Sunday, December 25, 2011

BLACK SWAN




කළු හංස ධේනුව මම
එකම එක
කළු හංස ධේනුව
හංස විල මත

ගැටෙයි මා සවනත
රාක්ෂස පිය පහස

පාදයක් පොළවට
ලම්භකව
පාදයක් මට
ලම්භකව

කැරකෙමි
කැරකෙමි
කැරකෙමි
හල මැද
කළු හංස ධේනුව මම

සුදු හංස ධේනුවම වෙමි මම
පෙම්බරා වියෝ වුණ

කැරකෙමි
කැරකෙමි
කැරකෙමි
හලේ
හංස විල මත

No comments:

Post a Comment