කළු සුදු
දන්නවාද මේ දෙක අතර වෙනස
කළු කළු වෙන්නෙ
කළු, සුදු නොවෙන නිසා
සුදු සුදු වෙන්නෙ
සුදු, කළු නොවෙන නිසා
කළු නැත්නම් සුදු තියේවිද?
සුදු නැත්නම් කළු තියේවිද?
සුදු වුණත්, කළු වුණත් වෙනස මොකද්ද?
අන්දයාට මේ දෙකෙන් එකක්වත් පේන්නෙ නැත්නම්...
කළු සුදු...
ඇවැසිතා මත වෙන්කරගත් තවත් එකම එක ප්‍රපංචයක්...
අන්තර්ග්‍රහණයේත්...
විකර්ෂණයේත්...
වෙනස..
කළු සුදු...

5 Comments


සටහනක් දාන්න දෙයක් නැති තරම්. කියන්න ඕනෙ දේ සම්පූර්ණයෙන් ලියලා තියෙනවා
ReplyDeleteලස්සන සිතුවිල්ලක් ...
ReplyDeleteස්තූතියි යාලුවා
Deleteඅන්තර්ග්‍රහණයේත්...
ReplyDeleteවිකර්ෂණයේත්...
වෙනස..
කළු සුදු.
තව කියන්න දෙයක් ඉතුරු කරල නෑනේ නියමයි..අදහසනම් නියමයි
බොහොම ස්තූතියි යාලු
Delete