Monday, April 29, 2013

උඩුයටිකුරු



මේ චිත්‍රය මම නම් කළේ උඩුයටිකුරු නමින්. ෆේස් බුක් එකේ ඉන්න සමහර යාලුවෝනම් මගේ මේ සිතුවම දැකල ඇති.. 

ඔයාලට මේකෙන් මොන වගේ අරුතක්ද දැනවෙන්නෙ කියන එක මම මුලින්ම අහන්නම්. කැමති නෑ මේ ගැන මගේ අදහස කියන්න.....

මේ දේ කියන්නම්. සමාජය ගැන අන්තෙටම කලකිරිල හිටපු මොහොතකයි මේක ඇන්දෙ.

Saturday, April 27, 2013

බිසෝ



දණ වටක් දියේ බැස
කෙකටියා මල් නෙළන
බිසෝ නුඹ පෙර පවින්
මගේ පිලේ පැල් බැන්ද

කඩමාලු මල් රෙද්දෙ
මල් හිනා නූල් ගිය
පරදවා ඇඳී යන
නුඹෙ විඩා හිනා රොද

Wednesday, April 24, 2013

HONDA



සතියේ පස් දිනම
4.30 කණිසමට
ඉඹුල මත නැගි උදුම්බරාව
වෙනුවට
අජානේය HONDA මත
ලිපිකාර පෙම්වතිය
එක ඉරට දුර ඇදෙන
ක්ෂිතිජයත් අල්ලන

මධුරා කුමරියගේ පැමිණිල්ල




නුඹ කුවේණිය නම්
මධුරා කුමරි මම වෙම්
දෑස් අග්ගිස්සෙන්
කඳුළු සඟවන්නම්

කාලෙක එකෝමත්
රජ කුමරියක වූවෙන්

Tuesday, April 23, 2013

උඹ දන්නෙ මොනවද... අපෙ රහස ගැන.....






උඹ දන්නවාද මම....
උනා දැම්මා ඇය ඉදිරියේ ලැජ්ජාව.....
බොහෝම ඉස්සර....
උඹේ හෙවනැල්ල.....
මට උඩින් නොපායපු කාලෙකට ඉස්සර.....

පුරුෂාධිපත්‍යයේ මාන්නය කරමතින් වඩම්මන....
අධීමානයේ ගඳගහන උජාරුව...

Friday, April 19, 2013

පායපන් සඳ



^_^

මගෙ පුංචි සඳ
පායපන් දෑස් හැර
බලන් අර ඉර
දිස්න දෙන අපූරුව

ගනින් රැස් බිඳ බිඳ
දෝතටම පුරෝගෙන

Thursday, April 18, 2013

ඉනික්බිති





තරු දිලුන රැ‍යක
නුඹ නොදුටු තරුවක්
දුටිමි
සඳ ඇවිදින් ගිය දිනෙක
අහඹු කිවිසුම
නෙත් රැඳවූ සඳ
පාලු අහසේ
මුල්ලක
අඳුරු මුල්ලක
ඈත අනන්තයට

Wednesday, April 17, 2013

එය එසේ විය



නිසි කල
අනිසි ලෙස
නොනිසි පහසට නතුව
වීය ඇය
වෙසඟන

Tuesday, April 16, 2013

නොකියාම සිටියත් සිත්විය කියන්නට



බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට මට එන්න විදිහක් නැහැ යාලුවනේ.... එක පුද්ගලයෙක් ඉන්නව, ‍මගේ ජීවිතේට ලොකු තර්ජනයක් කරන. ඒ මිනිහ මගේ චරිතය නැත්තට නැති කරනවා. පොලිසිට‍ ගියත් මේ මනුස්සයාගෙ තියන මෝඩ කමට හෝ අමන කමට මගේ චරිතය නැවත නැවත පලුදු කරන්න උත්සහ කරනවා. අනිවාර්යයෙන්ම ඒ කෙනා 21 වෙනිද මහරගමට ඒවි. බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට. මං ගොඩක් ආසාවෙන් හිටියෙ අපේ කට්ටිය එක්ක එකතු වෙලා සතුටින් ඒ දවස ගත කරන්න. ඒත් මේ මනුස්සයා නිසා මට එන්න විදිහක් නැති එක ගැන මම ‍ගොඩක් කනගාටු වෙනවා...... ගොඩක් ගොඩක් ගොඩක්ම දුකයි. සිත්තරී කියන නමට හෝ තිලිනි කියන මගේ සැබෑ නමට ඒ පුද්ගලයා කරන කිසිම සඳහන් කිරීමක්, ගණන් ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා.

Friday, March 22, 2013

අමතක මතක


කාලෙකට පෙර
වැසූ කවුළුවද
වසාගෙන
වැටුණු පිණි කැට
එල්ලාගෙනම
සරසලා
මකුළුදැල

Wednesday, March 13, 2013

දුම්මැස්ස ළඟ



අළු වැදී
ගොමස්කඩටම ඉරුණු
කළු වලාකුළු  මෑත් කර
ගිනි පුළිඟු විනිවිද
සීතල අහුරු එක්කර

Friday, March 1, 2013

රවුම්




කැරකෙනවා
මගේ රවුම් ඔරලෝසුවෙ
රවුම් වුණ ලෝහ පටිය ඇතුලෙ
පංකාව
රවුමෙන් රවුමට
ඊට පහළින්
පමණට වඩා වුණු රවුම හින්දම
තවත් රවුම් වෙලා
ප්‍රකෘති රවුමෙන් පිට පැන්න

Wednesday, February 27, 2013

එකෝමත් එක රටක - පවිත්‍රවූවන් වෙත




සලාගමයෙකු වියාලූ
ඝන කළු කඩතුරාවකින්
වෙලාපන් මා උවන
ශේෂ කර
දෑඟුලකින් අඩක දුර ගෙන
සිදුරු දෙකකට ඉඩැ'
හෙළන්නට
ගන්නා හුස්ම ආපිට

ඈත දකුණේ රොඩියෙකුගේ
දෑතින්ම ඇඹරූ කඹයකින්
මිලට නොව
ගත් පරවේණි උරුමයට

Tuesday, February 26, 2013

පැරණි අදහස් තුළ එල්බ සිටීමෙන් සහ ගතානුගතික චින්තනයෙන් මිදිම කාන්තාවට අකැප වූවක්ද?



ලෝකයේ නොයෙක් බෙදීම් ඇති කර ගන්නේ සමාජය විසින්මය. මිනිසාම සම්මත කර ගත් එම බෙදිම් තුළ සිටිමින් විය යුතු යොවිය යුතු සම්මතයන් ඒ අනුව මිනිසා විසින්ම බිහි කරගෙන තිබේ. මෙකී සමාජ සම්මතයන් තීරණය කිරීමෙහි ලා ප්‍රබල දායකත්වය සපයන්නේ සංස්කෘතියයි. යම් ජන කොට්ඨාසයක්, ඔවුන් විසින්ම නීතිගත කරන ලද සංස්කෘතික රාමුවක සිට සමාජ සම්මත, තහංචි දමා සිය සංස්කෘතික දෘශ්ටියට යම් අනන්‍යතාවයක් ලබා දී තිබේ. මෙසේ බිහිකරගත් යම් නිශ්චිත කෝණයක සිට බැලීමේදී තම සමාජයට සුදුසු දේ ‍කවරක්ද, නුසුදුසු දේ කවරක්ද යන්න සම්මතයකට පැමිණීම මෙකී සංස්කෘතික පසුබිමේ ස්වභාවයයි. ඒකාකාරි රාමුවකට කේන්ද්‍රගත වීම තුළින් ඇතැම් නව්‍ය ප්‍රගමන වෙත මෙකී සමාජය ඔරොත්තු නොදේ නම් සංස්කෘතික බැම්මෙන් එපිට ඇති දේ යැයි කියා ඒවා බැහැර කිරීම සාමාන්‍ය සිරිතය. මෙය ලංකාවේ පමණක් දක්නට ලැබෙන්නක් නොවේ. සමාජය තුළ ගැහැණියගේ භූමිකාව මෙහි එක් ප්‍රභල පැතිකඩකි. සමාජය හා ගැටීමේදී මා වෙත එල්ලවු නොයෙක් අභියෝග, අපවාද, දිරිගැන්විම් ආදියද මෙම ලිපිය සඳහා පසුබිම් විය.

Wednesday, February 20, 2013

෴වර්ග භේද වලින් තොර සමාජයක් උදෙසා පූර්විකාවක්෴






අදහස් ප්‍රකාශනය සහ ප්‍රකාශිත අදහස් ග්‍රහණය පිළිබද වවධානය යොමු කරන කල්හි මෙය පුද්ගලානුරූප බව කිව පෙනී යයි. ඒ ඒ පුද්ගලයා සිය අදහස් ගෙන හැර දැක්විමට විවිධ මාධ්‍යයන් උපයුක්ත කර ගන්නවා සේම, ග්‍රාහකයාද සිය ප්‍රාඥතාවේ මට්ටම අනුව අදහස් ග්‍රහණයේ යම් පරාසයක සිටී. අපි මෙය පොදුවේ සන්නිවේදනය ලෙස ගතහොත්, යම් සන්නිවේදිත ප්‍රපංචයක් තවෙකෙකු ග්‍රහණය කර ගන්නේ තමාට අනුරූපී ආකාරයට සහ සිය බුද්ධි මට්ටමේ ස්වභාවය අනුවයි. එහිදී ඊට අදාලව සිදු වන ප්‍රතික්‍රියාවද ඒ මත රදා පවතින බව කිව හැකිය. සමාජය විසින් නීර්ණය කරන ලද යම් යම් සංස්කෘතික ලක්ෂණ වේවා, සමාජානුභූතීන් වේවා ඒ ඒ සමාජයන්හි ඊට අදාලව දෘෂ්ටිවාද ගොඩනැගී පවතී. සමාජ ව්‍යූහය තුළ හිිමින් ඒ හා ගැටෙමින් දවසරින කල්හි අප එකී දෘශ්ටිවාදයන්හි යම් ආකාරයක හවුල්කරුවෝ බව ස්වයංවිඥානිකව මනසට ග්‍රහණය වේ.

Monday, February 18, 2013

නට්සි ජර්මනියේ ඔත්තුකරුවකුගේ කථාන්තරය.. “රෑ මාතා” (Mother Night)

Mother Night

By – Kurt Vonnegut


කනිෂ්ඪ හොවාර්ඩ් ඩබ්ලිව් කැම්බල්ගේ පාපෝච්චාරණ ලෙස ලියවි ඇති මෙම කථාව ඉතා අපුර්ව වූවකි. ජර්මනියේ විප්ලවිය සමයේ ගුවන් විදුලි නිවේදකයෙකු වශයෙන් කටයුතු කරන කනිෂ්ඪ හොවාර්ඩ් ඩබ්ලිව් කැම්බල්, දිනක් උද්‍යානයේ දී මුනගැසෙන පුද්ගලයෙකු සමග කරන සාකච්චාවකින් පසු ඔහුගේ ජීවිතයේ පැවැත්ම විශාල පෙරළීයකට ලක් කෙරේ. ඒ එතැන් සිට ඔහු ජර්මනියේ රහස් තොරතුරු, ගුවන්විදුලිය හරහා ප්‍රචාරය කරන ඔත්තුකරුවෙකු ලෙස සිය කටයුතු ඇරඹීම හේතුවෙනි. නමුත් ඔහු දුන් ඔත්තු කවරේද යන්නත්, ඒවායෙහි වැදගත්කමවත් ඔහු නොදනී. අඩු තරමේ සිය ආදරණීය බිරිදගේ මරණයේ ආරංචිය පවා මෙසේ සිය මුවින්ම ගුවන්විදුලිය හරහා ඔහු ප්‍රචාරය කළද ඒ වන විටත්, ඉන් වසර ගණනක් ගත වන තුරුත් ඔහු සිය බිරිදගේ මරණයේ ආරංචිය තම මුවින් ඔත්තු සේවා වෙත ලබා දුන් බව නොදැන සිටියේය. ඔහු ශ්‍රේෂට ඔත්තුකරුවෙකු ලෙස සිය මෙහෙවර කළ බව, ඔහුව ඇමරිකානු රහස් ඔත්තු ඒජන්තයෙකු ලෙස බදවාගත් හැරල්ඩ් ජේ. ස්පැරෝ සිය අවසන් ලිපියේ සහතිකකොට දක්වා තිබේ. නමුත් ඔහුගේ මෙහෙවර දැන සිටියේ මුළු ලෝකයෙන්ම තුන් දෙනෙකු පමණි. සිය දෙමාපියන් පවා තමා පිළිබද අමිහිරි මතකයෙන් යුතුව මිය යාමට සැලසුනේ, මේ තිදෙනා හැර වෙනත් කිසිවෙක් ඔහුගෙන් වූ සේවාව නොදැන සිටි හෙයිනි. ඇමරිකානු රජයට වයසක යුවලකගේ හිතේ සැනසිමට වටා සිය කර්තව්‍යයන් වැදගත් බව ෆ්‍රෑන්ක් පවසන්නේ එහෙයිනි.

තමා ‍ඉතා දරුණු රැවටිමකට හසු වූ බවත්, තම ආදරණීය බිරිදයැයි සිතා ඔහු යහන්ගත වූයේ බිරිදගේ බාල සොයුරිය සමග බවත්,

Saturday, February 16, 2013

සම්මතයේ අසම්මතය


ඔහු, හිතුවක්කාර පෙම්වතා
දුහුල් සළු පිළි ඉරා
දැඩි ග්‍රහණයේ රඳවා
දෙපසට රුවා කලවා
අලවංගුවක් ගිල්වා
මිහිතලය රුදු පහසින් සාරා
සිටුවා බීජයක්
ඇගෙ ලෙයින් මසින් වැඩෙන්නට හැරි
පරිවර්තිත පියා

Friday, February 15, 2013

හෙළ-වර පුවත




නමක් නැති දුර රටක
දුර ඈත දුර ගමක
උපන්නා අයෙක්
ඕපපාතිකව
දැම්මා ඔහුට නම
"හෙළ"

"හෙළ" වැඩී පිරිපුන්ව
කල වයස පැමිණි සඳ
ගෙන්නුවා පියඹක්
නැව් නග්ගවාගෙන
දුර ඈත බෝ දුරක

Tuesday, February 12, 2013

ඇවිත් කට්ට ගහන්නකො අප්පා......


තදින් දැනෙනව මට
ඔබේ අවැසිතාවය
කට්ට නැති සාරිපොට
පිටෙන් එල්ලා වැටෙනකොට
අනේ හිටියානම් ඔබ
කට්ට ගහන්න

අපේ හැන්දෑ වරු




දියවන්නාව කෙළවර
අපේම බංකුව උඩ
හැමදාම නැතත්
ඉඳ හිට හවසට හවසට
තුරුළු වෙන අපි
අළුත් ජෝඩුව
කාගෙන් වදයක්ද
වාහන සද්දෙ මිසක

කාලම තෙල පිරුණු
හයිකාර ලොකු අතු
වැලි පාරෙ එහෙ මෙහෙ
හනි හනික දුවනකොට
අපි අපේම වුණ
පුංචි ලෝකෙක
රැළි ගහන රැළි අතර
බත්කූරො ගැන ගැන
  
ඈතින් එන හුළඟ
ඇඟම හිරි වට්ටගෙන
එති එතී යනකොට
උණුහුමක් දෙන්න හින්දම
එතෙනව ඔය ලොකු සුරත
අනාවරණිත, සාරි හැට්ටෙත්
නෙරිය රැළි අතරත්
හිඩැස වහගෙන

තුරුල්ලට ගෙන
විටින් විට
නිමක් නොදකින
හාදුවෙන් හාදුව
සටහන් වෙනකොට
නළල මත
අහසත් විඩෙන් විඩ
රතු වෙනව ඔන්න
ලැජ්ජාව හින්දම

මැරතන් දුවන
තත්පර කටු නොබලම
දෝරෙලන ආදරේ
සුසුම්වල පුරෝගෙන
එකින් එක හෙලනකොට
සයිරන් නොදාම
පායන අඳුරට ඉඩැර
බෝඩිම මානයෙදි
වෙන් වෙනව ඔබ
මහා සුසුමක් එක්කම
දවසෙ අවසන් හාදුව
තබා නළලත.............