Sunday, December 18, 2011

සිහිලස



ගිනි දළුවක් තුළ
සිත නිවා සනහන
සුමුදු සුසිනිදු
සිහිලසක් ඇත්නම්...........
යළි යළිත්....... මතු යළිත්
ඔබ මා දවා ලූ
රුදුරු ගිනි දැල් තුළ
එදා මා හදවත
දැවි දැවී දැල්වුණු සඳ
ගිනි දළුව තුළ ලියළූ
මේ සහන් සිහිලස
දැවුණු හද නිවාලන්නට
ඒ රුදුරු අතීතයේ
මා හා සිටියේනම්.............

No comments:

Post a Comment