නිර්ලජ්ජිත වීදියෙක,
තුච්ඡ කවි කතා
ඇසිල්ලෙක
මුල්ලකි
කදොපැණි එළියක් විහිදෙන
ලැජ්ජාවේ කවුළු නාරින,
සිල්ලරට......
හීන අමුවෙන්ම විකිණෙන
දොර පියනෙකි
සුගන්ධය වත්සුනෙහි
ඇසිල්ලෙක
මුඩු ගඳින් හාත්පස
ඇහිරෙන
කෙඳිරිල්ල,
කිරි කිරිය,
ගෙරවුම,
පොරය,
හතිය,
(හිස්තැනක් නොව
ඒ...... ඇඳුම් ඇඟලන විරාමයමය.....)
යුහුසුළුය
ඇය............
ඊළග වාරයට
සියල්ල කුමක් සඳහාද.....ජීවිතය පැදයන්න....වෙන කාගෙන් අත්වැලක්ද ඇයට...
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ඇ විසින් වෙලාගත් ලණු පාලමක ඇය.......
Deleteහෙල්ලි හෙල්ලී යන අවදානම් ගමනක
සිල්ලරට හීන විකුනන
ReplyDeleteනිල්පාට තරුදෙනෙත් ළඟ
මොහොතකට නතරව
ජීවිතය විඳින
එක්තරා නිමේෂයක
එබී බැළුවෙමි
නෙත් තුලින් හදවතට
ගිනි ගනියි එය
දරු දුකින්
හඬා වැටෙයි එය
ප්‍රිය වියෝගයකින්
පසු තැවෙයි හසුව
වංචාකාර බැල්මකට
තවත් මා නොහදුනන
හැඟීම් සහසකුත්
වහන් වෙමි අඳුරට
ලෝ අපවාදය ඇයට උරුමකොට
කලිසමෙන් හෙළුව වසගෙන
ආත්මීය පසුතැවිල්ලක් හිතට ගෙන
කඩතුරාවෙන් ඔබ්බට
Deleteනොබලන රස හිත ළඟ
රසවතිය........
සොයන්නී සරණක්
අරුණු කටවල් පුරවන්න
හීන අමුවෙන්ම විකිණෙන
ReplyDeleteනිර්ලජ්ජිත වීදියෙක
ලැජ්ජාවේ කවුළු නාරින
දොර පියනෙකි
ඇරී ඇරීම වැසෙන
මම මුළු කවියෙන්ම දැක්කේ ඔච්චරයි
ඒක වඩාත් පැහැදිලිය් වගේ :)
Deleteලස්සන අදහසක්..
ReplyDeleteස්තුති දිනේෂ්
Delete-_-
ReplyDeleteතේරුනේ නැ මෙලෝ දෙයක්.
කමක් නැ පස්සේ තෙරයි.
හික්ස්.
හ්ම් හ්ම්...............
Delete