ඔබේ නළලත
වැටෙමි මම
හැඩ ගනිමි
ඒ අපූරු වූ
නෙරුව....
සිප ගනිමි
ඇසිපිය
පුළුල්.....
විනිවිදලන බැල්ම
මුවා කළ
ද්වාරය....
කිති කවමි ගෙල
මුල
ප්‍රමුදිත වී
නිදිගැට
හැරපියා
මා පහසට අවදි
වූ
තන පුඩුව.... සිඹිමි....
සෙමෙන්...... සෙමෙන්......
ඉනික්බිති
රූරා වැටෙමි
හැඩ මවන බඳ
පහළට
පසුකරනට
පෙර.... නාභිය
වටයක්
කැරකී.... සුරතල් වෙමි
පසුව
බලා යමි.....
පල්ලම
(මෙහි හිස්තැනකි......................ඔබට
මට පමණක්ම විවරිත)
දෙවටොර හැඩය....
ගනිමි වටයට
කිටි කිටි කර
වෙළමි
සියොළඟින්
නුඹ.... බදමි
ගලා යමි
ගලා යමි
ගලා යමි
දෙතොලට ගනිමි
ඔබ වතේ
අතොරක් නොහැර
ඇසිල්ලක්
නොහැර
සියල්.....
රොන්සුණු
මම
නුඹ අරා වෑහෙන
දිය දහර
O.o ඒ උබ ලියන එව්වා තේරුං ගන්නම ලේසිත් නැනේ බන්.. :/
ReplyDeleteපොඩි උන්ට මේව අරහං
Deleteදු දු යන්ට
ඇඟ කිලිපොලා යනවා...
ReplyDeleteසිතලට වෙන්න ඇති නේ..... :)
Deleteමැවිලා පේනවා සිත්තරියෝ... ;)හෙහේ
ReplyDeleteහපොයි.....
Deleteකවුරු තහංචි දාන්න ද...දිය දහරකට.....
ReplyDeleteහ්ම්.... ඔබට මට නැති අපූරු අවස්ථාවක් දිය දහරට තියෙනවා...
Deleteඅහෝ පවිත්‍ර වූ දියදහර අපවිත්‍ර ඇයගේ මුළු ගතම පවිත්‍ර කර අවසන ඔබ අපවිත්‍ර වී ගලා
ReplyDeleteයන්න කුණු කානුවකට ...
ඒකත් අපූරු සංකල්පයක්....
Deleteඇස් වහං හිටියේ...
ReplyDeleteඅපරාදෙ නැද්ද.... ;)
Deleteවෙනස් සිතුවිල්ලක්..
ReplyDelete:)
Deleteමෙතන මාතෘකාව නොදා හිටියනම් අපූරුයි
ReplyDelete:)
Deleteඔබේ නිර්මාණ අතර උත්තම නිර්මාණයක් සිත්තරියේ.....
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅති විශිෂ්ඨයි සිත්තමී. මාර කවි කල්පනාවක්!
ReplyDeleteඅනේ මං සිත්තමී නෙවේ.... සිත්තරී...
Delete:(
සමාවෙන්න සිත්තරී. හරිම කලාත්මයි.
Deleteමාරයි.....මොහොතකට වතුර බිංදුවක් වුනා...
ReplyDeleteසිතුවිල් වගේම ගලායන විටෙක සිහිල් දිය දහර..
ReplyDeleteලස්සන සිතිවිල්ලක් සිත්තරී..!
නියමයි සිත්තරි ඈ ... උදේ පාන්දර කියෙව්ව හින්දා දවසම එක එක ඒවා හිතෙන්න ගනීද මන්දා ... ආයේ ඔය වගේ එකක් ලියනකොට මාතෘකාව කෙලින්ම දාන්න එපා .( මාතෘකාව දැක්කම හිතාගෙන කියවන්නේ එහෙම නැතිඋනොත් වෙන අදහසක් හිතේ මැවිලා අන්තිමටයි තේරෙන්නේ ඒ විදියයි හොද )
ReplyDelete