මේ ජීවිතය දිගු වැකියකි
නුඹ එහි විරාම ලකුණකි
මතකයි දිනක් මම ඇසුවා
නවතිනවාදැයි මා ළඟ
මතකයි නුඹ කීවා
විරාම ලකුණකට සපුරාලිය නොහැකි බව
මගේ ජීවන වැකියේ අරුත
මන්ද නුඹ අරුතක් නොගෙනාවේ ම'දිවියට
කවදාකනම් ඉදින් ගමනේ යම්ද
හමුවන තුරා නැවතුම් තිත
නැවතුමක් නැති...
ReplyDeleteවිඩාබර ජීවිත ගමන...
ලස්සන අදහසක් :) :) :) :) :)
Deleteස්තූතියි යාලු............. :)
Deleteහ්ම්ම්... අපූරුයි...
ReplyDeleteස්තූතියි යාලු......................
Deleteමම හිතන්නේ අවසානයේ තිත කියල අදහස් කලේ නිවන වෙන්න ඇති.... තිත බොහොම දුරයි ජීවියට.. වැඩිපුර මුනගැහෙන්නෙ කොමාව
ReplyDeleteඔබේ අදහස අපූරුයි යාලුවා
Deleteනමුත් මම ඒ තරම් දුරනම් හිතුවෙ නැ
මෙතනදි විවාහය ගැනයි ලීවේ
විවාහයකින් කෙළවර වෙන ආදරයක් ගැන
ජීවිතය කියන්නේ කොමා ගොඩක්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ReplyDeleteඒකනෙ මම තිතක් හොයන්නෙ................ :)
Deleteකවියත් එක්තරා විදියක සිතුවමක්. මේ කිවිය කෙටි වුණත් අරුතින් සම්පුර්ණ කවියක්.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි.........
Deleteමරු අදහසක් නේ.. හරි අපූරුවට ලියලා. ..
ReplyDeleteගොඩක් ස්තුතියි යාලුවා.... :)
Delete