මුලින්ම යමක්
කීමට අවැසිය. සැබැවින්ම සිතට නිහතමානී සතුටක් දැනුණි. මා මෙහි නැවත පැමිණි විගස ඔබ
මා හා දෑත් බැඳ සිටියෝය...... මාගේ දිගු නිහඬතාවයට පසුවත්........
මෙහි ලිවීමට
යමක් මම සිතමි. සිතිවිලි නම් එමටය. නමුත් මුලින් සිතිය යුත්තේ ලියනා සියල්ල පල
කරගන්නේ කෙසේද යන කාරණයයි. මන්ද......, මාගේ දුප්පත් පරිගණකය දැන් පාවිච්චියට ගත
නොහෙන තරමට අබලන් බැවිණි. පැලවත්තේ මංසන්ධිය පසු කරගෙන තනිව යනෙනා ගමනේ මම නිරන්තර
සිතිවිල්ලකට වැටෙමි. අලුත් පරිගණකයක් ගන්නේද.......? අලුත් උපාධිය අරඹන්නේද.....?
නව ජීවිතයක් සඳහා පියවර තබන්නේද.....?




















