Thursday, January 24, 2013

සිංදුවක් වගේ එකක් ලියන්න හිතුණා... දෙවැනි ප්‍රයත්නය මේ



වතුසුද්ද මල් ගොමුව
එදා වාගෙයි අදත්
මල් හිනා දෙන්නේ
අතීතේ දුටු පාට මල් නැහැ
සන්තාප සුද ඇඳල ඉන්නේ


පාට වතුසුදු මල් නෙලාලා
මලක් ගානෙම පැතුම් පුරලා
මැවූ සිහිනයෙ යදම් ලෙහිලා
ආදරේ සුව සිහින බිඳිලා

මල් හිනා දෙන්නේ
කුමරියයි අද
ගොමුවෙ මල් ගානේ
එදා නැති 
සුවඳ ගෙන එන්නේ


සුදෙන් මල් වට්ටිය සදාලා
කරන්නට නැහැ මැතුම් සිඳිලා
ඔබේ සොහොනම සුවඳ කරලා
පළඳවමි මල් මාල තනලා

මල් හිනා දෙන්නේ 
කුමරියයි අද
ගොමුවෙ මල් ගානේඑදා නැති 
සුවඳ ගෙන එන්නේ
Comments
17 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

17 comments:

  1. (සන්තාප සුද ඇඳල ඉන්නේ) මට දැනෙන්නේ මේක ගැපුමක් නෑ බං
    (කරන්නට නැහැ මැතුම් සිඳිලා)මැතුම් නෙවෙයි පැතුම් වෙන්ටෑ නේදෑ
    සමස්ළු අර්ථය පැහැදිලි අලංකාරයි නමුත් මා ඔබෙන් බලාපොරොත්තුවන්නේ මිට වෙනස් යමක්ය හැකිනම් සොදුරියනි කතා කරනු මැන කිසිවෙක් කතා නොකල යමක්

    ReplyDelete
    Replies
    1. ‍බො‍හොම ස්තූතියි මාරයා... මම උත්සහ කරන්නම්... :)

      Delete
  2. මට නම් හිතෙන්නෙ සින්දුව සාර්ථකයි.දුකක් එක්ක මතුවෙන හරි සන්සුන් ගතියක් තියෙනව.

    ReplyDelete
  3. ලස්සනයි.. තනුවක් දාලා බලමු..

    ReplyDelete
    Replies
    1. තෑත්ක්ස්.... බලමු ‍නේද... :)තව ‍දෙක තුනක් ලියල තමයි ට්‍රයි කරන්න ‍වෙන්‍‍නේ

      Delete
  4. ගීතය ධාවන කාලය සංගීතය එක්ක විනාඩි දෙකහමාරක් තුනක් විතර සමහර අවස්ථාවල ඒ තත්වය වෙනස් වෙනවා කලාතුරකින්.
    ඒ විදියට මේ ගීයේ පළමු, දෙවන, සහ හතරවන කොටස් ගිතයකට ප්‍රමානවත්.

    ගිතයේදි ස්ථායි (මුල්) කොටස කුමක් වුවත් අන්තරා කොටස් දෙක සමාන විය යුතුයි. සමස්ත අරැත තුළ පුංචි කතාවක් කියනවා වගේ අදසහක් එක්ක. තව ලියන්න එවිට අත හුරු වේවි.

    නැහැ, ලෙහිලා වගේ වචන වෙනුවට වෙනත් වචන යොදන්න හැකිනම් අගෙයි.

    මේ උත්සාහය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ‍බො‍හොම ස්තූතියි... ‍මේ උප‍දෙස් මට ‍ගොඩක් වටිනවා. අඩුපාඩු නිවැරදි කරගන්න බලන්නම්. ඒ ව‍ගේම ‍මේ ‍දෙවැනි ප්‍රයත්නය නිසා ඉස්සරහට තව දුරටත් ලියලා අඩුපාඩු නිවැරදිකරගන්න බලන්න ඕනි. ‍මේ අප‍දෙස් ඒකට මට ‍ගොඩක් වැදගත්...

      Delete
  5. "පාට වතුසුදු මල් නෙලාලා"
    පාට පාට වතු සුදු මල් තියෙනවද?

    කවියනම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සුදු වතුසුදු පාට වෙන්නේ ඔහු සමීපයේ ඇය ඉන්න නිසා
      එයයි මා අදහස් කළේ
      අනික මං හිතනව නිර්මාණයකට ඔනෑම ආකාරයේ සංකල්පයක් දැමිය හැතියි. ස්වභාවයේ පැවතිය යුතුම නැහැ
      නැත්නම් එය නිර්මාණයක් වන්නේ නැහැ

      Delete