skip to main |
skip to sidebar
නට්සි ජර්මනියේ ඔත්තුකරුවකුගේ කථාන්තරය.. “රෑ මාතා” (Mother Night)
Mother Night
By – Kurt Vonnegut
කනිෂ්ඪ හොවාර්ඩ් ඩබ්ලිව් කැම්බල්ගේ පාපෝච්චාරණ ලෙස ලියවි ඇති මෙම කථාව ඉතා අපුර්ව වූවකි. ජර්මනියේ විප්ලවිය සමයේ ගුවන් විදුලි නිවේදකයෙකු වශයෙන් කටයුතු කරන කනිෂ්ඪ හොවාර්ඩ් ඩබ්ලිව් කැම්බල්, දිනක් උද්‍යානයේ දී මුනගැසෙන පුද්ගලයෙකු සමග කරන සාකච්චාවකින් පසු ඔහුගේ ජීවිතයේ පැවැත්ම විශාල පෙරළීයකට ලක් කෙරේ. ඒ එතැන් සිට ඔහු ජර්මනියේ රහස් තොරතුරු, ගුවන්විදුලිය හරහා ප්‍රචාරය කරන ඔත්තුකරුවෙකු ලෙස සිය කටයුතු ඇරඹීම හේතුවෙනි. නමුත් ඔහු දුන් ඔත්තු කවරේද යන්නත්, ඒවායෙහි වැදගත්කමවත් ඔහු නොදනී. අඩු තරමේ සිය ආදරණීය බිරිදගේ මරණයේ ආරංචිය පවා මෙසේ සිය මුවින්ම ගුවන්විදුලිය හරහා ඔහු ප්‍රචාරය කළද ඒ වන විටත්, ඉන් වසර ගණනක් ගත වන තුරුත් ඔහු සිය බිරිදගේ මරණයේ ආරංචිය තම මුවින් ඔත්තු සේවා වෙත ලබා දුන් බව නොදැන සිටියේය. ඔහු ශ්‍රේෂට ඔත්තුකරුවෙකු ලෙස සිය මෙහෙවර කළ බව, ඔහුව ඇමරිකානු රහස් ඔත්තු ඒජන්තයෙකු ලෙස බදවාගත් හැරල්ඩ් ජේ. ස්පැරෝ සිය අවසන් ලිපියේ සහතිකකොට දක්වා තිබේ. නමුත් ඔහුගේ මෙහෙවර දැන සිටියේ මුළු ලෝකයෙන්ම තුන් දෙනෙකු පමණි. සිය දෙමාපියන් පවා තමා පිළිබද අමිහිරි මතකයෙන් යුතුව මිය යාමට සැලසුනේ, මේ තිදෙනා හැර වෙනත් කිසිවෙක් ඔහුගෙන් වූ සේවාව නොදැන සිටි හෙයිනි. ඇමරිකානු රජයට වයසක යුවලකගේ හිතේ සැනසිමට වටා සිය කර්තව්‍යයන් වැදගත් බව ෆ්‍රෑන්ක් පවසන්නේ එහෙයිනි.
තමා ඉතා දරුණු රැවටිමකට හසු වූ බවත්, තම ආදරණීය බිරිදයැයි සිතා ඔහු යහන්ගත වූයේ බිරිදගේ බාල සොයුරිය සමග බවත්, හෙල්ගා උදෙසා ගොඩනගා තිබුණු ආදරණීය කල්පිතයන් සහ අනුස්මරණයන් රෙසිගේ සම්ප්‍රාප්තියත් ඇගේ ආදරයත් හමුවේ මරණයට කැප වු බවත් හෙළි වීමෙන් ලද පසුතැවුල හමුවේ අසරණ වන්නටත් විටෙකදි ඔහුට සිදුවේ. එසේම ආදරය හා කල්‍යාණ මිත්‍රත්වයේ තිරකඩට එපිටින් තමා දඩයම් කිරිමට නට්සි විරෝධීන් සහ යුදුධයේ මතකයන් තුළ හිදිමින්, පුපුරු ගැහෙන ක්‍රෝධයෙන් වලිකන්නන් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයටද මැදි විමට ඔහුට සිදුවේ.
කැම්බල් පවසන පරිදි යුද්ධයෙන් පසු සිය බෙල්ල රැකී තිබීමේ ප්‍රධාන සාධකය වන්නේ මෙසේ තමා ඔත්තුකරුවෙකු විමයි. නමුත් ඔහු ඔත්තු සේවාව වෙත යොදවාගත්, තම නීල සුරගන මංඥා ලෙස හදුන්වන ෆ්‍රෑන්ක් විර්ටනන් යනු කවරෙක්ද යන්න ඔප්පු කරන්නේ නම් ඔහුගේ දිවි රැකෙනු ඇත. ජීවිතයේ ගැලවුම් මාර්ග රැසක් තිබියදීත් සිය සේවාවන්හි සාර්ථකත්වය වින්දනය කරමින්, ඒවා අනුස්මරණය තුළින් ලද තෘප්තියෙන් මුසපත් වු ඔහු සිය නිදහස අවසන් ගැලවුම් මොහොතේදීත් නොසලකා හරින්නේ සිය කරතව්‍යයන් තුළින් අප්‍රමාණ රසයක් වින්දනය කරන්නෙකුගේ ස්වභාවය අප හමුවේ තබමිනි.
යුදෙව්වන් තුරන් කිරිමේත්, පිරිසිදු ආර්ය ලේ ඇත්තන් ස්ථාපිත කිරීමේත් මෙහෙවරට සමිමාදම් වි ගුවන් විදුලි නිවේදකයෙකු වශයෙන් කටයුතු කළ ඔහුගේ පැතුම වූයේ කලාවයි. තම කර්තව්‍යයන් සැමෙකකින්ම පාහේ ඔහු දුටුවේ කලාවයි. ප්‍රසිද්ධ නාට්‍යවේදියෙකු වූ ඔහු සිය බිරිද වේදිකාවේ රාජිනියක කරනු වස් ඈ උදෙසා නිර්මාණ බිහි කළේය. ඔහුගේ අනේකවිධ නිර්මාණයන්ගේ සාරය ගලා ආවේ තමාත් තම බිරිදත් පමණක් වූ ඔවුන්ගේම සොදුරු ලෝවේ සතුට සැනසුම උපරිමයෙන් වින්දනය කිරීමේ අතුරු ප්‍රතිපලයක් වශයෙනි. නොමැතිනමි තම පුද්ගලික කැදැල්ලේ ප්‍රීතිය ඉහවහායැවිය හැකි උත්තේජකයක් වශයෙනි. සෑම සිදුවිමක්ම කලාකරුවෙකු වශයෙන් ඔහු වින්දේ එලෙසයි. ජර්මානු නට්සි ආණ්ඩුව සහ එහි පැවැත්ම පිළිබද ලියැවුණු වෙනත් කථාවල මෙන්ම මෙහිදී, තමාට පැවරුණු කාර්යය එලෙසින් කිරීමේ සාපල්‍යය පමණක් අපේක්ෂිත පුද්ගලයෙක් විටින් විට එළි බැස්සද, ඒ තුළ සැගවුණු කලාකාමී මනසත්, කිසිවකට ඇල්මක් නොමැනිව තමා කරනා දෙයින් තමා රසවින්දනයට පත්ව තෘප්තිමත් වන්නාවූ අපුර්ව මිනිසෙකුත් හදුනා ගැනීමේ හැකියාව ලැබේ.
තම නිදහස සංකේතවත් කරන, තමා එතෙක් අපේක්ෂාවෙන් සිටි ප්‍රධාන සාධකය නමා අතට පත් වුවත් තමා විනාශ කරන්නට, මිහිමතින් අතුගා දමන්නට ආශාකළවුන්ගේ නොනිම් පැතුම් සදහා ඉඩ දෙමින් තෘප්තිමත් වීමට ඔහු තීරණය කරයි.
එප්ස්ටයින් දොස්තරගේ මව ඔහුගේ කනට කොට යමක් මිමිනුවාය. ඔහු ස්ව කැමැත්තෙන් ඊශ්‍රායලයේ සිරගතවීමට ඉදිරිලත්වී සිටියදී, ඇය ඕෂ්විට්ස් මරු කදවුරේ, ජර්මානුවන්ගේ විශෘලතම, උපරිම වශයෙන් හතලිස් ලක්ෂයකටවත් මරණය අත්කර දුන් මරු කදවුරේ ඇය නිතර ඇසූ ගීත කණ්ඩය මිමිනුවාය…
“ලෙයිෂෙන්ට්‍රාජෙර් සූ වාෂ්”
“මළමිනී උස්සන් යන අය මුරපොලට වාර්තා කරන්න”
“මළමිනී උස්සන් යන අය මුරපොලට වාර්තා කරන්න”
ReplyDeleteමට මේක බලද්දී මතක් වුණේ බෘනෝ ආප්ටිස්ට් ගේ වෘක්කයන් අතර නග්නව නව කතාව..
ReplyDeleteඔය දෙවෙනි ලෝක සංග්‍රාමය පසු බිම් කරගත්ත කතා බොහෝමයක් මම කියවලා තියෙනවා. යුද්ධෙ අතරින් මතුවෙන් මිනිස් ගති හරි පුදුම විදියට මතුකරපු කතා එයින් හුඟක්ම.
ReplyDeleteමෙහි ඇති සමහරක් ලියවිලි හරි ලස්සනට ගොතලා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නට්සි කතා අනන්තවත් තියෙනවා නෙව. කියවල තියෙන තරමට දැං නං ඔක්කෝම පැටලිලි තියෙන්නේ සිත්තරියෝ
ReplyDelete"ලෙයිෂෙන්ට්‍රාජෙර් සූ වාෂ්"
ReplyDelete