Sunday, February 10, 2013

නිරුවත් ගැහැණියක් වුණා මං ඔන්න ඔබ හින්දම




මට මතකයිද මංදා
පසුකරපු පෙම්වතුන් ගණන
උන් මට ඇතුල්වුණ වාර
උත්සාහයක යෙදෙමින්
අතීත ස්මරණයක
එකින් එක
පාස් කර කර
ජීවිතේ දිගු දුරක
ඇවිල්ලත් මං අද තනියම

ඔන්න එක සැරයක්
ඒකනම් මතකයි හොඳට
පළමු පෙම්වතා හින්දම
වරකපල පැත්තෙ පොඩි ඇලක
කාටවත් නොපෙණෙන මුල්ලක
නෑවා වතුරෙ නට නට
දිය බුං එක්ක හාදු හුවමාරුව
හිතලේ වෙව්ල වෙව්ලම

මැදපු නැති අළුත් කොන්ක්‍රීට් ගෙබිමක
පිටේ රළු සිමෙන්තිය ඇණි ඇණිම
ඔහුගෙ බර මගේ ඇඟ මත
උණු කෙළ අහුරක රසය
මගේ කට තුළ....

තව දවසක් සොරබොර පෙනෙන මානයක
පුංචි කුටියක් වෙන් කරගෙන අපිටම
පළමු රැය වෙන්න ඇති එහෙම මම හිටිය
වින්දා එළි වෙනකම්ම එහි රසය

මුහුදු හුළං වැදෙන මානයක තව දවසක
දෙවැන්නාගේ අතින් ඇදගෙන
බෑම කියද්දී වැල්ලෙ උඩ පැන පැන
රඟපු රැඟිල්ලක තරම වැලි කෙලියක

රැයක් ගෙව්වා ඔහු එක්ක එක ඇඳක
රතු පාට ලයිට් එළියක් දල්වගෙන
එපා වුණා මුළු ලෝකෙම
හනිදිපත් රුදාවයි මුළු ඇඟම කකියවන

මතක විදිහට සිනමා හලක ඊළඟ හමුව
තුන් පැත්තක් වැහුණු පෙට්ටියක
ජීවිතේටම ලබපු උණුහුම්ම ස්පර්ෂය
අනේ මංද වචනත් නැහැ කියන්න

තවත් දවසක පිට්ටනියෙ නා ගහ යට
ලං වෙද්දිම හාදුවක් දෙන්න අඩ අඳුරෙම
ඒ මේ කවුරුවත් නෙවේ වෙනමම කෙනෙක් ඔන්න
හැඟණා මට කිසි හැඟීමක් නැති බව

දැන් අවුරුදු ගණනක් ඒ හැම එකක්ම
පහු කරන් ඇවිත් තව මතක ඇති නැති ගණනක
හමුවෙනවට හමුවෙනව විතරක්ම නෙවෙයි
පොඩි පහේ රහකුත් ලබන්න හින්දම
හිතෙනව තව තව උන් මොන මොන විදිහද බලන්න
ලියන්න ඇති ඇති නොකිය මදි මදිය කියන්නම
නිරුවත් ගැහැණියක් වුණා මං ඔන්න ඔබ හින්දම
Comments
51 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

51 comments:

  1. පිරිමියා පලිද දැන්? , නියමයි

    ReplyDelete
    Replies
    1. පිරිමියත් පලි එක අතකින් නේද

      Delete
  2. වැලේ වනපු යුනිකෝඩ් පිටුවක්ද කොහෙද මයෙ හිතේ o.O

    ReplyDelete
  3. වයිරස් ආවත් අදනම් කියෙවුවා.

    ReplyDelete
    Replies
    1. තවත්නම් මොන වෛරස්ද..... සමාජය තරම්.....

      Delete
  4. කියන ටික කෙලින්, කැටයම් දාලා කියන්න........නියමයි..........අලුත් මානයක්.........වැදෙනවා රිදෙන්න........

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
  5. නූතන පරපුරේ කෙල්ලක මුහුණ දෙන ඛේදවාචකය මොනවට නිරූපනය කැරෙන අපුරුම නිර්මාණයක්..බමරුන් එති යති... එහෙත් මල එතැනමය පරවෙමින්. මේ මලකට හිතෙන දේ මොනතරම් මානුෂියද? සිත්තරිය එය අකුරු කොට ඇත්තේ විස්මිත ම අයුරකිනි. කෙල්ලක නිරුවත් කරන්නට පෙර සිතන්න යමක් අද කාලේ කොල්ලන්ට.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... මේක ලීවම අපේ ඔෆිස් එකේ සමහරු මට බැන්න මොනවද මේ කුණුහරප කියලා.... බොහෝ දුරට ලිං මැඩියෝ සෑහෙන තරමක් ඉන්නව තවම....

      Delete
  6. පොල්ලෙං ඔලුවට ගැහුවා වගේ. හපොයි!

    ReplyDelete
  7. ෂී........... වල්.... අපි එන්නෑ ආයේ 18+ කියලා දාන්න එපැයි ඇ..

    ReplyDelete
  8. හැමෝටම රිප්ලයි කරන්න විදිහක් නැහැ.... මගේ ලැප් රාජයා උග්‍ර අවදානමක..... ඔයාලා සේරටම ස්තූතියි කියල මේ විදිහට කියන්නම්.....

    සැර වැඩි නැහැ කියල හිතනව පද පේළි ටික

    ප:ලි: ශම්මි වගේ පුංචි ඈයො මක්කට එනවද මේ දිහාවෙ ඈ...... ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ... අපි දන්නෝද මෙච්චර දෙයක්.. ..ඒනම් එන්නැනේ.. හලේ...

      Delete
  9. නියමයි ඈ , අර පින්තුරේ තව ටිකක් පහලට වෙන්න තිබුනානම් ලස්සනයි නේද ....,

    ReplyDelete
    Replies
    1. හැ.... පවු ඈ....
      නාලා එන්ටකො... පහළට කරල අරන් තියන්නම් ඈ....

      Delete
  10. මං එනකොට පෙරහැර ගිහිං..

    ReplyDelete
  11. හරිම අපූරුයි..අනුරසිරි හෙට්ටිගේ මහත්මයා ගේ තරු දූවිලි නවකථාව මතක් වුණා.
    වර්ථමාන ශ්‍රී ලාංකික කාන්තාවටත් ගෝලීයකරණය වෙන්න වෙලා කියන එක තමයි මේ හැම දෙයින්ම පේන්නේ..

    ReplyDelete
  12. අනේ කාලේ වනේ වාසේ, කිව්වා ලු! ;)
    "මැදපු නැති අළුත් කොන්ක්‍රීට් ගෙබිමක
    පිටේ රළු සිමෙන්තිය ඇණි ඇණිම..."

    මරේ මරු ඈ! :D

    ReplyDelete
  13. හනේ අම්මේ... මරු අක්කේ...
    දැන් අවුරුදු ගණනක් ඒ හැම එකක්ම
    පහු කරන් ඇවිත් තව මතක ඇති නැති ගණනක
    හමුවෙනවට හමුවෙනව විතරක්ම නෙවෙයි
    පොඩි පහේ රහකුත් ලබන්න හින්දම
    හිතෙනව තව තව උන් මොන මොන විදිහද බලන්න
    ලියන්න ඇති ඇති නොකිය මදි මදිය කියන්නම
    නිරුවත් ගැහැණියක් වුණා මං ඔන්න ඔබ හින්දම

    මේ ටික නම් මරු හොඳේ...

    ReplyDelete
  14. නිරුවත කියන්නෙ සුන්දර දෙයක්, නිරුවත් වීම කලාවක්..
    මෙ දෙකම එකතු උනාම......... සොඳුරු ගැහැණියක්...

    ReplyDelete
    Replies
    1. ඔබට මගෙන් hi-පහක්! :)

      Delete
    2. :) සමහර වෙලාවට ඒ අවස්ථා වලින් පසු හැඟීම ගැන හිතල බැලුවොත් මොන තරම් දුරට සුන්දරත්වය පවතිනවද කියන එක මහ භයානක යථාර්ථයක්

      Delete
    3. @ලොක්කයියා ... කතාවනම් හරි...

      නමුත්, නිරුවත් පෙනන මානය ඉන්න අයගේ හැසිරීම් මත නිරුවතේ සුන්දරත්වය කෙතරම් දුරට රැකේද ?

      Delete
  15. ඒ මොහොත සුන්දර කර ගන්න එක තියෙන්නෙ තමන්ගෙ අතේ.. මට නම් ඒ හැම මොහොතම සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. අනාගතේට තමයි බලන්න වෙන්නේ....

      Delete
  16. සුන්දරයි.. දුකද කියන්න නං දන්නේ නැත...

    ReplyDelete
    Replies
    1. :) එය ඇසේ ග්‍රහණය හදවතේ ශේෂ වේවි...... කුමක් ලෙසින් හෝ...

      Delete
  17. ඒ මේක අත්ත කතාවක්ද හලෝ.මේව ඇහුවම අවුරුදු 21ක් වෙනකන් අපි අලකෑවද කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අනේ මංද අපිනම් දැන් නෑ

      Delete
    2. ඒ කියන්නේ අක්කේ මේක ඔයාගේ හිතළුවක්ද,,ඇස් දැකීම් වලින් ලියවුණු.

      Delete
  18. arthawath kunu harupa... habai... meke warada pirimyage ma vitarak newei... gahaniyath methana wadi... kotasak aithi...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු විදිහට ගත්තම සේරමලගෙ කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හරි තීනවනෙ

      Delete
  19. සමාජේ ඇත්ත තත්වයම කියල තියෙනවා. කවුද වැරදි. හොදට හිතන්න වෙනවා .....

    ReplyDelete
  20. නිරුවත් වීම මා මෙතනදී දකින්නේ විවෘත වීමක් ලෙසයි.අවසානය තෙක් කියවූ මා හට හැඟී ගියේ සියල්ලක් අවසානයේ ඇය විවෘත වී ඇති වගයි..එහෙත් ඇය විවෘත විය යුත්තේ ඇයට ඒ සඳහා සුදුස්සක් ඇය වෙනුවෙන් ඇසීමට යොමු කිරීමට කන් ඇත්තෙකු වෙත පමණි..ඇය විවෘත වන්නේ සමාජයට නම් ඇය ගේ නැවතීම ඇත්තේ..වෙනත් තැනකය..මෙය යම් තාක් දුරකට යථාර්තයයි..අපි ඇසීමට දැකීමට ඇකමැති එහෙත් ඇසිය යුතු සවන්දිය යුතු යථාර්ථයයි..
    මට මෙය කුරුහර්පයක් සේ නොපෙනිනි..මුල සිටම ඇය පවසන්නේ මට හැ‍ඟෙනා ලෙසට ඇය විශ්වාසය ඔහු කරා තැබූ වගයි..දෙවැනි,තෙවැනි,සිව් වැනි වරටද එසේමයි.පසුව ඇය දකින්නේ සමාජයම එසේමයි ලෙස ද? ඇය සමාජය කෙරෙහි විස්වාසය තබයි ඇය විවෘත වෙයි..ඒ ඇය ගේ අවසානයයි..

    ReplyDelete
    Replies
    1. මිනිසා.... කිසි විටෙකත් විශ්වාසය තැබිය නොහැකි සත්වයෙකි....
      පිරිමින් මෙන්ම ගැහැණුන් උදෙසාද මෙය සත්‍ය වේ..... (බොහෝ විට)
      අවස්ථාව සහ කාලය අනුව සියල්ල තීරණය වේ.

      Delete
    2. //මිනිසා.... කිසි විටෙකත් විශ්වාසය තැබිය නොහැකි සත්වයෙකි// හ්ම්ම් .. දැනට හම්බුනා අයගෙන් මට විස්වාස මම විතරයි..

      අවස්ථාවාදී මුදලට යටවුනු සමාජයක සබ්‍යත්වයක් කොයින්ද.........
      වැරද්ද කාගේද.. ප්‍රමාද වැඩි වේවි

      Delete
    3. මටනම් මාවත් විශ්වාස නැහැ සහෝ.......... :)

      Delete
    4. :o අයි අක්කේ එහෙම කියන්නේ ? ආත්ම විස්වාසේ තියෙන්නම ඕනනේ

      Delete