Thursday, January 31, 2013

ආදරෙයි හැමදාම ඔයාට - අර රස හාදුවට



කොහොම අමතක කරන්නද
ඒ දවස
කිරි කෝඩුවෙම
ආදරේ මෝදු වුණ මොහොත
ඇත්තමයි හිතුණා
"හිටියොතින් කොල්ලෙක් මටත්"
තුන්හිරිය පැදුර උඩ
මුනින් අත වැටී
උඩ දමූ කකුල්
පද්දමින් හිටිද්දි
ඔයා
දොර රෙද්දෙන් එබෙන්න
තත්පර ගානකට කලින්


ඔන්න ඔය කියන මොහොතට
තත්පරනම් පොඩි ගණනකුයි
බරින් අවුන්ස ඍණ ගානක තරම
දිගු නැති කාලෙකට පස්සෙ
දැක්කා
මැත් වුණ දොර රෙද්ද කාමරේ
ඒ අපේ සීයගෙ මළගම දා


කිවා ඔයා
"මම කැමතියි ඔයාට"
තත්පර විනාඩි මොනවද
ආලෝකෙ ප්‍රවේගෙන්වත්
මනින්න බැරි ඇසිල්ලකදි
කන් අගිස්සෙන්
පටන්ගත් හිරිය
දිව්වා දිව්වා දිව්වා
මාරම වේගෙන්
සර්වාංගෙම හිල් කරන්



පහුවදා...............

ඇඬුවා ඇඬුවා ඇඬුවා
ඇති වෙනකම්ම
බයට සැකයට මොකද්ද මංදා එකකට
එතකොට මං
යන්තමින් එකොළහ ලබලත් මාස පහයි දවස් විසි එකයි


බලන් හිටියත්
මළගම පුරාවට
කිසි හාවක් හූවක් නැතිව
මළගමෙත් මළගමක්
හිත අස්සේ
පැතුම්
මැරි මැරී උපදින

වසර හතරකට පස්සෙ එක දවසක
දන්නෙ නැ කොයින් පෑව්වද එදා ඉර
ඔන්න මම
ඇවිදන් යද්දි අර පාළු පාර දිගේ
මගේ ඉර
කඩන් වැටුණ මගේ මුන අද්දර
එකපාරම
දැක්කා
ඔය ඇස් දෙක ඇතුලේ
උඩ පැන පැන නටන
මගේ ඇස් දෙක



ඔන්න ඔය විදිහට ගෙවෙද්දි
විසි හතරක් පැය
පහුවදා
හරියටම ඒ වෙලාවට
හොයාන ඇවිත් ඔයාව
කිවා
"මං කැමතියි ඔයාට"
අවුරුදු හතරක් පහුවුණ උත්තරය

ඔයා
අල්ල ගත්තා මගෙ වමත
ඟෙව්වෙ නැ ඒත්
කොල්ලෙක් මාව අල්ලපු
පලවෙනි පාර එය බව
මට මතකයි අර පාළු ලොකු වංගුව
පිට්ටනිය උඩින් මහා කවයක් හදපු



ඔන්න ඔය දවස් වල
නිදි නැතිව
ඇස් ගෙඩිත් උඩ ඉන්දගෙන
ඇස්බැස්ටස් වහළෙ තිරු ගණින කොට
හිතුව හිතිවිලිනම් අනන්තයි අපරිමානයි
තුරුල්ලට තුරුල්ලට තුරුල්ලට එන්න ඔය
පපුව කිාගෙන

එහෙම හිටි දවසක
හවසක අර කන්ද මුදුණේ පඩිපෙළ උඩ
අත යවා ඉන වට
කරකවා වටයට
........................................................
අනේ හරි රහයි ඒ හාදුව..... තාමත් දැනෙනව රස



ඉතිං ඒ දවස් වල
ඉස්කොලෙ පහළ පාර දිගේ
උඩ පැන පැන එන කොට
ඔන්න දකිනව මම
සුදු අශ්වයා නැතිවම
කුමාරයා
ඉන්නව අර ක්ලබ් එක ල
කහ ඉර ලකුණු කළ තැන
ඒක ඒ දවස් වල
රතුම රතු පාටයි

ඔය වෙලාවට
මහ සෙනග අස්සෙත්
සුළිල්ල අල්ලන්
දාන හොර බැල්ම
ඇස්
හතරඅත යව යව
......................................
අනේ ඒ වගේ කාලයක්
නැහැ තවත්නම් නේද

පස්සෙන් පහුවට
මහා වෙනසක් එක්කම
භයානක
පායාපු කළුවර
වැඩි වෙලා ටිකින් ටික
ආවා
අමාවකක්
එදායින් පස්සෙදි
නැවතුණාද මංදා
ලෝකෙයි හඳෙයි කැරකිල්ල
අමාවකට පස්සෙත් අමාවකමයි
පුරවක
අතරමැදක
අතරමං වෙලාවත්ද කොහෙද



ලියනවනම් ගොඩක්
නොකී දේ එමටයි
දැන් මට කම්මැලියි
ඕව හාරවුස්සන්න

ඉතිං ඔය ඇති නේද
මගේ
පලවෙනි පෙම ගැන

ආ............... තව දෙයක්
....................................
එක්කො ඕන නැහැ L
නැහැ නැහැ කියන්නම්

ආදරෙයි හැමදාම ඔයාට
අර රස හාදුවට
Comments
27 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

27 comments:

  1. සුපිරියි අක්කේ... මට කියන්න දෙයක් නැහැ ඇත්තමයි

    ReplyDelete
  2. ලස්සනයි වෙනස්ම විදියක්... මේකට නම් මාරම ලයික් සිත්තරි අක්කෙ :)

    ReplyDelete
  3. ඉස්කොලෙ පහළ පාර දිගේ
    උඩ පැන පැන එන කොට
    ඔන්න දකිනව මම
    සුදු අශ්වයා නැතිවම
    කුමාරයා
    ඉන්නව අර ක්ලබ් එක ලඟ
    කහ ඉර ලකුණු කළ තැන
    ඒක ඒ දවස් වල
    රතුම රතු පාටයි

    ______
    ලස්සනම ලස්සන කවියක්...

    (- සෞම්‍ය)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෞම්‍ය.... :)
      මම ඒත් බැලුවා මේ නම නැතිව ආපු කෙනා කවුද කියලා....

      Delete
  4. සිපගන්නවානම් නුඹ
    ඒ උණුසුම් දෙතොලමය.
    කුණාටුවකටත් වැඩි
    කඩිනමින් ගෙවී ගිය
    ඉපැරණිම වසන්තය කෙළවරක,
    නුඹව සිප වැළඳගත්
    ඒ මිහිරි උණුසුම ම ය...
    මඳක් සීතල වුව ද
    එදා ඒ හදවතම ය...

    (- සෞම්‍ය)

    ReplyDelete
    Replies
    1. කුමක් කියම්ද... ඔබෙ කවිත්වයට...
      හැමදාමත් වගේ
      විශිෂ්ටයි මට එය, හරි අනර්ඝයි

      Delete
  5. වාව් ආ.. රිප්ලයි එකක් ලියන්නවත් මතක් වෙන්නෑ.උපරිමයි.පස්සෙන් පහුවට කියල පටන් අරන් තියෙන පද ටික ගාවට එනකං මාරම රොමැන්ටික් හැගීමකින් කියෙව්වෙ.ඒත් අවසානය දුක්බරයි.හුගක් කතාවල වෙන්නෙ එහෙමනෙ.මුල රොමැන්ටික්.අග දුක්බරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වර්ෂා.....
      වෙනදට වඩා වෙනස් විදිහකට ලියන්න හිතිලයි මේක ලීවේ... කොහොමත් මගේ හැම කතාවම ඉවරවෙන්නේ ශෝකාන්තයකින්නෙ අනේ.... ඒ පුරුද්ද... :)

      Delete
  6. මටත් දැනිලා තියන ඒවා වගයක්.. ;)

    හැබැයි මම කැමති නෑ කොහොමටවත් මේකේ දුක්ඛාන්තයට.. :(

    ReplyDelete
    Replies
    1. වර්ෂට කියපු දේමයි... කොහොමත් ඒ මගේ පුරුද්ද... මුල කොහෙන් පටන් ගත්තත් අග දුකක්... අවුලක් නැ ටිකක් හරි වින්දා නේද :)

      Delete
  7. සිත්තරී කිව්වට මෙයා කවිකාරිනියක්නේ බොලේ......නියමයි හොඳ පද ඇමුණුමක්...

    ReplyDelete
    Replies
    1. අනේ ඒ හැටි කවියක් බැ... ඔපිසියේ නිකන් ඉන්න වෙලාවට ලියවෙන වැල්බූත මේ...
      කොහොමහරි....., තැන්ක්ස් අයියේ... එයාලා නිසා මම ලියන්න යොමු වෙනවා තව තවත්...

      ප:ලි:
      දෙනෙත් පියන් යට, අන්ධකාර අවකාශයක, ප්‍රභාෂ්වර වූ, සිතිවිලි සිත්තම..... සංස්කාර විනිවිද....
      මේ මගේ තීම් එක... සිතිවිලියි මම සිත්තම් කරන්නේ... :) අකුරෙන් පැන්සලෙන්, තෙලිතුඩින් හෝ සිතිවිල්ලෙන්ම....

      Delete
  8. oya wage amataka karanna bari..soduru addakim..koi taram tibbada...ada awage matakayan witarai itiri wela tiyenne....hmmmmmm

    ReplyDelete
  9. ලස්සන ලත්තන ලස්සනම එකක් ....
    ගියා වෙන ලෝකෙකට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ............ ^_^
      දැන් ආයෙත් වඩිනු මැනවි මේ ලෝකෙට.... පුරුදු විදිහට වයර් කෑළි අමුනන්න

      Delete
  10. මුවින් නොකියමි කිසිදෙයක්....ජීවමානයි ඒතරම්....

    ReplyDelete
  11. හෙට එච්චර කළුවර නෑලු නේ??????

    ReplyDelete
    Replies
    1. ‍ලෝක‍යේ කළුවරම දා අදනම්... ‍හෙටත් එවැනියි

      Delete
  12. ටිකක් අමුතු ශෛලියක්. ලස්සනයි.. මොකක්දෝ කවි පොතක් මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ‍බො‍හොම ස්තුතියි
      ‍මොකද්ද කියනවද ‍‍පොත?

      Delete
  13. මං කියවපු දිගම කවියද මන්දා...

    ලස්සනයි .. දුකයි :( :) ආදරේ හැමතැනම මෙහෙමද ?

    ReplyDelete
    Replies
    1. එහෙනම් අනිවාර්යයෙන්ම මිට වඩා දිග එකක් ලියනවා....
      දැක්කනෙ මේකෙ අග.... කම්මැලි නිසා ලිවිල්ල නැවැත්තුවා....

      හැමතැනම ආදරේ ඔහොමද මංදා... මගේ හැම ආදරයක්මනම් ඔහොම්මයි අප්පා :)

      Delete