Sunday, July 28, 2013

කාම සූත්‍රය හා කජුරාවෝ විනිවිඳින තුරු..... - අතිශයින්ම බබාලාට නොවේ

ආගම මුඛ්‍ය කොටගත් ලෞකිකත්වයේ අතරණීය කඩයිම මට හමු වන විට යන්තම් 15වන විය එළඹුනා පමණි. ඇලීම් බැඳීම් නිශේදනය කරමින් පෙන්වා දෙන ලද දැහැමි මගක සිත ගමන් කරවිම, සිදු කළ යුතුම අවසන් ක්‍රියාවයැයි සම්මත කරන ලද සමාජයේ අරටු බැසගත් නගරයක, උඩරට බොදු කුල දැරියන් බිහි කිරීම තේමා පාඨය කරගත් බාලිකාවක, පවුලේ හැර වෙනත් කිසිදු පිරිමි පුළුටක් ඇස නොගැටෙන මානයක, තහංචි කරන ලද රූපවාහිනී වැඩසටහන් කෙරෙහි සපුරාගත නුහුණු සරාගික ප්‍රේමයක් ඇතිව කාවන් නෑ පුස් ගඳ ගහන පොත් තුළ වසර ගණනක් නෙත් ‍ඔබා සිටි මට 'නුරාවේ අනුරාව නංවන තත්, මා තුළම කම්පනය වු දිනය' 15 වන වියේදි මුන නොගැසුනි. 


මා මුල් වරට ශරීරාභන්තරයෙන් ප්‍රකම්පනය වූ ආගන්තුක හැඟීමෙන් තිගැස්සුනේ 10 වන වියේ සිටියදීය. ඒ, චිත්‍ර පංතියේ ගුරුතුමිය පෙන්වූ (හෝ අප මේසය මත තිබී බැලූ විය හැක. නිවැරදි මතකයක් ඒ පිළීබඳව මේ මොහොතේ මට නොමැත) ජෝජ් කීට් ගේ සිතුවම් පොතක් දැකීමෙනි. යටිබඩේ ඇති වූ කැළඹීමක් වැනි, මා හඳුනා නොගත් හැඟීමක් එවේලෙහි මට ඇති වූ හෙයින් මම එය 'අනවසරයෙන් මගේ මනෝ ගැබට ඇතුල් වූ, මට පහර දුන් හැඟීමක්' ලෙස හඳුන්වමි. සිතුවම් බලා දින ගණනක් වන තෙක්ම ඒ මගින් ඇති කළ කුතුහලය හා ආගන්තුකත්වය මා තුළ විය. 

ඔබ විරුද්ධ වේවි.... කලාව යනු මිනිසා ස්වයං මෝහනයකට පත් කර, ස්වයං තෘප්තියක් ජනනය කරන්නක් නොව, නිරාමිස ප්‍රීතියකට සිත සමාධිගත කරවන්නක් බැව් ඇතැමෙක් කියාවි.

නමුත් මම නොසිතාම, නොවිමසාම එය බැහැර කරමි. කලා කෘතියක් තුළින් සන්හිඳියාව නොව, ප්‍රකෝපය, කලහකාරී බව, විත්ත වික්ෂිප්තය ඇති කරවිය හැකිය... එමතුද නොව ලිංගික උත්තේජනයක්ද මෙලෙසින්ම දිය හැකිය. එවන් වූ ප්‍රකාශනයෙන් පරතෙරට ගිය කතාකරුවෝ ලොව බොහෝ විය. අදටද ඇත්තේය.... කලාව යනු අනෙකක් නොව හුදු 'ප්‍රකාශනයක්, සන්නිවේදනයක්' ලෙස යම් හෙයකින් කිව හැකි වන්නේ මෙනිසාය.... එසේම එය වින්දනිය සංකල්පයකි. (ප්‍රකෝපයද වින්දනයකි) මෙය ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා පරාසයක පිහිටන අතර, රසවින්දකයාගේ පරාසය තිරණය වන්නේ ඔහුගේ හෝ ඇයගේ දැක්මේ ප්‍රාමාණිකතාව මතය.

මම දැන් මා කියන්නට අදහම් කළ දේ වෙත එමි...... කජ්රාහෝ... (කජුරාවෝ) දේවස්ථානයෙන් අපට අප පුද්මයටත් හැඟිම් අතරමං කිරීමටත් ලක් කරන නිර්මාණයෝ හමු වෙති. ලිංගික ඉරියව් අවස්ථා සහිත මේ කැටයම් පෙර කි ලෙස මා නෙත ගැටුනේ මා 15 වන වියේ සිටියදිය. එනම් ඒ මා දෙවන වර ආගන්තුක හැඟීමක් තුළ කොටු වු අවස්ථාවයි.










මගේ මව මෙම විහාරයට යාමට පෙර මට ගත් දුරකථන ඇමතුම අතරවාරයේ මම ඇයට කීවේ, 
"අම්ම ඔතෙන්ට යන සිතිවිල්ලෙන්ම අම්මට එළියට එන්න ලැබෙන්නේ නැහැ. ඒත් අම්ම ජීවිතේ කවදාවත් පුදුම නොවුණු තරම් පුදුම වෙයි" කියාය.
පැය දෙකකට පසු ඇගෙන් පිළිතුරු ඇමතුම ලැබිණී.
"අනේ පුතේ ඔයා කියපු දේ සහතික ඇත්ත. මට අදහගන්න බැරි වුණා"

රැඩිකල් මවක සිටීමේ ප්‍රතිඵලය මත (එවකට) මට කාම සූත්‍රයේ අවස්ථා ගණනාවක් දැක්වෙන වර්ණ කරන ලද සිතුවමෙන් යුත් පොතත් සමග කජුරාවෝ කැයම් පිරි විසල් පොතක්, පෝස් කාඩ්, ඩීවීඩි පටයක් ආදිය ලැබිණී. මම තෙවන වර, දෙවරක්ම මට ආගන්තුක වූ, එහෙත් වයසින් මුහුකුරා යාම සමග මම හඳුනාගත් සිතිවිල්ල එදින නැවත මුනගැසිණි. 

අවාසනාවකට මගේ මව නැවතත්...., කිසිදා පරිවර්තනය නොවන සාම්ප්‍රදායික දේෂීය චින්තනයකට මේ වන විට අනුගත වී ඇත. එහෙත් මා සතු සම්පත් එලෙසමය... මවිසින් කෙරෙන නිර්මාණයන්ට මේ වන විට දැඩි තහංචි පනවා තිබුණද මම රහසේ සියල්ල විඳිමින් තෘප්තිමත් වෙමි. ගතානුගතිකත්වයට පයින් පාරක් ගසා, එය ඈතට විසි වු පසු, නැවත එයට ළං වන අවස්ථාවේ නැවත පයින් ගසා දුරට විසි කර දැමිම කොතරම් ආනන්දනියදැයි ඔබ දන්නවාද?
Comments
39 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

39 comments:

  1. අෆොයි... කාම සුත්‍ර. !!! (සුට්ටි එකෙක් නිසා මුකුත් නොකියමි )

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... ම්ම්ම්... අමතක උණා කියන්න ලිපිය අගෙයි. මම මෙවැනි කලාවක් ගැන නොදනිමි. අද දැන ගත්තෙමි. බොහෝ අගෙයි. සුබ පැතුම්.

      Delete
  2. මේව පොඩි දේවල්නේ..

    ReplyDelete
  3. කාමය කියන දේ ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍යයි කියන දේ අපේ සමහරු තේරුම් ගන්නවනම්.. ඒ විනාශකාරී කාමය නොවන වගත් අපේ ඇත්තන් තේරුම් ගන්නවනම් මේ තහංචි මොකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. නමුත් මිනිස්සු හිතන්නේ ඒවා තිර දාලා වහලා රහසිගතව සිතිය යුතු, කිසි විටෙක එළිපිට කථා කළ නුයුතු දේ හැටියට. (බහුතරය)... අන්න එතෙන්ට ගේනවා සදාචාරයේ කඩතුරාව. ඊට පස්සෙ ඉරකින් සිමාවක් දක්වලා, ලේබල් එකක් ගහනවා මේ සදාචාරයේ රේඛාව පැන්නුවොත් සම්මතයෙන් පිටයි කියලා

      Delete
  4. පට්ට ලියවිල්ලක්නේ...

    ReplyDelete
  5. මම තේරුම්ගන්න උත්සාහ කරන්නේ එතරම් විවෘතභාවයක් තිබුණ සිත්තරීතේ මව සම්ප්‍රදායේ සිරගෙය තුළ නැවත සිරගතවූයේ ඇයි කියන එකයි., මේ ලියවිල්ලේ දේශපාලනය මුණගැහන්නේ එතනදී යි.

    ReplyDelete
    Replies
    1. හේතුව අයියේ, වයසත් එක්ක එයා ආගමට යොමු වුණා... අවුරුදු දෙකක් තුනක් වැනි කෙටි කාලයකදි, එයා වයසයි කියල දැනෙන්න දැනෙන්න එයා ගොඩක්ම සම්ප්‍රදායික වුණා. දැන් අපි දෙන්න අතර ගැටුම් වැඩී.. සිතිවිලි පරම්පරා දෙකක් අතර ගට්ඨනය නිසා එකිනෙකාට විරුද්ධව තදින් පහර ගහනව සමහර මාතෘකා වලදි

      Delete
    2. මම ඒක අනුමාන කළා. ආගම මනිස්සුන්ව ගෙනියන්නෙ “හොඳ“ තැනකට නෙවෙයි.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් බැලුවෙ! අනේ මංදා!

      Delete
    2. එහෙම නෑකමක් නම් නෑ... මම සිත්තරී විතරයි :)

      ස්තුතියි

      Delete
  7. කමෙන්ට් එකක් දාන්න තරං මට මේක මීටර් උනේ නෑ...
    එක්කෝ මගේ වැරැද්දක් වෙන්නැති...

    ReplyDelete
  8. මාර කතාවක්නේ ලියලා තියෙන්නෙ!! ඇත්තටම ලංකාවෙ මෙහෙම ස්ථානයක් තිබ්බනං ඒක කුඩු කරලා දාලා ෂුව එකට!! ඇයි අපේ එවුන් සභ්‍යත්වයේ කිමිදිලනේ ඉන්නෙ!

    ReplyDelete
    Replies
    1. මෙහෙම්මම නැතත් මින් දශම බිංදුවයි බිංදුවයි බිංදුවයි එකක විතර ප්‍රමාණයක් සමු වන තැන් කීපයක් තියෙනවා

      Delete
  9. මම දන්න තරමට මෙවන් ලිංගිකත්වය ආශ්‍රිත එකම පැරණි කැටයමක් තියනව පොළොන්නරුවෙ ශිව දේවාලයෙ පිටත බිත්තියෙ. කාන්තාවක සහ බඹරකු සම්බන්ධ විචිත්‍ර කැටයමක් වූ එය මට පෙන්වා දුන්නේ පුරාවිද්‍යාවට සම්බන්ධ ආයතනයක මම සේවය කරද්දී මගේ සගයෙක් විසින්.

    අපූරු ලියවිල්ලක් සිත්තරී..ඔබේ ලිපි විද්යුත් තැපැල් මඟින් ගෙන්වා ගැනීමේ පහසුකම ඇති කලොත් මොකද?

    ReplyDelete
    Replies
    1. පොළෙෘන්නරුවෙ කී වෙනි ශිවදේවාලෙද ඒ කියන කැටයම තියෙන්නෙ කියල මං දැනගන්න කැමතියි. ඒ ගැන මම මීට කලින් අහල නැහැ. හැබැයි, නාලන්දා ගෙඩිගේ පිටත බිත්තියේ මෛතුන්‍යයේ යෙදෙන කැටයමක් ඇති බව දන්නවා.

      දෙවෙනිව ඔබ කී කරුණ, විද්‍යූත් තැපෑලෙන් ලිපි ගෙන්වාගත හැකි පරිදි සෙටින්ස් හදන්නෙ කොහොමද කියල මං දන්නෙ නැහැනෙ :(

      Delete
    2. “මානව මිථුන“ නමින් පසුව නම්කළ කුඩා මූර්තියක් මාතලේ පෙදෙසින් හමුවුනා (වසර කීපයකට පෙර)
      බොහෝවිට එය කවුරුන් හෝ “නිකං ඉන්න ගමන්“ කළ වැඩක් විය හැකියි. නැතිනම් එවැනි මූර්ති හෝ කැටයම් තවත් හමුවිය යුතුයි.

      Delete
    3. අයිය කි යඅයන්නේ නාලන්දාව ගැන වෙන්න ඕනි. මාතලේ තමයි ඒකත් තියෙන්නෙ.

      ඒ වගේම සංසර්ගයේ යෙදෙන සිතුවමක් හමු වෙනවා පොළොන්නරුවෙ තිවංක ප්‍රතිමා ගෘහයෙන්. මෙය බොහෝ දුරට දඹදෙණි යුගයට අයිති බව කියවෙනවා

      Delete
    4. ඊමේල් මගින් මේ අඩවියේ ලිපි ගෙන්වාගත හැකියි දැන්....

      ඒ පිළිබඳ මාගේ ස්තුතියි නන්දික මල්ලිට. එයයි හදල දුන්නේ

      Delete
  10. රවි කියපු තැන මටත් මතක් උනේ මේ කමෙන්ට් එක දැක්කට පස්සේ.. මට මතක අපෙ සර් කෙනෙක් ඔය ගැන කතා කළා කියලා විතරයි දැන්. .ඒ කාලේ චිත්‍රයි පුරාවිද්‍යාවයි ඇතුලේ කිමිදිලනේ හිටියෙ... හි හි...

    //ගතානුගතිකත්වයට පයින් පාරක් ගසා, එය ඈතට විසි වු පසු, නැවත එයට ළං වන අවස්ථාවේ නැවත පයින් ගසා දුරට විසි කර දැමිම කොතරම් ආනන්දනියදැයි ඔබ දන්නවාද?///

    ලේසි නෑ... කජුරාවෝ ගැන ලියපු ටිකට වඩා මේ අන්තිම ටික වැදුනා.. තරුණ කාලයේ බොහො දුරට නිදහස් මතධාරීව ඉන්න අය බොහෝ දෙනා පසුකාලීනව ගතානුතගිකත්වයේ අන්තයටම යන බවට මටත් අද්දැකීම් තියෙනවා... ඒක දකින අයට දුකක් ඇතිවෙනවා උනත් මං හිතන්නේ ඒක වෙන්නෙත් වයසට හෝ තනි පුද්ගලික හේතු මත නෙවෙයි, සමාජීයව පුද්ගලයා මත ඇතිකරන බලපෑම නිසා කියලා...

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට මම උත්සහ කරනවා මගේ ප්‍රතිපත්ති වෙනස් නොකර ඉන්න.... ඒ කියන්නෙ මගේ සිතිවිලි වල ස්වාධීනත්වය ගැන.....
      ඒත් මං (අපේ සමාජ මිම්ම අනුව) සුදු චරිතයක් නොවන නිසා මේ සමාජෙ ගල් මුල් නැතිව මේ විදිහට නැගී හිටින්න අමාරුයි.

      Delete
  11. මේ පොසිෂන් ගන්න විදිහ හිතාගන්න බැහැ අයියෝ..

    වෙනසක් නැතිව ජෝඩුවක් ජීවත් වෙනව නම් නීරස වෙනවා. මේ පොසිෂන් ටිකක් අල්ල ගන්නෝනි අයියෝ.. :)

    ජය !

    ReplyDelete
  12. ලිංගිකත්වය දකුණු ආසායාතික රටවලට අමුතු දෙයක් වුවත් බටහිර ලෝකයත් එක්ක ගත්තාම සරල දෙයක්. ඒත් ඒ සඟවා තැබීම් අතර අමාරුවෙන් හෝ තේරුම් ගැනිම වැදගත්. අනෙක් අතට "කාම සූත්‍ර" වගේ නිර්මාණාත්මක වෑයමක් ඓතිහාසිකයි. එවන් දේ සගවා තැබීමෙන් වන්නේ කුතුහලය අවුලුවාලිමක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඒ සඟවා ලූ කුතුහලය නිසා සමාජයේ තරුණ පිරිස් ඒව ගවේෂනය කරන්න ගිහින් වැරදි මං තෝරා ගන්නා අවස්ථා විරල නැහැ. කනගාටුයි ලංකාව තුළ නිසි අධ්‍යාපනික ක්‍රමවේදයක් මේ පිළිබඳ නොමැති කම සහ, සදාචාරය කියන දුහුල්පටින් මේව වහන්න ගන්න නිස්සාර උත්සාහය ගැන

      Delete
  13. niyamai. mewage than geí mama ím daígeí hitiye ne...

    ReplyDelete
  14. මෙම ලිපිය රසවත්. මම ආගම හා කලාව අතර වෙනස පටලවා ගන්න අකමැති කෙනෙක්. ආගම මඟින් මිනිසාගේ කාමුක සිතිවිලි යටපත් කර දමනවා. ඒ වගේම කාමුක සිතිවිලි ක්ෂය කොට හරිනු ලබනවා. අපේ අවසාන මාර්ගඵල දෙක වන අනාගාමී හා අරහත් අවස්ථාවේදී සිදු වන්නේ කාමුක සිතිවිලි ක්ෂයකොට මුුලුමනින්ම ප්‍රහීණකර දැමීමේ නිෂ්ටාවයි. මුලික මාර්ගඵල අවස්ථා දෙක වන සෝවාන් හා සකෘදාගාමි අවස්ථා දෙකේදී කාමුක බව ක්‍රමිකව ලීන කර දැමීමට පියවර ගැනෙයි. බුදුදහමේ මූලික හරය කුළු ගන්වා ඇත්තේ මාර්ගඵල අවබෝධය ලැබීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට අදාළව මිනිස් මනස ශික්ෂණය කරවීමයි

    ReplyDelete
  15. nangi.. ammala ehema thamai.. eka therum aragena amamge hithath noridawa oya kemathi deyak karanawa nam godak hondai.. ammalage heti ohoma thamai.. apita ewa wenas karannath baha. oya amma kenek wechcha dawasata oyage duwatath hithei "ape amma" hari wenas mama wage hithanna danne naha kiyala. E nisa oyage EQ diyunu karagattoth oyata godak dewal harima saralawa therum ganna puluwan wei..
    oyage liyawilla nam hari lassanai . avyajai.

    ReplyDelete
  16. Me kalawa agama wage godak dewal gana mata nan lokuwata terumak ne. Et kiyanna hadana de hari kiyala nan hegimak tiyenawa. Satutui aluten deyak igenaganna kiyawanna lebuna eka gana. Godak pin.

    ReplyDelete