ඇගේත් මගේ කාමර එක ළගම දෙපසකට මුහුණලා
ඇගේ කවුළුව මගේ කවුළුව අබියසම
කවුළු දෙක වෙන් කරන රෝස මල් පදුරක හැමදාම
නොවරදී නොපිපෙන රතු රෝස මල් කැකුළු
නිතර ගොළුබෙල්ලන් කා දමන
අළුයමින් ඇය ළිඳ අසල තෙතබරිව
දිය රෙද්ද බදා වැළඳ ඈ බඳ කිටි කිටියෙම
අවදිකරවයි මා දෙනෙත්
උන් හිටි තැන් මතකයේ නොමැතිව
බලමි මම බලමි පෙරදින සිටම හැර තිබූ කවුළු විවරය මෑත් කර
බිදෙන් බිද රූරා වැටෙන දිය බිඳිති කෙස් රොද පීරගෙන
දිවට ගමි මම ඒ සන්සිල්ක් රස
බඳ නලවිමින් ඈ පිසදමාලයි..... තෙත
මම තුවායකි ඈ ගත වෙලෙන
වෙරළු මල් සුවඳයි මහ පාන්දර
කුරුල්ලනට පෙර උදා අරුණළු දකින්නෙම් මම
ඇගේ කවුළුව තුළින් එන
වෛවර්ණ ඔසරිය වටා එතෙන්නී
මගේ සුකොමළ සුවද පුෂ්පය
දෙනෙතම වසා යහනේ දිගාවී
දෙසවනින් දකින්නෙම්
ටොක් ටොක් නදින් රැව් දෙන ඇගේ ලැසි ගමන
මගේ කවුළුව අසලින් යන්නී ඈ
බ්ලූ වුමන් විලවුන් සුවඳින් හොර මකාගෙන
ලස්සණයි... ඔබට ජය...
ReplyDeleteස්තූතියි යාලු...........
Delete"බ්ලූ වුමන් විලවුන් සුවඳින් හොර මකාගෙන" ලස්සනයි.
ReplyDelete^_^ ස්තූතියි............!
Deletepandarata weralu mal suwanda enaeka thamai wede..........
ReplyDelete:ඩි
Deleteමරු.. සිත්තරියේ..
ReplyDeleteජය වේවා!!
සිනා බො වේවා!!!
ස්තුතියි යාලු.......
Deleteසතුටුයි මේ පැත්තට ආවට.... :)
ගති!
ReplyDelete^_^ තෑන්ක්ස්
Deleteබ්ලොග් එක පැත්තෙ රවුම් ගැහුවත්. අද තමයි කමෙන්ට් කරන්න ලැබුනේ. :))))
ReplyDeleteසිතුවිලි ටික නියමයි.
(සිතුවිලි කිවුවෙ මම ඔය මහ පන්ඩිතයෝ වගේ පරතරට ගිහින් නෑ නේ කට්ටිය කවි කිවුවාම බනිනවා අරක කෝ මේක කෝ කවි කිවුවෙ මොන පදනමෙන්නද වගේ ලොකු සින්. නිසදැස් කිවුවාම තව සීන් ඒ නිසා සිතුවිලි කිවුවේ ඔන්න.)
බොහොම ස්තූතියි යාලු....
Deleteමමත් ඔයා ඉන්න තැනමයි කියල හිතෙනවා
මේ කැටගරිය නම් කරල තියෙන්නෙත් සිතුවිලි කියන නමින්මයි...... :)
කවි මොනවද නිසදැස් මොනවද මමත් හොයන්නෙ නැහැ
සිතිවිල්ල සිත්තම් කරනවා........
(Y)
ReplyDeleteලස්සනයි.............
ReplyDelete^_^
Deleteවෙනදා වගේ තමා ලස්සනයි.:)
ReplyDeleteතැන්ක්ස් මල්ලි
Deleteදෙයියනේ මම දුන්නු 4ටෝ එක ... නේද මේ .. ශා එල එල
ReplyDeleteඔවු මල්ලියෝ.... ඔන්න මම හිතනව මම ඒ 4ටෝ එකට සාධාරණයක් කරන්න ඇති මේ පාර
Delete