හඳ වට්ටියට තරු
මල් නෙළලා
එළියෙන් බබළන
තරු වට්ටියක්ම අරන්
ඔයා ගාවට
එන්නම්
අපි ඒ තරු
එකින් එක අමුනලා ලස්සන මල් වැලක් හදමු
තරු හඳ නැති අහස
අන්ධකාර වුනාම
මේ තරු මල්
වැල ලෝකෙ පුරාම අතුරමු
හඳ මුහුදෙ ඔබලා
මුහුදු රැල්ල විනිවිද එන රැල්ලත් එක්ක නටන
හඳ එළියේ ලස්සන
බලමු
තරු එළියයි හඳ එළියයි එකතු
වෙලා එතකොට අර අහසෙ ලස්සන රටා අදීවි
අපි වෙරළට
වෙලා තුරුල් වෙලා ඒ අහසට වැටෙන එළිය දිහා බලාන ඉමු
අයියෝ.. නොදන්න ආදරේ.මේක තව සින්ඩි වලට දැම්මොත් හොදයි නේ?
ReplyDeleteකිහිපයකට දාල තියෙන්නෙ යාලු
Deleteමම දන්න ඒවට
මම වැඩිය දන්නෙ නැ
හනේ මන්දා සිත්තරීට මේ වචන කොහෙන් එනවද කියලා... මට කවි ලියන්න බැනේ ඔය වගේ ලස්සණට...
ReplyDeleteඅනේ මම එහෙම ලස්සනයිද කියල දන්නෙ නැ යාලු...
Deleteමේක මේ හිතුණය ලියපු එකක්... ^_^
කමක් නැ බොහොම ස්තූතියි...
ඔයත් හිතට එන දේ ඔහේ ලියල බලන්න
ආයාසයෙන් ලියනවට වඩා නිරායාසයෙන් ලියන දේවල අගේ වැඩී මම දන්න විදිහට.... :)
කලාව තියෙන්නෙ සාහිත්‍යයේ විතරක් නෙවෙයි අදින සිතුවමක, තෙලිතුඩක, තීන්ත පැල්ලමක පවා කවි සිතුවිල්ලක් තියෙනවා.
ReplyDeleteඒනිසා එහෙම හැකියාවක් ඇති ඔපබ් කවි සිත අමුතුවෙන් පන්නරය ලබන්න අවශ්‍ය නැහැ. ඒ කවි සිත තෙළි තුඩක, තීන්ත පැල්ලමක දැවුටුණ සිතුවමක් වගේමයි.ඒ තරමටම පරිණතයි
බොහෝම ස්තුතියි
Deleteමට ලොකු ශක්තියක් මේ දිරිගැන්විම්......
නිහතමානිව සතුටු වෙනවා ඒ ගැන
balaporoththu gonnak hithe podi bandagena "eya" gawtaa yanna epa, ekak hari labenne nathi unoth siththarigee chiththare bonda wela yawi. laththanayi
ReplyDeleteස්තූතියි යාලු..................... :)
Deleteඅළුතෙන්ම අලුත්ම චිත්‍රයක් අදිනවා එයාත් එක්ක
ලස්සනයි!!! වෙනමම ච්ත්‍රයක් මවනවා....අපිටත්!!
ReplyDelete^_^ ස්තූතියි යාලු
Deleteඔන්න මම ඔයාව මගේ සිංඩියට දැම්මා.
ReplyDelete