Wednesday, August 7, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/02 – 6 කොටස


හු‍දෙකලාව ඈ සිත තුළට අපූර්ව වූ සංකල්පනා ‍ගෙන ආ‍වේය. මහ ‍සෙනගක් මැද සිටියද ඇ‍ගේ ඇස්බලන මාන‍යෙන් ඔබ්‍‍බෙහි වු යමක් මත රැඳිණි. එවිට ඈද ‍නොදැන විසල් වන අම්මා කියූ ‍දොඹ ‍ගෙඩි, ‍වෙන අ‍යෙක් දු‍ටොත් බිය වනු ඒකාන්තය. දත් මදින විටදිය නා ඉක්බිති හිස පිහදාගන්නා විට ඈද ‍නොදැන හදිසි‍යේ සිය කාර්යය නතර කරන ඈ හිටි වනම ගල් ගැසි සිතිවිලි ‍ගොන්නක් තුළට වැද ඒවා එකි‍නෙක ‍පෙරළමින් තමා ‍සොයන්නා වු යමක් ‍සොයා එය අවුස්සයි. තමන් ‍සොයන්‍‍නේ කුමක්දැයි යන්නවත් ‍නොදත් ඈ තමා‍ගේම සිතිවිලි තුළ අතරමං වී කහළ‍ගොඩක් ‍සේ අවුල් වූ ඒවා ‍දෙස ඔ‍හේ බලා සිටින්නී එවන් අවස්ථා සඳහා දත්මදින සහ හිස පිහදමනා අවස්ථාම ‍සොයා ගත්තාය. අනිච්ඡානුගව ‍මෙ‍හෙය‍වෙන්නාවූ ඇ‍ගේ පිළි‍වෙලකට නැති මනස, ‍තෙත් සිරුරැතිවහිරු එළිය යටදී සිතල දිය ඇඟ පුරා හි‍‍‍‍‍‍ඳෙමින් ඇති කරන කිතිය විඳගැන්මට ආශා කළාය. තැඹිලි පැහැ මල් වැටුණඈ නෑමට ඇඳි ‍තෙත් ජම්පරය උකු‍ළෙනුත් පහළට එල්ලා වැ‍ටෙද්දී ඒ පිළිබඳ වගක්වත් නැත්තී (සැබැවින්ම ඒ ඈ සිතිවිල්‍‍ලේ පසු වන විට ඇයට ‍‍වෙනත් කිසිවක් ‍නොදැ‍නෙන ‍නොහැ‍ඟෙන නිසාය) ඇ‍ගේම ඇ‍‍ඟේ සි‍ඳෙමින් කිති කැ‍වෙන දිය බුබුළු දස දහස් ගණනක‍ගේ පහස වින්දාය. 



පසු කාලයක ඈ මුහුදු දිය මත රඳමින් රැළි ගහන ‍පෙරළා දමන්නට තතනන රැල්ලට විරුද්ධව සටන් කරමින් දිය මත පා ‍වෙන්නටත්එහිදී දැ‍නෙන සැහැල්ලුව අ‍තොරක් නැතිව විඳගන්නටත් දැඩි ‍සේ ආශා ක‍ළේ ළමා වි‍යේ ‍මෙන් හිරු වියනට නිරාවරණිතව අඩනිරුවතින් නෑ‍මෙන් ලද සැහැල්ලුව ‍සොයන්නටය. මුහුද විටින් විට සිය ප්‍රචණ්ඩ බව අඩු වැඩි කරන්‍‍නේ නැලවිලි රළ කිහිපයකට පසුව ‍නොකියාම එවන සැඩ රළකින් ඇයව කරකවා අඹරවා දැමීය. මුහුදු වතු‍රෙන් ‍සේදුණු ඇස් වැලි හා ගැටී ‍වේදනා දුන්නද ඈ සිය වැයම අත් ‍නොහළ අතර පිහිනන්නට ‍නොදැන සිටියද තමා එතරම් ආදරය කළ මුහුද කිසි වි‍ටෙක ඇයට අකාරුණික ‍නොවන බව අ‍හේතුකවම ඇදහුවාය. ‘මං කැමතියි මුහුද මාව ගිලගන්නවනම් නිකර කී ඇයට,රැයකට දවාල ‍සේ මුහුද යනු සර්ව සම්පූර්ණ වශ‍යෙන්ම ආගන්තුක අ‍යෙකි. නමුත් ඒ දුරස්ථ ආගන්තුකත්වයම ඇයට මුහුද සමීපතම‍යෙකු ‍ලෙස ළං ක‍ළේ ඇ‍ගේ සිතිවිලි රාජ්‍යයේ ‍දේශ සීමා භූ සාධක සියල්ල ස්වකැමැත්ත මත ඉදිවුණුඈ විසින් ඉදි කළ ඒවා වු ‍හෙයිනි. 


ඉර අව්ව යට සිතිවිලි අහුරක අහුමුළු ඇද ඇද දිය නා සිරුර පිසදමමින් සිටි එක් දිනයක ඇය තිගස්සවා එම බිබිල ඇහැට හසු ‍කෙරු‍ණේ අහම්‍බෙනි. සැබැවින්ම ඇහැට කලින් එය අතටඇඟිලි තුඩු වලට හසු වූ ‍හෙයින් ඇය එය දුටුවාය. මන්ද ‍මෙවන් සැම විටකදිම කණ්නාඩියකින් තමා ‍දෙසම බලා සිටියද අනන්තයටත් එහා ‍නොදන්නා ඉසව්වක රැඳවුණු ප්‍රකාශනයකින් ‍‍තොර ඇ‍ගේ දෑස්ඇඟිලි තුඩු ‍නො‍වේනම් කිසි වි‍ටෙකත් එ‍වේ‍ලේ ඒ බිබිල හසුකර ‍නොගනිනු ඇත. වතුර පිරවී විනිවිද ‍පෙ‍නෙන ‍සේ ඇ‍ගේ සිරුරින් ඉලිප්පී ආ එම බිබිල දැක ඈ ‍වෙව්ලූ‍යේ ස්නාන‍යෙන් ඉක්බිති දැණුන සිතල නිසා ‍නො‍වේ. සැබැවින්ම තමාට සුව කළ ‍නොහැකි කුමක් ‍හෝ අසනිපයක් වැළඳී ඇතැයි ඈ සිතුවාය. 


සිය භීතිය තුනි ‍වෙමින් ‍‍හෝරා කිහිපයක් ‍ගෙ‍වෙමින් පැවතිද්දී ඇය ‍‍කො‍හොඹ ‍කොළ ඇතිරූ ඇඳක ‍කො‍හොඹ ‍කොළ අහුරකින් සිරුර අතුල්ලාගනිමින් මරණයට තව ‍බෝ දුර ඇතැයි සිතමින් සැනසුනද විනාඩි‍යෙන් විනාඩියට ඇය ඇඟ පුරා උඩපනිමින් තිබූ වතුර පිරවූ ‍ගෙඩි ‍දෙස ‍නොබලා ‍නොසිතා සිටින්නට තැත් දැරුවාය. තද ‍කොළ පැහැති ඇඳ වටා බල පරාක්‍රමය විහිදුවා ලූ මදුරු දැල ‍කො‍හොඹ ‍කොළ සමග එක්වී තව තවත් ‍කොළ පැහැතිව සීතල වැඩි කළ අතර ක්‍රම‍යෙන් ඇ‍ගේ සිරුර අභ්‍යන්තර‍යෙන් ඈ අයිස් බවට පත් වන ‍සෙයක් ඇයට දැනිණි.  


ඕව මිරිකන්න එපා ළම‍යොකැත ‍වෙනවා ඇඟ“ ‍


ඈ පුරා ලපටි ‍මේරූ ඉදුණු ‍ලෙස මතුවි අවසන කුණු වි යමින් තිබුණු, දෙයියන් දුන් මහත් ඵල වලටඇඟිල්‍ලෙන් අනිමින් ඒවා කවර කවර අවස්ථා‍වේ වූ‍යේදැයි විමර්ශන‍යේ ‍‍‍යෙ‍දෙමින් සිටි ඇයට අම්මා නිතර නිතර කීවද එපා කියන්නක්ම කිරිමට රුචි ඈ පිළිබඳ ඒ වන විට මව තත් ‍ලෙසම ‍නොදැන සිටි ‍හෙයින් වාරණ තහංචි පලක් ‍නොවිණි.


හඳටත් ආවාට ඇත්නම් කරුමක්කාරියක‍ගේ ආවාට‍යෙන් කුමනනම් දොසක්ද‘ ඈ සිය සටහ‍නේ සඳහන් කර තිබිණි. නමුත් ඇය ආවාටවලට ඉතා බිය විය. මේ සිදුවිමට දිර්ඝ කාලයකට පසු එළඹුණු ඇ‍ගේ ‍යෞවන වි‍යේදී ඉඳ හිට මතු වු කුරුලෑවක් වුව මතුවන්නට ‍‍පෙරම ඇඟිල්‍‍ලෙන් ඇන ඇන ඈ වලක් සාරා වළලා පස් දමා වැසුවාය. ඇය ආශා කළ එකම ‍දෙයඇ‍ගේ නිකට පහළින් ප‍සෙකට වන්නට තිබූ උපන් ලපය පමණක්ම විය. ‍සෙසු සියලුම ලප ඈ ‍නොරිස්සූ අතර ඈ මත ඇ‍‍‍‍‍‍‍‍‍‍ඳෙන ඒ සියලු ‍දෝශයන් හැකි විලස මකා දමන්නට උත්සුක වූවා‍ ‍සේමමැකිය ‍නොහැකි වු තැන ඈ සියල් ‍දොස් අමතක කර දමා එවැන්නක් ‍නොමැති ‍සේ සිටියාය. කිසි දිනක පැරදුමට හිත හුරු ‍නොකළ ඈ තමාද දැණුවත්ව පැරදුමක් රික්තකයක් ‍සේ සලකා ‍නොසලකා හැරියාය. ඒ තුළ ගිලී පුපුරා යන්නට ඇයට අනවශ්‍ය විය. එ‍සේම එවන් වි‍ටෙක ඈ පැරදුමට පිටුපා නව මගකට වන්නී ආත්මාභීමානය වැඩවාගත්තාය.


වතුර රැඳි බිබිලි මිරිකා හල ඈ අත රැඳි ‍රෙදිකැබැල්ල පාංකඩයක් වන තරමට සපමින් කඳුළු සැලුවාය. ‍වෙනදා හඬන විට ‍‍කොට්ට‍යෙහි මුහුණ ‍හොවා හැකි පමණ ‍වේදනා උපදවා හැඬුම් ගත්තද ඇඟ පුරා මතු වූ බිබිලි ඇයට ‍මේ වන විට එම වරම අහිමි කර දමා ඇ‍ගේ සිරු‍රෙහි අස්සක් මුල්ලක් නෑර පැතිරි යමින් සිය අණසක පතුරුවා තිබුණු ‍හෙයින් ඇය පැරදුම් කිහිපයක හිමිකාරියක වී තිබිණි. ඇස් ‍දෙ‍කොණින් ගලා ගිය කඳුළු නළලත් කම්මුලත් අතර කැසිල්ලක් ඇති කරමින් කන් පියන් මත පිරිණි. ඒ වන විටත් ඇගේ උවනතේ සටහන් වි ඇතියැයි ඈ සිතූ ඇයට ‍නොපෙණුන සුදු පැහැ කඳුළු සටහන් ඈ සිතින් දැකගත්තාය. 


‍නොසලකනු ලැබ අත් හැරුණු ඈ විශබීජම පමණක් දරාගත් මහා කුණු‍ගොඩක්ම පමණක් විය. අඩුවට තිබු‍‍ණේ මැස්සන් පමණක් වු අතර ඇඳ වටා රැඳි මදුරු දැල මැස්සනුත් ඇ‍ගේ සිරුරත් අතර සංවාදයට භාදකයක්ව තිබිණි. වැසූ ‍ජ‍නේලයකිනුත්ඉඳ හිට මදක් විවර වන කුඩා තීරයකිනුත් නෑසියන්‍‍ගේ රෝග බි‍යෙන් විශාල වුණු විමසුම් බැල්මට හසු වන ඇය ‍කො‍හොඹ අත්‍‍තෙන් සිරුර පිරිමැදගැනිම එපා වූ කල ‍නොනවතින කැසිල්ල ‍වෙනු‍වෙන් කළ හැකි එකම එදිරිවාදිකමහැඩීම පමණක් කළාය. ‍නොනවත්වා වැනිම නිසා ඇදුම් කන දකුණත වැලමිටටපුපුරන බිබිලි වලින් ගලන ඕජසටදැන් ‍කො‍හොමදැයි (අ‍නේ අපටත් හැ‍දේදැයි සැක‍යෙන්) අසන අසනිප විමසුමටඇලවී සිටී‍මෙන් දැවිල්ල ගත් පිටට,තමා ‍දෙසම ‍නෙත් ‍හෙළා සිටින කාලකන්නි වහළයට යන සියල්ලට රවා බලමින් ඔරවමින් සිටි ඇය අන්ධකාර‍යේ හිස්ම හිස් තමන්ට හුරු පුරුදු කළු අවකාශය ‍දෙස බලාගත්වනම සිටියාය. සියල්ල ස්ථිතික වූ මුඩුම කාමරය තුළ පණ තිබුණු ඇ‍ගේ සහයට හිටි‍යේ වහළ‍යේ හිල් ‍දෙකක් අතරින් ‍බේරී වැටුණු ඈටත් අහසින් සක්ම‍නේ ‍යෙදුණු ආ‍ලෝක පුල්ලි ‍දෙක පමණි. ඇ‍ගේ ජිවිත‍යේ අවස්ථි කිහිප‍යකදි පමණක් ඈ අල්ලන්නට තැත් කරමින් අසුළු විසුළු පෑ ‍මෙවන් ආ‍ලෝක පුල්ලි කිහිපයක් ගැන මතකය සිය සිගිවිලි ඇහිරූ රාක්ක‍යෙහි පරිස්සම් කර තැබු අතර ‍මේ කියවු‍ණේද ඉන් එකකි.


එපාම වු කාරණය වූ‍යේ ඇ‍ගේ අසනීප බැලීමට පැමිණි මිතුරන් ඈ ‍වෙත ළං ‍නොවී ‍දොර මුල්‍‍ලේ ඉඟි කරමින් සිට යන්නම්‘ කියා ගිය අවස්ථාවයි. ‍මහ විසල් ‍ලොවක තනි විම ‍නොවවඩාත්ම ‍ඛේදනිය වන්‍‍නේ හිතවතුන් සුළුතරයක් සිටියදී උන්‍‍ගේද ‍නොසැලකිල්ලට ලක් විම බව එදින ‍තේරුම් ගත් ඈ හු‍දෙකලාව තුළ වල්මත් විම තුළ තම තනියට හු‍දෙකලාව ‍හෝ සිටිනු ඇති බවත්හු‍දෙකලාව අපූරු සංකල්පනා තමන් ‍වෙත ‍ගෙන එනු ඇති බවත්නැවත ‍පො‍රොන්දු පතක අත්සන් ‍නො‍ගෙනම විශ්වාස කරන්නට වුවාය.


මතුසම්බන්ධයි.

No comments:

Post a Comment

 
There was an error in this gadget