Friday, December 30, 2011
Tuesday, December 27, 2011
Monday, December 26, 2011
පැරණි ඊජිප්තුව 1............. මූලාරම්භය සහ සමාජය
පුරාණ ශිෂ්වාචාර පිළිබඳව ලිවිමට අදහස් කරන ලිපි මාලාවක පළමුවැන්න ලෙස මෙම ලිපියෙන් පූර්වාරම්භයක් සටහන් කරමි.
හැඳින්වීම
ලොව පැවති අග්‍රගන්‍ය පැරණි ශිෂ්ටාචාර අතුරින් එකක් ලෙස නයිල් ගංගා නිම්නය ආශ්‍රිතව බිහිවී වර්ධනය වූ පැරණි මිසරය හඳුන්වා දිය හැකිය. මෙකී ශිෂ්ටාචාරය වඩ වඩාත් ලොව පුරා ප්‍රචලිත වීමට හේතු වූයේ එහි ගුප්තමය ස්වරූපය ඉස්මතු කරන ලද ඔවුන් විසින් නිර්මිත ඉතා පුදුම සහගත නිර්මාණයක් වූ පිරමිඩ හේතුවෙනි. පැරණි මිසරය පිළිබඳව, එනම් එහි ආයතනිකමය අංශයන්හි ඉතිහාසය ගොඩනැගිම කෙරෙහි දායක වන සුවිශේෂී අංගයක් වන්නේද මෙම පිරමීඩයි.
ඒ හා බැඳුණු ඔවුන්ගේ සමස්ථ ඉතිහාසයම හෙළි කරන සාධක උක්ත පිරමීඩ ඇසුරෙන්
Sunday, December 25, 2011
Saturday, December 24, 2011
වැහැපන් වැස්ස
දවස් තුනක් තිස්සෙ එක දිගටම අහස පොළවට කඩා වැටිල යන්තම් නතර වුණා විතරයි. කැරකෝප්පුවේ අතරින්පතර හිටගෙන ඉන්න කෙනෙක්දෙන්නෙක් ඉහළගත්තු කුඩයක කවාකාර නැම්ම දිගේ රූටගෙන එන වතුර බිංදු නන අගින් බේරිලා මඩ වුණු පොළවට වැටෙනවා. අඳුරු කොළ පාට අතු වැහි වතුරෙන් බර කරගත්ත ෆයිනස් ගස් ගොන්න පරද්දගෙන අහසට නැගුණු ආදාහනාගාරෙ උස කුළුනෙන් පිටවෙන අළු පාට දුම් වළළු ඕනෑවට එපාවට වගේ අහසෙ එහෙ මෙහෙ ගිහින් මැකිලා යනවා.
“නිමන්තිට හොඳයි, නංගියෙක්වත් හිටපු නිසා. නැත්තං ආතක්පාතක් නැතිවනෙ මැරිල යන්න වෙන්නෙ දෙයියනේ.”
“හ්ම්.... යමු නේද වැස්සට කලින්. ආයෙමත් වැහිඅන්දකාරෙ.”
Friday, December 23, 2011
මම ඔයාව මැරුවද.............?
“ලියන්ඩ ඕනෑ කවියක්......” එහෙමයි තිබුණෙ බෝඩිමේ ප්‍රවේශය. මටත් හිතුණා ලියන්න කවියක්, බොහොම කාලෙකට ඉස්සර.... එදා ඉඳන් මේ වෙනකම්ම හිතුවා........ හෙවිවා හෙව්වා....... වස්තුවිෂයක්.. හමිබ වුණේම නෑ. දැන්, මේ දැන් මිනිත්තු කීපෙකට කලින් නින්ද ඇවිත් මටත් නොකියම. මම හිතුවෙ කවුරුහරි මාව මගේ අතීතයේ මම අප්පිරියම කරපු, මාව අසහනයේ ගිල්ලපු කාලෙකට බලෙන්ම ඇදන් ගිහින් කියලයි.
දැඟලුවා, දැඟලුවා මම වතුරෙන් ගොඩ ගත්තු මාළුවෙක් වගේ... ඇත්තටම වතුර නැතිව කට ඇර ඇර කරමලෙන් නෙවෙයි, කටින් හුස්ම ගන්න දඟලන මාළුවෙක් වගේ..... නෑ නෑ මාළුවාගෙ ගෑණු සතා මොකාද.......? මම දන්නෙ නෑ. කොහොමහරි අන්න ඒ වගේ. (දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න මාළුවාගෙ ගෑණු සතා ගැන, මම කීවෙ එයාට කියන සිංහල නම ගැන)
Wednesday, December 21, 2011
හිරිකඩ
හීන් හිරිකඩ ජනේල් පියනට වදින්නෙ ඊතල වැස්සක් වගේ. සේරම ඊතල එන්නෙ මගේ දිහාවටමයි. තිරගතවෙන චිත්‍රපටයක දුශ්ටයා හරියට මම වගෙයි ඊතල හිරිකඩ මගේ දිහාවටම එල්ල වෙන්නෙ. උදේ මීදුම වැදිල බොඳ වෙලා තිබුණු ජනේලෙන් පිටත කම්මැලිකමෙන් ඇහැරෙන ගම් එකින්එක පහුවෙන බව පෙනෙන්න පටන්ගත්තෙත් හිරිකඩ නිසයි. අනික ලයිට් ඕෆ් කරපු නිසයි. ඒත් මේ පුංචි පුංචි වතුර බිංදු වලට පුළුවන්ද එකපාරටම බස් එකෙන් පිටත ලෝකෙට අදෘශ්‍යමාන දොරටුවක් වෙන්න. පිනි බිංදුත් මීදුමත් එකට මිශ්‍ර වෙලා.. ඒකටම, ඉස්සරහට වේගෙන් ඇදීගෙන යන බස් එකත් එකතු වුණාම ඉස්කෝලෙ කාලෙ ඉගෙනගත්තු චිත්‍ර ශිල්පියෙක්ගෙ චිත්‍ර මතක් වෙනවා.
Tuesday, December 20, 2011
ආකෘතිය හරහා ප්‍රේක්ෂක මනසේ සෞන්දර්ය ජනනය වන ආකාරය ; වේදිකා නාට්‍ය කිහිපයක් ඇසුරින් කෙරෙන සංක්ෂිප්ත විග්‍රහයක්.
ලොව පවත්නා නන්විධ කලා මාධ්‍යයන් අතුරින් නාට්‍ය වූ කලි ප්‍රේක්ෂක මනසේ ලගන්නාසුළු සෞන්දර්යාත්මක වින්දනයක් ජනිත කරන්නා වූ කලාවක් ලෙස පෙන්වා දිය හැකිය. ප්රස්තුතයේදී වැදගත් වන “ආකෘති” යන පදය ප්‍රධාන වශයෙන් ද්‍රව්‍යාත්මක සහ මනෝමූලික ලෙස දෙයාකාරයකට වර්ග කළ හැකි වේ. මෙහිදී ද්‍රව්‍යාත්මක ලෙස ගැනෙන්නේ යම් වස්තුවකට ස්වභාවයෙන්ම හිමි වී ඇති හැඩය අනුව එය හඳුනා ගැනීමේ හැකියාවෙන් යුක්ත වු ආකෘතියකටය. මනෝමූලික ආකෘතියක් ලෙස සැලකෙන්නේ මිනිසාගේ මැදිහත්වීමෙන් යුතුව නිර්මාණය කර ඇති ගද්‍ය, පද්‍ය ආදී වූ කෘතීන් රසවින්දනයේදී එම කෘතිය පිළිබඳව අප සිත්හි ගොඩනැගෙන සැලසුමටයි. නාට්‍ය කලාවේදී මෙකී ආකෘතිද්වයම උපයුක්ත කොට ගන්නා බව දක්නට ලැබෙන අතරම නාට්‍ය අල්පතරයක් පමණක් උපනිශ්රයෙන් උක්ත ලක්ෂණය උද්දීපනය වන ආකාරය මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ. තවද මෙම ආකෘති භාවිතයෙන් ප්‍රේක්ෂක මනසේ සෞන්දර්යාත්මක හැඟීම් ජනනය වූ ආකාරයද පෙන්වා දිය හැකිය. සෞන්දර්ය යන්න කෙරෙහි නන්විධ අර්ථකථන පලවී ඇතත්, සඳහන් කළ හැක්කේ මෙම “සෞන්දර්ය” යන සංකල්පය යම් කිසි වස්තු හෝ තර්කනයට හසු වන අවස්ථා, සිදුවීම් ආදී දේ පිළිබඳව ඥානනය මගින් ඒවා ඇගයීමට ලක් කිරීමේදී මිනිස් සිතේ හටගනු ලබන යම් මානසික තත්වයක් බවයි. නාට්‍ය කෘතියක ආකෘතිය ඔස්සේ ඒ යටතට ගැනෙන සිදුවීම්වලින් පස්තලය, රංග භාණෟඩ, රංග වස්ත්‍ර, වේශ නිරූපණය, ශෛලිය, සංගීතය ආදියෙන් මතුවන කලාත්මක නිර්මාණ ලක්ෂණ තුළින් ප්‍රේක්ෂක මනසේ සෞන්දර්ය ජනනය වනවා යැයි කිව හැකි වේ.
Monday, December 19, 2011
තිතේ කතාව..... නෑ නෑ... මගේ කතාව
කාලයක් මම ඇවිදගෙන ගියා..... ජීවිත වාක්‍යය දිගේ.
ඔහොම ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යද්දි එක දවසක
විරාම ලකුණක් හමු වුණා මගේ වාක්‍යයට
ඉතිං මම විරාම ලකුණෙන් ඇහුවා.........
“නවතිනවද ඔයා, වෙලා මගෙ ජීවිත වාක්‍යයේ නැවතුම”
ඒත් එයා කීවා.........
“කොහොමද එහෙම.......?
විරාමයක් මිසක් නෙවෙයිනෙ මම නැවතුම් තිතක්
විරාමයක් වෙලාම මම
දෙන්නම් අර්ධ නැවතුමක්... හති ඇරගන්න
නැවතුම් තිත හොයාගෙන තව දුර යන්න ඔයාට
වේවි එතකොට මගෙන්, හයියක් තව”
ඉතිං මම පටන්ගත්ත ආයෙත්, ඇවිදන් යන්න
Sunday, December 18, 2011
සිහිලස

ගිනි දළුවක් තුළ
සිත නිවා සනහන
සුමුදු සුසිනිදු
සිහිලසක් ඇත්නම්...........
යළි යළිත්....... මතු යළිත්
ඔබ මා දවා ලූ
Friday, December 16, 2011
Subscribe to:
Posts (Atom)