Sunday, February 3, 2013

කොනේ කඩේ එකීගෙ කවි




කවි කියන්න ආසයි මං
කොහොමද කවි කියන්නේ මං
පෝය ලබන දවසට නං
කියනව කවි ඕන තරං
බණත් හරවලා කවියෙං
මුඩුක්කු මායිමේ හම්පඩ සිවුර දාගත්තු කැහැටු හාමුදුරුවො

ආප්ප පහයි තේකයි
ලුණුමිරිසයි කෙහෙල්ගෙඩියයි
නෑ නෑ මාරු වෙලා වගෙයි
ආප්ප පහයි ලුණුමිරිසයි
කෙහෙල්ගෙඩියයි තේකයි තව බනිසයි
ඉතිං බලාන් කවිත් හමාරයි
බිස්නසුත් විනාසයි
ලාච්චුවේ ගාන බැලන්ස් නැත්තං මොන කවිද කියාපං මේ අවුවස්සේ

අල්ලපු වැටේ ගෑණි මොර දෙද්දි
බාගෙට හෙළුවැලි ලමයි පොර කද්දි
ඉඳ හිට පොලිස් සොක්කො පල්ලම් බහිද්දි
තව කවිත් කිය කිය හිටිද්දි
යස රඟට තියෙයි වටේ උන් කනෙනුත් රිංගලා නාහෙනුත් එළියට එයි

පාන්දර තුනට දවස ඇරෙනව
රෑ දොළහට ආයෙ වැහෙනව

එස්පැරස් කෝච්චිය වගේ දුවනව
බූරු ඇඳට වැටුණු හැටියෙ නින්ද යනව
මිනිහනම් අනන්තවත් වද කරනව
ඌ හතරගාතෙන් හරි නඩලමේ ගිහින් හරි ආ දාට විතරයි මං සැනසීමෙන් ඉන්නේ

එද්දිනං ගෙනාවෙ නෑ
ගියත් ආය ගෙනියන් නෑ
කෙල්ලොම හතරයි කොල්ලෙක් නෑ
වෙලාවට දැන් අතේ උන් නෑ
මුන්ටත් දැන් තනියෙං කමක් කාරියක් කරගන්ඩ පුළුවන් දෙයියන්නෙ පිහිටෙන්

ඉතිං බලාපල්ලා
බැයිනං අහන් ඉඳිල්ලා
පද තාල ගලපාලා
කවි කියන හැටි හිතපල්ලා
මේ සුමේ කරල කරලා
මටත් දැන් ඇති වෙලා ඉන්නෙ මේ කරුමෙකට කරගහල - තව කවිත් කියපංකො
Comments
9 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

9 comments:

  1. නියමයි.. වැඩි විග්‍රයන් කරන්න, දැනුමක් නැති වුනත් මේ කවි වල මං ආසයි.

    ReplyDelete
  2. ව්‍යංගාර්ථය පදමට දැමූ
    උපහාසය මද පමණට මුසු කළ
    ආතල් සහ යථානුරූපී
    කොත්තුවකි.........

    ReplyDelete
    Replies
    1. කොත්තුවක් වගේ ජීවිතේ කොත්තුවේ හැඩේ නැත්නම් වැඩක් නැනේ :)

      Delete
  3. සිත්තරිටත් එන අදහස්...නියමයි හලෝ....අද අකුරු නම් පොඩි වැඩියි කියවගන්න අමාරුයි.. ඇහැ රිදෙනවා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්... :) අකුරු පොඩියට දැම්මෙ, ලොකුවට දැම්මොත් අන්තිම පේළිය පේළි දෙකකට එන නිසා.. එතකොට අවුල් වගේ...
      අපහසුතාවය ගැන කනගාටුයි අයියා

      Delete
  4. සිත්තරී ඔයාගෙ කවි අමුතුයි....... ඒත් මාර ගති....

    ReplyDelete
  5. කොනේ කඩේ එකීගෙ කවි...... අපූරු කවියක් නූගත් ගැමි කාන්තාවකගේ හෘද සාක්ෂිය.. ඇත්තටම ලස්සනයි.

    ReplyDelete