Thursday, October 11, 2012

රමණීය රමණ



ඇගේත් මගේ කාමර එක ළගම දෙපසකට මුහුණලා
ඇගේ කවුළුව මගේ කවුළුව අබියසම
කවුළු දෙක වෙන් කරන රෝස මල් පදුරක හැමදාම
නොවරදී නොපිපෙන රතු රෝස මල් කැකුළු
නිතර ගොළුබෙල්ලන් කා දමන



අළුයමින් ඇය ළිඳ අසල තෙතබරිව
දිය රෙද්ද බදා වැළඳ ඈ බඳ කිටි කිටියෙම
අවදිකරවයි මා දෙනෙත් 
උන් හිටි තැන් මතකයේ නොමැතිව
බලමි මම බලමි පෙරදින සිටම හැර තිබූ කවුළු විවරය මෑත් කර


බිදෙන් බිද රූරා වැටෙන දිය බිඳිති කෙස් රොද පීරගෙන
දිවට ගමි මම ඒ සන්සිල්ක් රස
බඳ නලවිමින් ඈ පිසදමාලයි..... තෙත
මම තුවායකි ඈ ගත වෙලෙන
වෙරළු මල් සුවඳයි මහ පාන්දර


කුරුල්ලනට පෙර උදා අරුණළු දකින්නෙම් මම
ඇගේ කවුළුව තුළින් එන
වෛවර්ණ ඔසරිය වටා එතෙන්නී 
මගේ සුකොමළ සුවද පුෂ්පය


දෙනෙතම වසා යහනේ දිගාවී
දෙසවනින් දකින්නෙම්
ටොක් ටොක් නදින් රැව් දෙන ඇගේ ලැසි ගමන


මගේ කවුළුව අසලින් යන්නී ඈ
බ්ලූ වුමන් විලවුන් සුවඳින් හොර මකාගෙන
Comments
19 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

19 comments:

  1. ලස්සණයි... ඔබට ජය...

    ReplyDelete
  2. "බ්ලූ වුමන් විලවුන් සුවඳින් හොර මකාගෙන" ලස්සනයි.

    ReplyDelete
  3. pandarata weralu mal suwanda enaeka thamai wede..........

    ReplyDelete
  4. මරු.. සිත්තරියේ..
    ජය වේවා!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු.......
      සතුටුයි මේ පැත්තට ආවට.... :)

      Delete
  5. බ්ලොග් එක පැත්තෙ රවුම් ගැහුවත්. අද තමයි කමෙන්ට් කරන්න ලැබුනේ. :))))

    සිතුවිලි ටික නියමයි.
    (සිතුවිලි කිවුවෙ මම ඔය මහ පන්ඩිතයෝ වගේ පරතරට ගිහින් නෑ නේ කට්ටිය කවි කිවුවාම බනිනවා අරක කෝ මේක කෝ කවි කිවුවෙ මොන පදනමෙන්නද වගේ ලොකු සින්. නිසදැස් කිවුවාම තව සීන් ඒ නිසා සිතුවිලි කිවුවේ ඔන්න.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු....
      මමත් ඔයා ඉන්න තැනමයි කියල හිතෙනවා
      මේ කැටගරිය නම් කරල තියෙන්නෙත් සිතුවිලි කියන නමින්මයි...... :)

      කවි මොනවද නිසදැස් මොනවද මමත් හොයන්නෙ නැහැ
      සිතිවිල්ල සිත්තම් කරනවා........

      Delete
  6. වෙනදා වගේ තමා ලස්සනයි.:)

    ReplyDelete
  7. දෙයියනේ මම දුන්නු 4ටෝ එක ... නේද මේ .. ශා එල එල

    ReplyDelete
    Replies
    1. ඔවු මල්ලියෝ.... ඔන්න මම හිතනව මම ඒ 4ටෝ එකට සාධාරණයක් කරන්න ඇති මේ පාර

      Delete