කවි කියන්න
ආසයි මං
කොහොමද කවි
කියන්නේ මං
පෝය ලබන දවසට
නං
කියනව කවි ඕන
තරං
බණත් හරවලා
කවියෙං
මුඩුක්කු
මායිමේ හම්පඩ සිවුර දාගත්තු කැහැටු හාමුදුරුවො
ආප්ප පහයි
තේකයි
ලුණුමිරිසයි
කෙහෙල්ගෙඩියයි
නෑ නෑ මාරු
වෙලා වගෙයි
ආප්ප පහයි
ලුණුමිරිසයි
ඉතිං බලාන්
කවිත් හමාරයි
බිස්නසුත්
විනාසයි
ලාච්චුවේ ගාන
බැලන්ස් නැත්තං මොන කවිද කියාපං මේ අවුවස්සේ
අල්ලපු වැටේ
ගෑණි මොර දෙද්දි
බාගෙට
හෙළුවැලි ලමයි පොර කද්දි
ඉඳ හිට පොලිස්
සොක්කො පල්ලම් බහිද්දි
තව කවිත් කිය
කිය හිටිද්දි
යස රඟට තියෙයි
වටේ උන් කනෙනුත් රිංගලා නාහෙනුත් එළියට එයි
පාන්දර තුනට
දවස ඇරෙනව
රෑ දොළහට ආයෙ
වැහෙනව
එස්පැරස් කෝච්චිය
වගේ දුවනව
බූරු ඇඳට
වැටුණු හැටියෙ නින්ද යනව
මිනිහනම්
අනන්තවත් වද කරනව
ඌ හතරගාතෙන්
හරි නඩලමේ ගිහින් හරි ආ දාට විතරයි මං සැනසීමෙන් ඉන්නේ
එද්දිනං
ගෙනාවෙ නෑ
ගියත් ආය
ගෙනියන් නෑ
කෙල්ලොම හතරයි
කොල්ලෙක් නෑ
වෙලාවට දැන්
අතේ උන් නෑ
මුන්ටත් දැන්
තනියෙං කමක් කාරියක් කරගන්ඩ පුළුවන් දෙයියන්නෙ පිහිටෙන්
ඉතිං බලාපල්ලා
බැයිනං අහන්
ඉඳිල්ලා
පද තාල ගලපාලා
කවි කියන හැටි
හිතපල්ලා
මේ සුමේ කරල
කරලා
මටත් දැන් ඇති
වෙලා ඉන්නෙ මේ කරුමෙකට කරගහල - තව කවිත් කියපංකො
නියමයි.. වැඩි විග්‍රයන් කරන්න, දැනුමක් නැති වුනත් මේ කවි වල මං ආසයි.
ReplyDeleteව්‍යංගාර්ථය පදමට දැමූ
ReplyDeleteඋපහාසය මද පමණට මුසු කළ
ආතල් සහ යථානුරූපී
කොත්තුවකි.........
කොත්තුවක් වගේ ජීවිතේ කොත්තුවේ හැඩේ නැත්නම් වැඩක් නැනේ :)
Deleteසිත්තරිටත් එන අදහස්...නියමයි හලෝ....අද අකුරු නම් පොඩි වැඩියි කියවගන්න අමාරුයි.. ඇහැ රිදෙනවා.
ReplyDeleteතෑන්ක්ස්... :) අකුරු පොඩියට දැම්මෙ, ලොකුවට දැම්මොත් අන්තිම පේළිය පේළි දෙකකට එන නිසා.. එතකොට අවුල් වගේ...
Deleteඅපහසුතාවය ගැන කනගාටුයි අයියා
සිත්තරී ඔයාගෙ කවි අමුතුයි....... ඒත් මාර ගති....
ReplyDeleteස්තූතියි :)
Deleteකොනේ කඩේ එකීගෙ කවි...... අපූරු කවියක් නූගත් ගැමි කාන්තාවකගේ හෘද සාක්ෂිය.. ඇත්තටම ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තූතියි :)
Delete