මම
පිරිමියෙකු
ලෙස අභිමානවත් වූවෙමි
දැතේ දෙපයේ
වීර්යයෙන් පන්නරය ලැබීමි
ඇය හා එක්ව දූ
පුතුන් පැතුවෙමි
මපුතු උපන් දා
ඈ විඳි වේදනාව හා
සමානව මසිත දැවූ වේදනාව විඳවූවෙමි
ගතින් ඈ විඳි වේදනාව
සිතින් මා තනිව උහුලා ගතිමි
දහඩිය කඳුළ කඳුළ අමුණා
නොකැඩෙන සේ මාලයක් ගෙතීමි
ඒ මාලය උතුරාගිය
සතුටින් යුතුව කුටුම්බය අරා පැළඳුවෙමි
දහඩිය කඳුළේ දිස්නයෙන්
බබලන අප පවුල දෙස බලා සැනසුනෙමි
මම...
අධිරාජ්‍යයක් විජයග්‍රහණය කළ මහා රජෙකු මෙන් අභිෂේක ලදිමි
මගේ දියණිය
සිය කැදැල්ල සොයා යන දින රහසේ කදුළු හෙළීමි
.....................................................................................
හිස්වූ මා
අධිරාජ්‍යෙය් එතැන් පටන් මා ගොළු වීමි
මම
පිල්කඩට වී දෙවැටින්
එපිට බලා සිටිමි
mmmmmmmmm ... ලස්සනයි අක්කේ
ReplyDeleteතෑන්ක්ස් මල්ලි
Deleteලස්සනයි සිත්තරී.....
ReplyDeleteස්තූතියි උමා....
Deleteඋත්තම ඝනයේ සිතිවිල්ලක්...
ReplyDelete//මගේ දියණිය සිය කැදැල්ල සොයා යන දින රහසේ කදුළු හෙළීමි
.....................................................................................
හිස්වූ මා අධිරාජ්‍යෙය් එතැන් පටන් මා ගොළු වීමි
මම
පිල්කඩට වී දෙවැටින් එපිට බලා සිටිමි//
මේ ටිකනම් බොක්කටම වැදුණා.
බොහොමත්ම ස්තූතියි...... ^_^
Deleteතනිකම අපි හැමෝටම උරුමයි ....
ReplyDeleteහ්ම්................
Deleteගොඩක් තාත්තලාගේ කතා මේ වගේ...
ReplyDelete:( ඇත්ත
Deleteහැම පියවරුම මේ වගේමයි පිටට පේන්නේ හිත මහා කලුගලක් වගේ ඒත් ඇතුළතින් සියුමැලි හදවත් සඟවාගෙන සිටිනවා
ReplyDeleteඒක මමත් හොදින් දකිනවා මගේ පියාණන්ගෙන්
Deleteපිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී .............
ReplyDeleteසත්තකින්ම..............
Deleteකතා කරන්න වටින මාතෘකාවක් !
ReplyDelete