Monday, October 29, 2012

පුරුෂෝත්තම..........




මම
පිරිමියෙකු ලෙස අභිමානවත් වූවෙමි
දැතේ දෙපයේ වීර්යයෙන් පන්නරය ලැබීමි
ඇය හා එක්ව දූ පුතුන් පැතුවෙමි
මපුතු උපන් දා ඈ විඳි වේදනාව හා සමානව මසිත දැවූ වේදනාව විවූවෙමි
ගතින් ඈ විඳි වේදනාව සිතින් මා තනිව උහුලා ගතිමි
කිසිවකු මා සිත්හි වේදනාව නොදුටු නියාව දැක කම්පා නොවීමි

ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය



(- සිරාන් දැරණියගල - පර්යේශන අනුව)
·         ලංකාවේ අදින් වසර ලක්ෂ 3-5 තරම් පැරණි සාධක වෙරළබඩ වැලි බිම් වලින් හමුවන බව.
·         එම කලාප වලින් 1,25,000 BP ජනාවාස සාධක ලැබෙන බව.
·         බූන්දල වෙරළ තීරයෙන් 1,25,000 ට අයත් කහ තිරිවානා පතුරු මෙවලම් හමු වීම.
·         මෙය ඉරණමඩු පස් සැකැස්මයි.
ලංකාවේ පැරණිම ජනාවාස රටා හදුනා ගැනීමට හැකිවන මෙම ඉරණමඩු පස් සැකැස්ම ලංකාවේ, උතුරුදිග ප්‍රදේශයේ මාන්කුලම්  හා ඉරණමඩු ප්‍රදේශයේත්, වයඹදිග විල්පත්තු අවට එළුවන්කුලම කල්පිටිය

Sunday, October 28, 2012

තිඹිරි ගෙය



තිඹිරි ගෙය
පාළුය, මූසලය, අඳුරුය
ඇසෙන්නේ
මගේම කෙඳිරියකි
සුදු ඇතිරු යහනත
අවු ඉරකින් ඇදි පුල්ලියකි
උළු රටාවේ මකුළු දැල් වියමනකි
සුදු තුවායකි, කතුරකි, උණු වතුර බේසමකි

Friday, October 26, 2012

පැතුම


සරාගී සදවත

නොදවන්න මා ගත

තෙමා ලූ වලා තිර

අතුරන්න නුඹ මත

නොපෙනෙන්න මට නුඹ නොපෙනෙන්න

Wednesday, October 24, 2012

the stoning of soraya m 2008 ඔබ වෙත ගෙන එන අනුවේදනීය චිත්‍රපටයකි මේ....


මම කල්පනා කරමි. අතොරක් නැතිව කල්පනා කරමි. මෙම චිත්‍රපටය මම නැරඹූයේ මීට මාස කිහිපයකට පෙරාතුවය. ඒ පිළිබද විස්තර ඔබ වෙත ගෙන ඒමට දිනෙන් දින පමා වූයේ ඔබ හමුවේ මේ පිළිබව ඉදිරිපත් කරන හදුන්වාදීමේ ලිපිය ඉතා සන්වේදී අයුරින් ලිවිමට වචන අමුනා ගැනීම සහායි. නමුත්... ඒ කිසිවකින් පලක් නොවේ යැයි සිතමි. මන්ද අපි අපගේ පුංචි රට තුළ අසීමිත නිදහසක් භුක්ති විදින කල්හි එම අසරණියෝ ඔවුන්ගේ දේශය තුළ වචනයෙන් කිව නොහැකි කඨෝර දුක්ඛයන්ට අදද මුහුණ දෙන බැවිනි.


Monday, October 22, 2012

ඉනික්බිති



ඇගේ අනියම් ප්‍රේමය
ගොමස්කඩ කම්බායෙන් වැසී 
මර හඩ තලයි
පැල් කොටේ මුල්ලක

Sunday, October 21, 2012

අදෘශ්‍යමාන හාදුව




මම කණ්ණාඩිය ඉදිරිපිට සිටගතිමි. එකින් එක මගේ ඇඳුම් අහවර කිරීමටය මාගේ මේ සූදානම. කණ්ණාඩියෙහි මාපිළිබිඹුව වැටෙනු ඇත. නූල් නූල් එකට ඇමිණී ගෙතුණු ඇදුමෙන් ආවරණිත සිරුර තව මොහොතකින් විවර වනු ඇත. මම නැවත දොර අසළට ගියෙමි. නැවතත් වරක්... මතක හැටියට ඒ සිව් වන වතාව විය යුතුය. මම නැවතත් අගුල කරකවා බැලූවේ එක අගුළු වැටී ඇතිද කියායි. එසේය. එය මැනවින් අගුලු වැටී ඇත. මම නැවතත් කණ්ණාඩිය අබියස.

මුලින්ම මම කරාඹු ජෝඩුව ගැලවීමි. මගේම කන් පෙත්තේ සුමුදු බව මට දැනුණි. කනේ හිල මදක් උස්වී ගැටියක් සෑදී ඇත. මෙය කියන අවස්ථාවේදී... දැනුදු මම මගේ කන් පෙත්ත ඇල්ලීමි.  නිරුවත් කන් පෙත්තේ එම සිදුර ඇති තැන මට දැනේ...

මේ ඇත්ති කෝමත් වැද්දි මයෙ ඇත්තො



ඬුවේ කිරි කොරහ නැටූ මයෙ ඇත්තො
මාමකැච්චක් කැලැ පොජ්ජවල රැඳෙව්වෙ මයෙ ඇත්තො
සිදාදියේ මිනිග්ගජ්ජු  එක මේ කාලෙ
මන්දො වීලා තිබෙනවා වරිග රුකුල් පොජ්ජෙ රන්නෙ නැතුවාම

මේ බිම් පොජ්ජෙම රඳා
කතා දැමුවා මයෙ ඇත්තො
ඳුන්පොත කීගෑවෙන්න
මේ ඇත්තට හිත් ලාන කාල පොජ්ජෙ මේ ඇත්තිගෙ

Saturday, October 20, 2012

හඳ එළිය



... ටකරං හිලක් ඇතුළෙන් එබිකන් කරනව මම දැක්කා රෑට
නෑ නෑ... මමයි එබිකන් කරල කරල හ ඒ හිලට උඩින් පායලාද කියල බැලුවෙ
සමහරදාට..... කැරකුණා මම බූරු ඇඳේ හතර අතටම
හඳ බලන්න

ඒ දවස් වල.... හීන් හඳ එළියෙම ඔයා
මතකයි මගේ ඇග පුරා රතු පාට කැළැල් ගැන්නා
පුපුරා හැලෙන්නට පොදිකෑ හිනාව
කිටි කිටියෙ තොල් දෙකෙන් තද කරන් මං...... රිදුනද වෙලාවකට හැපුව පාර.....

Friday, October 19, 2012

විනිවිද


විනිවිද නම් වූ මාගේ පළමු ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශනය වෙනුවෙන් ඇදි තේමා සිතුවම මෙයයි......... 
2006
මහනුවර ඩී. එස් සේනානායක මහජන පුස්තකාල ශාලාවේදි 
මෙය පළමු වරට ප්‍රදර්ශනය කෙරුණි.


විමුක්තිය,

එය මා තුළයි. එය මා සමීපයේයි. එය මට බොහෝ දුරයි.

එය මා තුළම තිබුණත්, මට සමීපයේ තිබුණත්, මට බොහෝ දුරස්ව තිබුණත් එය කුමක්දැයි මම තවම නොදනිමි. මට ඒ විමුක්තිය හදුනාගත නොහැක. එහෙයින් මම එය හදුනා ගැනීමට වෙර දරමි.

Wednesday, October 17, 2012

අනන්තය



සීමාන්තික තීරයක සිට 
‍කො‍තෙකුත් තර්ක කළද
තතු දන්වා සිටියද
හි‍සේ ‍කෙස් ඇද
සීමා‍වෙන් ඔබ්බට
දිටිය හැකිවෙද දශමයක් වුව

සිමාමායිම් වැටකඩුළු බිද හැර
අනන්ත අවකාශයක

Monday, October 15, 2012

එකෝමත් එක කතාවක මහා පොදු සාධකය



දෙමාපිය ආදරය

සෙල්ලම්බඩු
පොත් පෑන් පැන්සල්
යහළුවන්
ලකුණු තරගය
විභාග ප්‍රතිඵල
උසස් අධාපනය
මුදල්
රැකියා
කිර්තිය
සමාජ තත්වය
විවාහය
දරුවන්

Friday, October 12, 2012

රත




ගිනිගත් සද
හොරෙන්ම මෝදු වී අහසට
බලාපන් අර හාත්පස
දවා හළු කරන සද
දසත පැතිරෙන වලාකුළු දුමාරය

ගිනි පුපුරු තරු කැළ
නිවි නිවි බබලන සද
රිදුම් දෙයි නෙතගට
දිස්නය.... දිස්නය... දිස්නය.....

Thursday, October 11, 2012

රමණීය රමණ



ඇගේත් මගේ කාමර එක ළගම දෙපසකට මුහුණලා
ඇගේ කවුළුව මගේ කවුළුව අබියසම
කවුළු දෙක වෙන් කරන රෝස මල් පදුරක හැමදාම
නොවරදී නොපිපෙන රතු රෝස මල් කැකුළු
නිතර ගොළුබෙල්ලන් කා දමන


Wednesday, October 10, 2012

චක්‍ර


මම බැලුවා...........
ළිං පත්ලට එබිලා
මට බලන්න ඕනෙ වුණේ පතුළම කොයි වගේද කියලා
දැක්ක මම
කළුම කළු පාටට වතුර
හුගක්ම හුගක්ම ගැඹුරුම ගැඹුරු ලිං පතුලේ

Friday, October 5, 2012

මම ඔයා ගාවට එන දවසට.......




වට්ටියට තරු මල් නෙළලා
එළියෙන් බබළන තරු වට්ටියක්ම අරන්
ඔයා ගාවට එන්නම්


අපි ඒ තරු එකින් එක අමුනලා ලස්සන මල් වැලක් හදමු
නිවි නවි පත්තුවෙන එළිය විහිදුවන මල් වැලක්

Monday, October 1, 2012

එම්බා තිත,,,, නුඹ කොහිද............?




මේ ජීවිතය දිගු වැකියකි
නුඹ එහි විරාම ලකුණකි
මතකයි දිනක් මම ඇසුවා
නවතිනවාදැයි මා ළ
මතකයි නුඹ කීවා
විරාම ලකුණකට සපුරාලිය නොහැකි බව
මගේ ජීවන වැකියේ අරුත
අහෝ සබ

Wednesday, September 26, 2012

ආලය සහ ලිංගිකත්වය තුළ සැගවුණු බැඳීමේ අනුවේදනීය වෘතාන්තය ෴LOVE IN THE TIME OF CHOLERA෴


චිත්‍රපටය මෙතැනින් ගන්න 

කොළරා කාලේ ආලේ යන නමින් පරිවර්තනය වුයේ මෙම ග්‍රන්ථයයි. අද දින කතා කෙරෙනුයේ මෙම චිත්‍රපටය සහ නවකතාව පිළිබදවයි.

ඇය .... ෆර්මිනා
ඔහු .... ෆ්ලොරෙන්තිනෝ


Friday, September 21, 2012

෴ මා දුටු ලස්සන චිත්‍රපටයක්....... Frida ෴


'පවුලේ සැමට' යන ලේබලයෙන් මෙය නැරඹිය නොහැකි වුවත්..... එහි රසය ඔබට මනාව වටහා ගත හැකි වන්නේ තනිව නැරඹීමෙනි.... ඔබ ඔබ වී නොව, ඔබ ෆ්‍රීඩා වී ඇය ඔබ දෙස නැවත බලන්න. ඔබ ෆීඩා වී ඇය දෙස බලන්න......... එහි දර්ශනතලයන්හි ඔබ දකින සරාගිකත්වය පසුව ඔබේ නෙතම කදුලින් බර කෙරෙනු ඇති....


සිය දෙපා අහිමි විමත්, පෙම්වතා පිටුපා යාමත්, යහන මත හුදෙකලා විමත් මත ඈ ක්‍රමයෙන් සිය මනෝභාවයක් විදහා දැක්විමට චිත්‍රය මාධ්‍යයක් කොට ගත්තාය. සැමියාගෙ අවකල්ක්‍රියා දරු ගැබ අහිමිවිම ආදීවූ වේදනාත්මක සිදුවීම් ප්‍රබල කම්පනයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එමින් අපූර්ව වූ සිතුවම්හි රූපණය කළාය. මෙම චිත්‍රපටය ඇගේ ස්වයං චරිතාපදානයකි. එවන් වු අපූර්ව ගැහැණියකගේ ස්වභාවය අප වෙත ගෙන එන අගනා නිර්මාණයකි.....

විත්‍රපටය මෙතැනින් ගන්න

මෙහෙමලු මං විභාග ලීවෙ



වැල් ලෙහීගෙන යන වැල් පාලමක් තියනවා. සංගිලි පාලම් කියන්නේ ඒවටද මංද... කොහොම හරි හෙල්ලෙන පාලමක්. මේ පාලම දැන් හරිම අබලන්. ඒ පාලම තමයි මගේ මතකය. මම මේ හදන්නෙ ඒ ලෙහීගෙන ලිහිල් විගෙන අමතක විගෙන යන මතකය කියන වැල් පාලම දිගේ ටිකකට අතීතයට යන්න. J

පුංචි දවස්වල අම්මගෙන් මම නොසෑහෙන්න ගුටි කැවා බැනුම් ඇහුව... අකුරු ලියන්න හුරු වෙන්න. අපොයි ඒ වගේ කාලයක්නම් ආයෙත් එපා. එක අතකින් ගුරුවරියකගෙ ළමයෙක් වෙනවයි කියන එප එපා කරපු දෙයක් වෙනවා පාඩම් මතක් වෙද්දි. ඉතිං නොසැහෙන්න හොටු පෙරාගෙන කදුළු හලාගෙන එක වසරේ ඉදල පහ වසරට යනකන් ටොකු කකා ඉගෙන ගත්තා.