Friday, October 5, 2012

මම ඔයා ගාවට එන දවසට.......




වට්ටියට තරු මල් නෙළලා
එළියෙන් බබළන තරු වට්ටියක්ම අරන්
ඔයා ගාවට එන්නම්


අපි ඒ තරු එකින් එක අමුනලා ලස්සන මල් වැලක් හදමු
නිවි නවි පත්තුවෙන එළිය විහිදුවන මල් වැලක්


තරු හ නැති අහස අන්ධකාර වුනාම
මේ තරු මල් වැල ලෝකෙ පුරාම අතුරමු


මුහුදෙ ඔබලා මුහුදු රැල්ල විනිවිද එන රැල්ලත් එක්ක නටන
එළියේ ලස්සන බලමු


තරු එළියයි හ එළියයි එකතු වෙලා එතකොට අර අහසෙ ලස්සන රටා අදීවි
අපි වෙරළට වෙලා තුරුල් වෙලා ඒ අහසට වැටෙන එළිය දිහා බලාන ඉමු
Comments
11 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

11 comments:

  1. අයියෝ.. නොදන්න ආදරේ.මේක තව සින්ඩි වලට දැම්මොත් හොදයි නේ?

    ReplyDelete
    Replies
    1. කිහිපයකට දාල තියෙන්නෙ යාලු
      මම දන්න ඒවට
      මම වැඩිය දන්නෙ නැ

      Delete
  2. හනේ මන්දා සිත්තරීට මේ වචන කොහෙන් එනවද කියලා... මට කවි ලියන්න බැනේ ඔය වගේ ලස්සණට...

    ReplyDelete
    Replies
    1. අනේ මම එහෙම ලස්සනයිද කියල දන්නෙ නැ යාලු...
      මේක මේ හිතුණය ලියපු එකක්... ^_^
      කමක් නැ බොහොම ස්තූතියි...
      ඔයත් හිතට එන දේ ඔහේ ලියල බලන්න
      ආයාසයෙන් ලියනවට වඩා නිරායාසයෙන් ලියන දේවල අගේ වැඩී මම දන්න විදිහට.... :)

      Delete
  3. කලාව තියෙන්නෙ සාහිත්‍යයේ විතරක් නෙවෙයි අදින සිතුවමක, තෙලිතුඩක, තීන්ත පැල්ලමක පවා කවි සිතුවිල්ලක් තියෙනවා.
    ඒනිසා එහෙම හැකියාවක් ඇති ඔපබ් කවි සිත අමුතුවෙන් පන්නරය ලබන්න අවශ්‍ය නැහැ. ඒ කවි සිත තෙළි තුඩක, තීන්ත පැල්ලමක දැවුටුණ සිතුවමක් වගේමයි.ඒ තරමටම පරිණතයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි
      මට ලොකු ශක්තියක් මේ දිරිගැන්විම්......
      නිහතමානිව සතුටු වෙනවා ඒ ගැන

      Delete
  4. balaporoththu gonnak hithe podi bandagena "eya" gawtaa yanna epa, ekak hari labenne nathi unoth siththarigee chiththare bonda wela yawi. laththanayi

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු..................... :)
      අළුතෙන්ම අලුත්ම චිත්‍රයක් අදිනවා එයාත් එක්ක

      Delete
  5. ලස්සනයි!!! වෙනමම ච්ත්‍රයක් මවනවා....අපිටත්!!

    ReplyDelete
  6. ඔන්න මම ඔයාව මගේ සිංඩියට දැම්මා.

    ReplyDelete