Friday, October 19, 2012

විනිවිද


විනිවිද නම් වූ මාගේ පළමු ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශනය වෙනුවෙන් ඇදි තේමා සිතුවම මෙයයි......... 
2006
මහනුවර ඩී. එස් සේනානායක මහජන පුස්තකාල ශාලාවේදි 
මෙය පළමු වරට ප්‍රදර්ශනය කෙරුණි.


විමුක්තිය,

එය මා තුළයි. එය මා සමීපයේයි. එය මට බොහෝ දුරයි.

එය මා තුළම තිබුණත්, මට සමීපයේ තිබුණත්, මට බොහෝ දුරස්ව තිබුණත් එය කුමක්දැයි මම තවම නොදනිමි. මට ඒ විමුක්තිය හදුනාගත නොහැක. එහෙයින් මම එය හදුනා ගැනීමට වෙර දරමි.

මට හැගෙනා පරිදි එය මා අභිමුව ඇත. එහෙත්… ඝන කඩතුරාවකින් මා නෙත් හමුවේ එය ආවරණය වී ඇත. 

එහෙයින් මම එම බාධකය බිදලමි. එහෙත්…, මා ගත සෙලවිය නොහැක. එය ප්‍රාණයකින් තොර සේය.

එකිසා මම බලමි…. කඩතුරාව එපිටින් පෙනෙන දෙය දෙස බලමි.

කොතෙක් බැලූ මුත් දිස්වන්නේ ඒ ගොරහැඩි අදුරු කඩතුරාවමය.

නැවත මම බලමි….. කඩතුරාව වින්විද බලමි. නෙතින් පලක් නැත. සිත මා හට පිහිට වන්නේය. අප්‍රාණික මගේම වූ ඒ පංචස්කන්ධයට පෙරටුව මේ ගමන් කරන මගේ සිත….. කඩතුරාව විනිවිද බලයි.

මම නිවැරදි වෙමි. එසේය, මම නිවැරදි වෙමි.

දැන්………. දැන් මම විනිවිද දකිමි…………………

Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. ම්ම් මේවට අදහස් දක්වන්න මගේ දැනුම මදි.

    ජයෙන් ජය !!!!!

    මගේ සුබ පැතුම්. :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමා.... නිකන්ම හිතට ආව සංකල්පයක්....

      Delete
  2. මමත් කැමතිම ඉසව්වක් තමයි චිත්‍ර ප්‍රදර්ශන බලන එක. චිත්‍ර අදින්න තියා අඩිකෝදුව තියල හරියට කෙලින් ඉරක් අඳින්න බැරිවුණත් චිත්‍ර ප්‍රදර්ශන නම් වරදින්නේ කලාතුරකින්.

    මේ සිතුවම මනස විමුක්තිය හොයන කාන්තාවකගේ අපේක්ෂාවන් එක අරමුණකට පැමිනියත් ඇය පසුපසින් හඹා එන අක්මුල් නැති සිතුවිලි ජාලය,ශක්තිමත් වෘක්ෂයක් බදු මනසක් වුවත් සැනෙකින් බිඳින්න පුළුවන්ය කියන කාරණයත්, සුදු පැහැති රේඛා වන්ගෙන් ඒ මනසේ නිර්මාණය වූ විමුක්තියත් නිරූපනය වෙනවා නොවේද?

    ඔබේ මේ කලාත්මක හැකියාවන්ට සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....

      සුදු පැහැය මම යොදාගත්තේ ඒ පුද්ගලයාගේ මනසේ පවිත්‍රත්වය නිරුපණයටයි... ඒ වගේම පසුබිමේ වෘක්ෂය... පැටලිලි සහිත ලෞකිකත්වය.... ඔබ කි දෙය නිවැරදියි.... ස්තූතියි....

      Delete
  3. සන්තෝශයි චිත්‍ර ශිල්පිනියක් අඳුනාගන්න ලැබුනට. මේ ශෛලිය නොවුනත්, මමත් චිත්‍ර අඳිනවා. මගේ බ්ලොග් එකේ තියෙන චිත්‍ර ඔක්කොම අව්ගේ මම ඇඳපුවා. ඇවිත් බලන්නකො.

    අපේ සිත්තමීට මේ ක්ෂේත්‍රයෙන් දුර ගමනක් හන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... මගේ අනිත් සිතුවම් මුහුණු පොතේ තියෙනවා... මේකටනම් තවම දැම්මෙ නැහැ...

      මම ඇවිත් බලන්නම් වෙලාවක ඔයාගේ සිතුවමුත්.....

      තව දෙයක් යාලු... මං සිත්තරී.. :)

      Delete