දියවන්නාව
කෙළවර
අපේම බංකුව උඩ
හැමදාම නැතත්
ඉඳ හිට හවසට
හවසට
තුරුළු වෙන
අපි
අළුත් ජෝඩුව
කාගෙන් වදයක්ද
වාහන සද්දෙ
මිසක
කාලම තෙල
පිරුණු
හයිකාර ලොකු
අතු
වැලි පාරෙ එහෙ
මෙහෙ
හනි හනික
දුවනකොට
අපි අපේම වුණ
පුංචි ලෝකෙක
රැළි ගහන රැළි
අතර
බත්කූරො ගැන
ගැන
ඈතින් එන හුළඟ
ඇඟම හිරි
වට්ටගෙන
එති එතී යනකොට
උණුහුමක්
දෙන්න හින්දම
එතෙනව ඔය ලොකු
සුරත
අනාවරණිත,
සාරි හැට්ටෙත්
නෙරිය රැළි
අතරත්
හිඩැස වහගෙන
තුරුල්ලට ගෙන
විටින් විට
නිමක් නොදකින
හාදුවෙන්
හාදුව
සටහන් වෙනකොට
නළල මත
අහසත් විඩෙන්
විඩ
රතු වෙනව ඔන්න
ලැජ්ජාව
හින්දම
මැරතන් දුවන
තත්පර කටු
නොබලම
දෝරෙලන ආදරේ
සුසුම්වල
පුරෝගෙන
එකින් එක
හෙලනකොට
සයිරන් නොදාම
පායන අඳුරට
ඉඩැර
බෝඩිම මානයෙදි
වෙන් වෙනව ඔබ
මහා සුසුමක් එක්කම
දවසෙ අවසන්
හාදුව
තබා නළලත.............
කෙනෙක්
ReplyDeleteවිදින කොට
ආදරයේ උණුසුම..
තවත් කෙනෙක්
ගැහෙනවා
දරා ගන්න බැරුව
විරහවේ සීතල...
මේ පෝස්ටුව කියවන්න කලින් කියෙව්වේ විරහ වේදනාවෙන් පිරුනු පොස්ටුවක්..
http://kaluwaraheenaya.blogspot.com/2013/02/blog-post_12.html
This comment has been removed by the author.
Deleteමට මැවිලා පේනවා දියවන්නාවේ උද්‍යනයේ දසුන් පෙළම. ඒ තරම්ම සුන්දරයි කාව්‍ය.
ReplyDeleteThis comment has been removed by the author.
Delete>>කාලම තෙල පිරුණු
ReplyDeleteහයිකාර ලොකු අතු
වැලි පාරෙ එහෙ මෙහෙ
හනි හනික දුවනකොට<<
කෑල්ලට විතරක් විරෝධය.
අපි වගේ පොඩි මිනිස්සුත් සෞඛයය සඳහා මහන්සි වෙනවා
This comment has been removed by the author.
Deleteහ්ම්ම් , ඔහොම කාලෙකුත් තිබ්බා............
ReplyDeleteප්‍රසිද්ධ ස්ථාන වල සිප වැලඳ ගැනීම ශ්‍රී ලංකාවේ අවනීතිය අනුව පොලිස් කරුවන්ගේ වලත්ත බාධා කිරීම් වලට හේතුවේ...
ReplyDeleteවෙලාවට මෙහෙ ළඟපාත ඔය කියන ඈයො නැත්තෙ. හිටියනම් මේ කවිය ලියවෙන් නැ නෙව
Deleteඅනේ මන්ද බොලා දෙන්න ඇරුනම ලෝකේ තව උන් ඔය බංකුවට එහායින් ඉන්නවයි කියල මතක් උන එකත් ලොකු දෙයක් නෙව.. නැත්ද මං හාන්නේ...
ReplyDeleteආ අමතක උනා.. අපේ හැන්දෑ වරු කිව්වම මං හිතුවේ නැන්දා වරු වැරදියට ලියල කියලයි..
Deleteහික් හික්... නැන්දාවරු ගැන දැම්ම මතක් නොකෙරුවට කාරි නැ.... :)
Delete