ඉසුරුමුණියේ සුකුමාල තරුණිය නොවේ මා
පෙම්වතා උකුළේ නැලැවෙන
මම කුවේණිය
පෙම්වතා පිටුපා තනිකළ
මම කුවේණිය
දරුවො වනයේ හැරගිය
මම කුවේණිය
මුගුරු පහරට නතුවුණ
මම කුවේණිය
ලේ විලක වැලපෙන
මම කුවේණිය
හිමිවු හැමදේ නැතිවුණ
ඉසුරුමුණියේ සුකුමාල ඇය නොවේ මා
ඔහුගෙ තුරුලේ සැනසෙන
මමම වෙමි කුවේණිය
කැපී වෙන්වී මියැදුන.....
පෙම්වතා උකුළේ නැලැවෙන
මම කුවේණිය
පෙම්වතා පිටුපා තනිකළ
මම කුවේණිය
දරුවො වනයේ හැරගිය
මම කුවේණිය
මුගුරු පහරට නතුවුණ
මම කුවේණිය
ලේ විලක වැලපෙන
මම කුවේණිය
හිමිවු හැමදේ නැතිවුණ
ඉසුරුමුණියේ සුකුමාල ඇය නොවේ මා
ඔහුගෙ තුරුලේ සැනසෙන
මමම වෙමි කුවේණිය
කැපී වෙන්වී මියැදුන.....
ඉතිහාසය මොනවා කිව්වත් කුවේණියත් එක අතකින් වැරදියි.
ReplyDeleteඑක අතකින් අපි දකින්නෙ ඉතිහාසය කියපු කතාව විතරයි. සමහරවිට නොකියූ කථා ඕනතරම් ඇති අපි හීනෙන්වත් නොහිතන...
Delete"බොහෝ දේ සිදුවු අතීතේ
වැලලිලා ඇත අන්ධකාරේ"
කීව වගේ...
ලස්සනයි...
ReplyDeleteකුවේණිය ගැහැනියකි,
තවත් එක්.
ස්තූතියි යාලුවා
Delete