුරුල්ලන් 
තුඩින් තුඩ අමුණන්
ඔච්චමට මා දිහා බල බල
ගි කියන බව...
ගුමු ගුමුවෙ පැටලිලාවත්
ලිලැක් මල් සුවදකවත්....
අළුත් හඩක්... 

නැවුම් සුවදක්...
මම හෙවුව බව.. 
මම හොයන බව...
ගිම්හානෙයේ කටෝරයට
කහ ගැහී කරවෙන 
ඩැෆඩිල් පෙති 
මගේ වියළි සුවදම 
මටම මතක් කරවද්දි....
ගිනියම් පාට ලෝකයක
වසන්තයේ අන්තිම පැතුම් බිදුවත් 
ඉරිතැලුණු පොළවෙ 
වියළි මඩ සුවදට එක්වෙද්දි...
පාළු මූසල රතු පාටින් 
ඉර හිනා වුණු බව 
දුටුවාද.... දුටුවාද...
සරත් කාලයට 
ඈතින් ඈතට
එක දිගට පෙනෙන
ඇස් නිලංකාර කරවන
දරුණු සුදු පාට හිමේ
ගල් වුණු මඩ ගොහොරු
දෑතින්ම හාරමින්....
හම මතම මිදුනු දහඩිය
ඊතල තුඩු වගේ
සිරුරම විනිවිද වේදනා දෙද්දිත්
නොනැවති හාරමින්....
නියපොතු ගුලවී 
රතු ලෙයින් පාට වෙද්දිත්
නොනැවතී හාරමින්....
පොළව යට නිධන් වූ
පැතුම ගොඩ ගන්නට 
වලි කෑ බව
දැනෙනවාද.... දැනෙනවාද....
අළුත් දවසක
අළුත් හැගුමක 
අමුතු අපහසුතාවයක ගිල්ලමින්
හේමන්තය....
දළු දාන හේමන්තය 
හිතට තට්ටු කරද්දි
අයිස් වුණු පැතුම 
ආයෙමත්... ආයෙමත්...
ටිකෙන් ටික... බිදෙන් බිද...
ඇස් අරින බව
පෙනෙනවාද.... පෙනෙනවාද.........
Comments
3 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

3 comments:

  1. ඉතාමත් දාර්ශනික කවියක්. හරියටම රුසියානු සාහිත්‍යය එක මිටට අරගෙන වගේ හැඟීමක් මේ කවිය කියවන කොට හිතට එනවා. ඒතමට පැහැදිලි සහ නිරවුල් අපූර්ව සිතුවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete