“ලියන්ඩ ඕනෑ කවියක්......” එහෙමයි තිබුණෙ බෝඩිමේ ප්‍රවේශය. මටත් හිතුණා ලියන්න කවියක්, බොහොම කාලෙකට ඉස්සර.... එදා ඉඳන් මේ වෙනකම්ම හිතුවා........ හෙවිවා හෙව්වා....... වස්තුවිෂයක්.. හමිබ වුණේම නෑ. දැන්, මේ දැන් මිනිත්තු කීපෙකට කලින් නින්ද ඇවිත් මටත් නොකියම. මම හිතුවෙ කවුරුහරි මාව මගේ අතීතයේ මම අප්පිරියම කරපු, මාව අසහනයේ ගිල්ලපු කාලෙකට බලෙන්ම ඇදන් ගිහින් කියලයි.
දැඟලුවා, දැඟලුවා මම වතුරෙන් ගොඩ ගත්තු මාළුවෙක් වගේ... ඇත්තටම වතුර නැතිව කට ඇර ඇර කරමලෙන් නෙවෙයි, කටින් හුස්ම ගන්න දඟලන මාළුවෙක් වගේ..... නෑ නෑ මාළුවාගෙ ගෑණු සතා මොකාද.......? මම දන්නෙ නෑ. කොහොමහරි අන්න ඒ වගේ. (දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න මාළුවාගෙ ගෑණු සතා ගැන, මම කීවෙ එයාට කියන සිංහල නම ගැන)
කොහොම හරි මට ඇස් ඇරුණා. වටපිට බැලුණා. හුස්ම වැටුණා. ගිඩි ගිඩි ගාල ගැහුණා. ඔය ඒවයින් කෝක මුලින් වුණාද කියල මම දන්නෙ නෑ. දැනගත්තත් වැඩකුත් නෑ. මොකද මම දැන් යහතින්නෙ. ඉක්මනින මම ඔන් කරගත්ත ලැප් එක. හයි කරගත්ත කී බෝඩ් එක. පටන් ගත්ත කොටන්න. මේ දැනුත් කරන්නෙ ඒක... තත්පරයකි හරි පරණ සිද්දියෙන් දැනුයි මම වර්තමානය සම්බන්ධ කරන්නෙ මේ “කවියට”, “කතාවට”.......... නැත්නම් “කවි කතාවට”. හොයලා හොයලා.... හොයාගත්තු ප්‍රස්තුතය හම්බවුණා හීනෙදි මට, කවිය හදන්න. මම ඒක මුලින් කීව නේද? මට මතක නෑ........ මුලින් කීව හෝ නොකීවට, දැන් කීවනෙ. මම දැන් හොඳඅඅඅඅඅඅඅඅඅඅ........................... හුසුමක් ගත්ත.
ඔන්න මම කවිය ලියනව.
(කවියක් හෝ කතාවක්.......... බලන කවුරුත් කොහොම අර්ථයක් දේවිද මන්ද. මට බෑනෙ කවි)
************ මේ තරු පේළියක් ************
**************************************
එක කාලෙක,
මම පංති ගිය කාලෙ
ගෙදරටම ආපු ගුරුවරු නවත්තපු අපේ අහේනියේ ආරම්භක කාලෙ
ඉගෙනගන්න නෙවෙයි, කෙනෙක්ව දකින්නම ආසාවෙන් විතරක් මම පංති හොය හොයා ගිය කාලෙ
පාරට බැහැපු වෙලේ ඉඳල එකම එක කෙනෙක් පසුසස්සෙ ඇස් දුවවපු කාලෙ
කල්ප කාලෙකට පස්සෙ හරි, එක මොහොතකට ඒ ඇසුත්, මේ ඇසුත් එකම එක මොහොතකට හරි එක් වුණොත්
මේ ඇස් දෙක ඇතුලෙ අකුණු පිට අකුණු ගහපු කාලෙ
ඒ ඇස්වල එළියෙන් මේ ඇස් විතරක් නෙවෙයි,
මේ ඇස්වල අයිතිකාරයගෙ මුළු සරීර කූඩුවේ අභ්‍යන්තරයෙ සෛලයක් සෛලයක් ගානෙ එළීය වැටුණු කාලෙ
ඒ ඇස්වල අයිතිකාර ආඩම්බරකාරයාගෙ ගණන් ඉස්සිල්ලෙන් සර්වාංගෙම පිච්චි පිච්චි ඇවිළුණු කාලෙ..........
ඉතතිං ඔන්න ඔය කාලෙ, ඇවිළිලා ඇවිළිලා ඇවිළිලා ඇවිළිලා.......ම නිවුණු ඒ ගින්න
ආයෙත් ඇවිළුණා...... මේ දැන් මොහොතකට ඉස්සර
කවුදෝ ඇවිත්, බලෙන්ම වගේ
එකපා..........රටම
උස්සගෙන ගිහින් මාව
පාළුම පාළු
හතරමංහංදියක
අතෑරියාට පස්සෙ
අර ඇස්වල අයිතිකාරයා ඇවිත් මගේ ළඟට
කිවුවා මට
එකෝඕඕඕඕඕ........මත් එක කාලෙක
එයාගෙ ඇස් ඇතුළෙ
නොනවත්වා ගහපු අකුණු වරුසාවක් නිසා
පිච්චිලා පිච්චිලා පිච්චිලා ගියපු එයාව
වළදැම්මාලු මේ හතරමංහංදියේ
එකම එක ප්‍රශ්නයයි මම එයාගෙන් ඇහුවෙ
එකම එකයි
ඒක මම මුලින්ම අහල ඇති, බලන්න.......
***********************************
ඔන්න එතකොටයි මට නැගිට්ටුනේ, දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ, මහ සාගරයක් මැද්දට ඉබේ අතෑරිලා හිටිය පීනන්න නොදන්න එකෙක් වගේ............. ඒ ප්‍රශ්නෙ එයාට ඇහුණද මංදා.....කොහොම හරි ඒක අහතවත් එක්කම ඇදීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ...........ගෙන ආව මාව. මගේ ඇඳ උඩට. වැටුනා මාව දබොක් ගාලා. මේ ඇඳ උඩට. එයාට ඇහුනද මංදා........... මම අපපු එක.
ඒ ඇස් තවම එහෙමමයි. කාලෙකට ඇති ඒ එළිය.
ඔය අලුත් නේද දිගටම ලියන්න ජයෙන් ජය
ReplyDelete