බස් නැවතුමේ
හැමදාම
කකුලක් නවා
හැඩකර
දුම් අහුරු උඩ යවන
සකල පුරුෂ ලකුණු
එක පිඩට
කැටි කළ
මගේ
නොව
ඔහුගේ......
අසනියට අසනියක
ගඟකට ගඟක
වලාවට වලාවක
සංයුක්තය
අපූරුයි
එහි අපූරුව
මටයි.....
රළ තරංග තුළ
ගිලි ගිලී බබලන
හිරු
අල්ලන
සුළඟ
මමයි
එහි දුල
මටයි....
පොදු පුරුෂයන් අතරක
එකම එක
මහා පුරුෂයා
ඔබ
අගෙයි
එහි අගය
මටයි.....

12 Comments

මට කවද්ද අක්කේ මේවා තේරුනේ.... :( හැබැයි ලස්සනයි.. :D
ReplyDeleteඅනේ මංදා... කමක් නැ ඉතිං තැන්ක්‍යූ කියන්නම්කො
Deleteඅනේ තුන් සැරයක් කියෙව්වා...තේරුණේ නෑ අක්කේ....මට බුකියෙන් හරි තේරුම කියහන්කෝ.....
ReplyDeleteහරි... මට මැසේජ් එකක් දාන්න
Deleteකොල්ලා සිගරට් බීවුව බවනං තේරුනා..
ReplyDeleteමං අසාර්ථකද මංදා.........
Deleteකොල්ලෝ සිගරට් එකක් බිව්වම හිතන්නේ පිරිමකම(පුරුෂ ලකුන) කියලා තමා එත් ඒකෙන් පෙනන මොඩ කමට වැඩියමක් නොවේ
ReplyDeleteඉතින් එවැනි (පුරුශ ලකුන) ඇති සකලවිද පොදු පෙම්වතුන්ට වැඩිය එකම එක මහා පුරැශයා ඔබයි
ඔහු දකින ඔහුගේ මහා පුරුෂයා ඔහු විය හැකියි නේද?
Deletelassanai..sittari...
ReplyDeleteබොහොම ස්තූතියි....
Deleteයන්නට යන්න යමි
ReplyDeleteපුර්ෂ ගුණ රැගෙන යලි
පොවා හොවා මදක් මදු
මදින් මද නොපැහෙන
අපේ වෙන්දේසියට
පුරුෂ ගුණ නීති රකින
පිරිමි වෙන්දේසියට.
අපූරුයි :)
Delete