Wednesday, July 3, 2013

කාලයේ කුරිරු සරදම




නර කෙසක් දුටිමි
මුව විපරම් කළ
කැඩපතින් වන් දෑසින්
නර කෙසක් දුටිමි



කඳුළක් අඳුන් බොඳ කළ
ඇන්දා සිතුවමක්
රෝස අදරට කළු ඉරක් මුහු කර
කියඹුවක ඝන නිල දුටිමි
සායම් මැකූ උවනක
කඳුලකින් දිදුලන


වරනටද පල නොදැරි
අමතක වසන්තෙක අගිස්සෙම
බිම වැතිරි අවසන්ම පතෙහිද
පඬු පැහැය දූවිලිව විසිරුණු
මායිමක් මානමින්
දේදුණු බැමක නර කෙස
සුරතත‍් වෙව්ලුවා
අංජන කූර බිම රුවා
බිහිදොරට පමුණුවා මතකය
වැඩමවා කුළුඳුලේ ගිම්හානය
ඇද දමා වසාලූ තිරකඩ
පැමිණවිය අබියසට

කාලයේ කුරිරු සරදම
Comments
2 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

2 comments:

  1. කවි නිසදැස් ඉතිහාසේ කෝ කතාවක් ලියන්නේ නැද්ද

    ReplyDelete
  2. ජය !

    මේවාට කමෙන්ට් කරන්නට තේරෙන්නෙ නැහැ බොලව්..

    ReplyDelete