Wednesday, October 10, 2012

චක්‍ර


මම බැලුවා...........
ළිං පත්ලට එබිලා
මට බලන්න ඕනෙ වුණේ පතුළම කොයි වගේද කියලා
දැක්ක මම
කළුම කළු පාටට වතුර
හුගක්ම හුගක්ම ගැඹුරුම ගැඹුරු ලිං පතුලේ

මම බෙල්ල රිදෙනකන් දික් කරගෙන බලන් හිටියා........
වතුර හරි කළු පාටයි
බාල්දිය හීන් සිරුවේ ලිදට දාද්දි කප්පිය කිරීස් කිරීස් ගගා කැරකුණා
ආයෙමත්... වතුර පුරවපු බාල්දිය උඩට ගද්දි ආපස්සට කැරකුණා... කප්පිය
මම දැක්කා පිරිසිදු සීතල වතුර
Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. "ළි‍ඳේ අඩිය හිරු නොබලන පින්නේ
    එබී ළිදට ඇයි නුඹ හිනැහෙන්නේ"

    ෴ නන්දා මාලනී෴

    ReplyDelete
    Replies
    1. ඈ නම් ලිං පතුළෙන් ඇගේ පිළිබිඹුව සෙවුවා..........

      Delete
  2. :O භයානකයි.

    අදහස හංගලා දීගා තියෙයි. :) කේරුම භයානකයි :O ඒත් අදහස ලස්සනයි :)

    ReplyDelete
  3. ලස්සනයි. හැමදේම චක්‍රාකාරයි තමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්...........
      අපිත් චක්‍රයක
      චක්‍රයේ අච්චුවට කැරකෙනවා
      දකින දේ වෙනයි පෙනෙන දේ වෙනයි
      ඒත් ඔහේ අච්චුවේ කැරකෙනවා

      Delete
  4. මේකට මුනාද කියන්නේ අප්පේ??

    ReplyDelete
    Replies
    1. හි හි දන්නෙ නෑනෙ අනේ....
      හිතෙන දෙයක් කියන්නකො... :)

      Delete