Saturday, August 3, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/31 - 4 ‍කොටස



කිමිදෙමින් සිටි සිහින ලොවට ඈ කොතරම්ආදරය කළාද යත් යම් සිතිවිල්ලක් පසුපස්සේම සිත දුවවන්නට ගත් දා පටන් ඇය මෙලොව වාසීකිසිවෙකුත් නොවිය. ඇගේ සිහින ලොවම චරිතයක් වූ ඇය යථාර්ථය තුළ පරිකල්පනමය ලෝකයක්මවාලීය. තනිව හිඳ මුමුණමින් ඈද නොදන්නා අරුත් සහිත, (බෝහෝ විට මේවා කිසිදු අරුතක්නැති වචන සමුදායක් පමණක්ම විය) ගී, ඇගේම තාලයන්ට මුසු කර ගැයූ ඇය ගඟවැරුල්ලා පඳුරුමත දෙවියන්ගේ අදෘශ්‍යමාන හස්ථයෙන් රාත්‍රියේ අඳුරට අලංකාරයක් ලෙස මවනා ලදකනාමැදිරියන් සිය දහස් ගණනක් දෙස බලා තමා හා අත්වැල් බැඳගන්නැයි උන්ට ආරාධනා කළාය.නිවස ඉදිරිපිට බෑවුම දිගට සිටුවා තිබූ මෙම ගඟවැරැල්ලා වැට පුරාවට රාත්‍රියේ එල්ලනලද කුඩා විදුලි බුබුළු සේ දිළුණු කනාමැදිරි එළි, ඈ විසින් රාත්‍රි‍යේ මුළු විශ්වයමඅමතා කළ හුදෙකලා ගායනය වෙනුවෙන් ඇගේ වේදිකාවට දැල්වූ නිවි නිවී දැල්වෙන පහන්ම විය.


 “අම්මේ ඇයි අපි විතරක් ඇඳුම් අඳින්නඔනි, මච්චිනා ඉන්නෙ කලිසම පිටින්”

“එයා කොල්ලෙක්නෙ පුතේ”

එක වගේ ජංගිකොට පිටින් වැල්ලේ නටපුසිය ඥාති සහෝදරයාගෙන් තමන් වෙනස් වන්නේ මන්දැයි අවබෝධ කර ගැනිමට ඈ වෙහෙසුනාය. එකපැදුරේ වැටි දණ ගෑ උන් දෙදෙනා, කුරුම්බැට්ටි මැෂින් තනා වැටහිරියා කොළ ඇඳුම් මැසූඋන් දෙදෙනා, කුරුම්බැට්ටි ගලේ උලමින් එහි ඇඹරෙන සාරුව සෙල්ලම් ගෙදර තුනපහේ ලෙස ගත්උන් දෙදෙනා, කොළපතේ හිඳුවා පස්ස සීරී කෑ ගසනකන් එකිනෙකා ඇදගෙන ගිය උන් දෙදෙනා, පාටපාට කොස් කොළ ඉරටු වල අමුණා රජ ඔටුණූ, මැති ඇමති ඔටුණූ තනා ‘රජ්ජුරුවෝ උඩයි උඩයිමිටි ගොල්ලෝ බිමයි බිමයි’ කියමින් නොදුටු නොදන්නා රාජ්‍යයකට බලාධිකාරය පැවැත්වූඋන් දෙදෙනා.... පහළ ඇළේ ජබු ගසමින් හෙ‍ළු‍වැල්ලේ නැටූ උන් දෙදෙනා එකවරම බෙදිමකටලක්වී අයිතිවාසිකම් සීමා කිරීමකට ලක් වූයේ කෙලෙසදැයි සිතා ගැනීම ඇයට අසීරු විය.


‘එහෙම කරන්න එපා, ඕක නවත්තන්න, ඒකවැරදි වැඩක්, නෑ එපා... ඔහොම නෙවෙයි’ මේ සියලු පාලනයන් වෙත ඈ ක්‍රමයෙන් දක්වන්නටයෙදුණූ ප්‍රතිචාරය ඉතා රළු විය. එපා කියන්නක් කර තමා කෙරෙහි බලය පතුරුවන්නාකෝපයටත්, තමා නිසා වෙහෙසටත් පත් කරවිම ඈ විනෝදාංශය කරගත්තාය. වෙනත් කවරෙකුටවත් ඒවන විට නොතිබුණූ ආකාරයේ, පරීක්ෂණ නලයක් තුළ තිබූ උපස්ථරයක් මත ලියලමින් වැඩෙන්නාවූපැලෑටියක්ද, මිනිස් මොළයේ පැතිකඩක් තුළ ඇඳි සමිකරණ රටා රැසක්ද, මිණූම් උපකරණයන්සමූහයක සුසංයෝජනයක්ද සහිතව නිර්මාණය වුණු අලංකාර ඝනකම් කවරයක් සහිත, එදාම ඇයටඅම්මා විසින් ප්‍රායෝගික විද්‍යා ක්‍රියාකාරකම් සඳහා ගෙනැවිත් දුන් අලුත් පොත,කවරය රැළි වැටී නැමුම් පටවල් නැවත සැකසිය නොහැකි තත්වයට පත් වන තුරු ඇය පොඩි කරදැමුවාය. පොත අතට ගත්‍ මොහොතේ ඈ තුළ තිබූ, ‘මට විතරයි මේ තරම් ලස්සන පොතක්තියෙන්නෙ’ය යන ආඩම්බරකාර සිතිවිල්ල ක්ෂණයෙන් ඈ වෙනස් කර ගත්තේ, සහෝදරයාගේ වරදට සියමව තමාට බැන වැදීම වෙනුවෙන් පලි ගත යුතුයැයි ඇති වු සිතිවිල්ල මතයි. වචනයෙන් බැනනොවැදීමට කරම් කට මුවහත් නොකරගත් එසමයේ ඇය දාහතර වන විය ලැබුවා පමණි. සහෝදරයාත්තමාත් අතර තමා දෙවැන්නකුය යන මට්ටමට ඈව පත් කිරීම පිළිබඳ වූ කෝපය ඈ පෝෂණය කරමින්රැකගත්තාය. කුඩා කල සිටම පිරිමියාත් ගැහැණියක් අතර ගැහැණිය යනු වරප්‍රසාද අවමදුර්වල, දෙවැනි තැන හිමි විය යුතුය යන මිණුමක් කුළ සිර වි සිටි ඇගේ හිත නැමතිගර්භාෂය තුළ තැන්පත් කර ඈ විසින් පෝෂණය කරනු ලැබුවා වූ මෙම වෛරයේ බිඳිළිය, සියමුළු මහත් වැර යොදා දත්මිටි කමින් එදා හවස ඈ සිය දෑතින් මිරිකෙමින් ඇඹරෙමින් තිබූඝනකම් කවරය සහිත පොත මත කළ විළිපැහැරීමත් සමග මෙළොව එළිය දුටුවාය.


දෑසින් කඳුළු වැගිරිණී. මිටි කෑ දත්සෙලවිණි. උණුහුම් වූ ලෙයට සම රත් විණි. ඈ කෙරෙහිම උපන් කෝපය, වෛරය නිසාම ඈවෙව්ලිණී. සුළු මොහොතකට පෙර ආඩම්බරයෙන් අතට ගත්, අනිත් මිතුරියන් වෙත ආඩම්බරයෙන්පැ හැකි වස්තුවක් ලද හෙයින් ඇතිවූ මාන්නය සහිත වූ ඈ.... ඈම නොදැන ඈටද නොදන්වා තමාතුළින් ප්‍රතිසන්ධී ලද ඇයම බිහි කළ වෛරයේ ලදැරිය දෙස බලා පොත් කවරය මතට කඳුළුහෙලන්නී ඇය සුකොමල ගැහැණියගෙන් කොතරම් දුරස්දැයි මුල් වරට අවබෝධ කරගත්තාය. ඉනුත්වසර කිහිපයකට පමණ පසු මවගේ පෙළඹවීමෙන් සාමි වරයෙකු වෙත බලෙන්ම ඇදගෙන යනු ලැබූ ඈ,ඇයට නොපෙනුණු ඔහුට පෙනුණු ඇගේ දෛවය දෙස බලා ඔහු පල කළ නිගමනය,

‘මේ දරුවට හිතට එන කේන්තිය නිසා බඩුමුට්ටු වුණත් පොළවේ ගැසිමේ හැකියාව තියෙනවා.’

යන්න සඳහා ‘ඔවු’ යැයි පිළිතුරු දීමටපෙර කී පොතේ සිදුවීම ප්‍රමාණවත් විය. එදායින් පසුව ඇය කිසිදු ලෙසකින් තමා අවට බඩුමුට්ටුවලින් පළි නොතග් නමුත්, සාමි වරයා කියන්නේ ඇත්ත යැයිද, ඔහුගේ අනාවැකි සත්‍යයැයිඅඟවා ඔහුට ඔහු ගැන විශ්වාසය ඇති කරවිමටද තමා එම පිළිතුර එවේලේ දිය යුතුම බව ඇයටවැටහිණි.


වෛරය ඇගේ දියණියයි. ඇගේ කුස හොවා ඈපෝෂණය කළ, ඈ උපත දුන් කුළුඳුල් දියණීයයි. ඇගේ පින්සල් තුඩු කැන්වස් තල පුරා දිවූවාර බොහෝ ගණනකදී, ඇගේ පන්හිඳ පත්තිරු තුළ රවුම් අකුරු ඇඳි ‍වාර බොහෝ ගණනකදී ඈ ඇගේදියණීයව නැවත නැවත දුටුවාය. එවන් විට ඇගේ දෑස් තෙත් වී, අම්මා කියූ දොඹ ගෙඩි රතුවී බෙරි වී තිබුණු අතර ඒ දුක උපන්නේ ඈ තුළ ලියලා වැඩුණු කෝපය නිසාවෙනි. උස් පහත්වන්නට පිරිපුන් ලැමක් ඇයට ස්වභාවයෙන්ම නොපිහිටි හෙයින් කෝපයේ පමණට උස් පහත් වන ප්‍රවේගයටඉඩ දීමට තරම් අවකාශ මදි වූ ඇගේ ලෑටි පයෝධර යුග්මය ඒ කෝපයෙන්ම සිර විමකට ලක් විය.ලොවට හොරෙන් වසන් කළ පපුවේ අමාරුවකින් එනිසා ඈ පෙළුනා සේම එය අනාවරණය වූයේ ඇකඉමියතුළ ඇගේ සහෝදර යෙහෙළියන් ඇසුරේදී පමණි.


තම ප්‍රකෝපයයේ දරුවාගේ උදව්වෙන් ඇඳුණුඇගේ සිතුවම් සමාජයට ඍජු අයුරින් නොව පැය ගණන් බලා සිට, සිතා විමසා තර්ක කොට අවබෝධකරගත යුතු වූ සිතුවම් තුළ ඈ ගැබ් කළ අතර එම පණිවිඩ ලොවට ගෙනයන චිත්‍රමය ගැහැණියට ඈපිරුණු පපුවක් පිරිනැමීය. ඒ සිතුවම් දෙස බලා සිටි ඇතැමෙක් එම ගැහැණුන්ගේ පපුවපමණක් බලමින් ‘ශා අපූරු හංසයෝ’යි කියමින් අදෘශ්‍ය ස්වයංවින්දනයක යෙදෙන්නටඇති බව ඈදැන් සිටි නමුත්, පුන පුනා ඈ සිතුවමට නැංවූයේ පෙනෙන දෙයට වඩා වෙතකක් නිරුපණය කරනසිය සිත පෙලූ, ඈම ගිලී සිටි ගැඹූරු සංකල්පයෝම විය.


“ඇයි මෙතරම් සරාගී සිතුවම් අඳින්නේ”කෙනෙකු නැගූ පැනයට ඇය දුන් පිළිතුර “ලෝකයා රාගික නිසා” යන්න විය. නමුත් එයම බලාවෙනකෙක්, “හරි අපූරුවට ඔයා මිනිස්සුන්ගෙ කුහකත්වය විදහා දක්වලා තියෙනවා” කියමින්එම සිතුවම් තුළ තව තවත් කිමිදුණි. පළමුවැන්නා වෙනුවෙන් ඈ සිතුවම සාධාරණීකරණයකරන්නට නොවෙහෙසුණි. මනද ඇය ජිවත් වූයේ බහුතරයක් දෙනා සිතීමෙන් තොරව, තමන් වෙහෙසනොවී තවෙකෙක් ‍තමා වෙනුවෙන් වෙහෙස වි තම කාර්යයන් සිදු කරන්නේනම් යහපත්යැයි සිතූසමාජයක බැව් ඇය දැන සිටි නිසාය. ඇගේ වදනින් ඇගේ දින සටහන්හි ඇය මෙසේ සඳහන් කරතිබුණි.


“අම්මෙ, උඹ මට දුන්න මේ පාට පාටහිතයි, ලතාවට යන අතයි නිසා මං විඳවන තරම උඹ දන්නවද?

මට පේනවා... ලෝකෙ හැමදේම.... මගේ වටේඉන්න හැම එකාගෙම කළු සුදු වගේම පාට පාට සිතිවිලි මට පේනවා. ඒව මා මත ක්‍රියා කරනආකාරය මට තදින් දැනෙනවා. වෙන උන් හිතන් නැති නිසා වෙන්න ඇති උන්ට නොදැනෙන්නෙ....ඒත් මට දැනෙනවා.. ඒ මං උවමනාවට වඩා හිතන නිසා...  ඒ හිත මට දුන්නෙ උඹ....

මට තියෙනව හරි ලස්සන හිතක්... ලෝකයා ඒහිත රසවිඳිනව හරි අපූරුවට, එක එක විදිහට. ඒත් එහෙම කරල උන් ලේබල් ගහනව එක එකවිදිහට.... මට ඕන නෑ මං කරන කියන දෙය වචනයක් ගානෙ උන්ට විස්තර කරන්න. උන්මහිතාගත්තාවෙ.... මොකද උන්ටතේරෙන්න ඕන මං ලියන්නෙ උන් ගැන නිසා.... ඒත් උන් තේරුම්ගන් නැහැ... උන්ට පොවනවනම් උන් හරිම ආසයි. ඒත් පෙව්වොත් උන්ට උන්වම දිරවගන්නබෑ.....

අම්මෙ, මං හරි අවාසනාවන්තයි උඹනිසා.... මං නිසාම මං විඳවනවා.... ඒ විඳිවිල්ලට හේතු වුණ පාප පාට හිතයි, ලතාවට යනඅතයි මට දුන්නෙ උඹ නිසා, මාව උපද්දපු උඹයි මේ දුකට මුල.”


මතුසම්බන්ධයි
Comments
2 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

2 comments:

  1. kauru unath me charithaya hudakala wela thaniyama hitiya kenek.thaniyama hamadema widina kenek.

    ReplyDelete

 
There was an error in this gadget