Tuesday, December 27, 2011

එතකොට.... මං පුංචි කෙල්ලෙක්



මල් ජංගිය ඇඳන්
එළියට පැනල දඟලපු
කිඹුලන්ට කතා කියන්න
හොරෙන්ම වැවට දුවපු
හැමදාම ඇඳ තෙමෙන්නෙ
වහලෙ හිලක් නිසයි හිතපු
            මං පුංචි කෙල්ලෙක්...
පාට පාට කොළ කපල
සමනල්ලු හදපු
පුංචි ඉඳිකට්ටෙන්
පිස්මේන්තු මහපු
පාන්දර ඇස් වහගෙනම
දත් ටිකත් මැදපු
            මං පුංචි කෙල්ලෙක්...
රෝස සරුංගලේ අරන්
මිදුල පුරා දුවපු
පෙරහැර දා රෑ
මම්මපප්ප පිඹපු
සිල් දාට පන්සලේ
පේර ගැට කඩපු
            මං පුංචි කෙල්ලෙක්...
පුංචි පොද වැස්සටත්
තෙමි තෙමීම නටපු
දුක හිතුණු හැටියෙම
මහ හයියෙන් අඬපු
හැමදාම අම්මගෙ උකුලෙ
නැලවෙන්නම හිතපු
මං පුංචි කෙල්ලෙක්....
එතකොට.... මං පුංචි කෙල්ලෙක්....


Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. දැනෙන කවි පද ටිකක්.පලවෙනි කවි පන්තියට ආසයි මගේ නැඟී මතක් වුනා

    ReplyDelete
  2. ස්තූතියි යාළුවා. මටත් පුංචි දවස් මතක්වෙලයි මේක ලීවෙ.

    ReplyDelete
  3. hariyata Rhyme wenne nehe wage

    ReplyDelete
  4. ස්තූතියි යාළුවා. මීට පස්සෙ සැලකිල්ලෙන් ලියන්න බලන්නම්.

    ReplyDelete
  5. Kavi walata rythem awashya na adahasai wadagath......

    dabra kara kara apith ekkama
    hina wenawa ape thurulema
    mokak hari wuna wigasa a hata
    awith kadulal helai ma laga
    mage sudu nangi....

    ReplyDelete
  6. තාමත් ඔයා පොඩි කෙල්ලෙක්...

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි එහෙම හිතන්න. ඒත් ඒ වගේ වැ‍ඩ තවම කරද්දි අම්ම බනිනවනේ :)

      Delete