Monday, January 28, 2013

රංග රඟ රඟහල - වූස් වල




ඒ වූස් වල තාමත්
එහෙමමයි එතැනමයි
 කන බංකු පේළි
මූණට මූණ තියාගෙන
බලාගත් අත බලාගෙනමයි
මුවින් මුව උරා බොන
ගුලි ගැහුණු පෙම්වතුන්
අඩුවක් නැතුවා වුණත්
දැනුණා මහා පාළුවක්
නැති නිසා වෙන්න ඇති
අපේ කිසි හිනාවක්
කිචිබිචියක් කෝලහලයක්

මතකද එදා
"ශෘංගාර සන්නිය"
වල දෙවනත් වෙන්න
කැකිරි පැලුවා ඇති වෙන්න
පුදුමයි පුදුමෙනුත්
අපේ ඔසියගේ
ගට්ස් දැක්කෙත් එදාමයි
ගීකියනගේ නෝනාට පෙර
වේදිකාවේ පෙරබිම
නැගුණා මහාප්‍රාණ "සූ" හඬ
ගැලවූ විට බෙල්ට් එක

එදා ඒ වලමයි අද
සොහොනක් වගේ "මීක්" හඬ නැතිව
අඩුව සුදු කොඩි විතරමයි
ඒකටත් හරියන්න
කළු කොඩි හැම තැනම

කට් එක කෑවෙත් මෙතනමයි
මහ පාන්දර හතරට
නිදි නැතිව දින දින එකතු වුණ
නිදිමරගාතෙම
පිට පුපුරවාගෙන වැදුණු විට
සිලිසිලිමලු බැලුම්බෝල
විහිදුවා හිරි වට්ටන වතුර
ජල සන්නියට පෙර
පැන දිව්වා දැක දැක හිටි හීනය,
රෙපාගේ නැලවිලි ගීයේ ප්‍රතිඵලය
රැගේ කූටප්‍රාප්තිය

තෝ බඩුව මෙහෙ වර
බඩුවද උඹ
කියපිය ගැට්ට බස්සන මන්තරය
රැව් දුන්නෙ සින්නන්ගෙ හඬ
වෙන කොහිද වුස් වල තුළ මිස
මැඩලින් ගහන දෙපා බොක්ක
තෙත් වෙන්නට තත්පරව
හීලෑ කරගෙනම
කීවා H, P දම දමා
සුද්ද සිංහලය මගහැර
"දැනගනිව් අපි
පැන ගියා නොව
පසුබැස්සා උපක්‍රමශීලීව"
ඒ සින්නන්ගෙ තෙපරබැම
එක එකා ගියා කාමරයට
ආවා නැවත බොත්තම් සිපර් නැතුවම
ඇයි කියා ඇහුවෙ නෑ
රිදානාද ඇහුණෙ නෑ
උන්ට හිරවුණු කඳුළු කැට
උනා ආවත් අපෙ ඇස් අගට
දුන්නේ එක දෙයයි
ඒ හැට්ට කටුවක්
බොත්තමේ අඩුව පියවන්න

මෙහෙමත් වලක් නැත
තිබුණත් මෙහි රසය එහි නැත
අවුරුද්ද ගණනේ ගොඩ ගැහෙන
අඳුල දාහය සිනහවේ විප්ලවය
මෙහි ඇති තරම නිමක් නැත

අමතක වෙනු කෝම
අපේ රඟ සොබාවේ රඟ බිම
නාටක චරිත පණ දුන්
සරසවියෙ තක්සලාවයි මෙය
අපේ වූස් වල

අතට අත දී පිළිගත්ත වගෙම
කඳුළට කඳුළ දී සමු දුන්නු අරුමය
ජීවිතේ ඇති තුරාවට
නැහැ අමතක, මතකෙටම නැගෙනු මිස
කිරි කෝපි කෝප්පෙත්
සිනි සම්බල් පාං කාලෙත්
රස
වූස් වල තුළ



බොහෝ විට මෙහි ඇතැම් තැන් තේරුම් ගන්න අමාරු වෙයි, විශ්වවිද්‍යාලයටම පොදු වචන නිසා... එහෙම වුණොත් ඒ ගැන සමාව ඉල්ලනවා...
Comments
12 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

12 comments:

  1. සැහැ මම හිතුවේ අද දවසේ ට්‍රෙන්ඩ් එක ගේට්ටුව ගැන ලියයි කියලනේ බොලේ :D

    ReplyDelete
    Replies
    1. හැමෝම ඒක කරන නිසා මම වෙනස් දෙයක් කරන්න හිතුවා... :)

      Delete
  2. නිරායාසී අපූරු කවියක්.රහයි. බෙදා ගත්තට ස්තූතියි............

    ReplyDelete
  3. ෂා...හුරු පුරුදු වචන බ්ලොග් ලෝකයෙනුත් ඇහෙනවා නේ...මරු මරු....

    ReplyDelete
  4. Replies
    1. නැතුව නැතුව.... වෙන කොයින්ද මෙහෙව් වලක්

      Delete
  5. යන්න බැරි උනත් වලකට...
    යන්න තිබුනානම් හොඳයි මට...
    තේරුනේ නැතත් සමහර වචන...
    තේරුනා වගේ මගේ පොඩි හිතට...

    ගලායයි ගංගාව...
    හරවන්න බැ නැවත...
    පොඩි ගලක හැපිලා...
    බැලුවා පිටිපස්ස...
    ගලන ගංගාවේ හැඩ...
    පෙනෙන්නේ හැපෙනකොට...

    හැප්පුනා මම ගලක...
    තවම දැනෙනවා ඒ දෙදරුම...

    ReplyDelete
    Replies
    1. හරි ලස්සනයි... දිගටම ලියන්න මල්ලි
      මමත් තවම අත හුරු කරගන්න ගමන්

      Delete