ඔබ නොදන්නා
රසයක් හඳුනාගත්තා මම
රැවටෙන බව දැන
දැනම... රැවටීම
රවටන බව දැන
දැනම.... රැවටීමට ඉඩ දීම
කොයි තරම් ලස්සනද
එය.... වින්දනියද
වින්දා...
සතුට සැහැල්ලුව සැනසීම
දැන සිටි
නිසාම... කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාව - රැවටෙමින් සිටි බව
දන්නවාද ඔබ...
විඳවීමේ වින්දනය හරි අපූරු බව - මට
දන්නවාද ඔබ...
ලියන්නට කියන්නට අඳීන්නට තේමා දුන්නු බව - ඔබ

.jpg)
.png)

.jpg)

.jpg)










