Wednesday, August 28, 2013

ම‍ගේ සිතුවම් එකතුවට මවිසින් ඇඳි තවත් සිතුවමක්


මේ චිත්‍රය ඇන්‍‍දේ අම්මලාට ‍හො‍රෙන්. ඊසල් එක කාම‍රේට දාලා ‍‍ලොක් කර‍ගෙන, හරි බ‍යෙන් ඇන්‍‍දේ. අඳින කා‍‍ලෙ මට වයස 19යි. ඉස්‍‍කෝලෙන් අවුට් වුණා විතරයි. ඒ ව‍ගේම අඩ නිරුවත් රූප අඳින්න ගත්තු මුල් කා‍‍ලෙ නිසා ‍ගෙදර අය ඒ ගැන ‍මොන ව‍ගේ ප්‍රතිචාරයක් දක්වයිද කියල බයක් මට තිබුණ. (දැන් නම් ම‍ගේ චිත්‍ර ‍ගෙයි බිත්ති වල එල්ලන එක අම්ම තහනම් කරලයි ති‍යෙන්‍‍නේ. ඒව කාම‍රේ ‍තෙතට පුස් කකා යනවා) :( 

චිත්‍රය අඳිද්දි මට හිතුණා යළි අත්නාරින ‍ලෙස තදින් ග්‍රහණය කරගත යුතු බැඳීමක් ගැන.... 
බලා‍පො‍රොත්තු‍වේ පැතුම ගැහැණිය‍ගේ ‍නෙත් තුළ දල්වන්න ඕන වුණා... 
පුබුදින පැතුමකුත් පිබිදියා වූ ආශාවකුත් එකවර නිරූපණය කරන්න ඕන කියල හිතුණා.....
‍වෛවර්ණ පසුබිමක පාට පාට බැඳීමක් ‍පෙන්වන්න ඕන කළා.......


ම‍ගේ සාර්ථකත්වය / අසාර්ථකත්වය දකින්‍‍නේ ඔබ
Comments
10 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

10 comments:

  1. හරිම ලස්සනයි. තේරුම ගැනනම් වැටහීමක් නෑ.. මට ඔය හැකියාව නැති එක ගැන වගේම, හැකියාව ඇති මිතුරියකගේ නිර්මාණ දැකීමට ලැබීම ගැන සතුටුයි.... !

    Bora Diyaka Induwara

    ReplyDelete
  2. හරිම අසාධාරණයි. කිසිම හැගීමක් චිත්‍රයකින් එලියට දාන්න බය වෙන්න ඕන නැහැ. ඒවට ඉඩ නොදෙන එක ගැන හරිම කණගාටුයි. අම්මලට තේරුම කරල දෙන්න.

    ලස්සනයි..ජය වේවා.

    ReplyDelete
  3. සිත්තම නං ලස්සණ යි :) ඒත් විචාරය කරන්න තරම් දැනුමක් මට නැහැ. කොහොම වුණත් මම හිතන්නේ කලාකරුවෙක් ස්වාධීන විය යුතු යි. නිදහසේ තමන්ගේ අදහස් සිතුවමට, කවියට, කතාවකට නගන එක යි කළ යුතු දේ. ඒ ගැන අම්මලට තේරුම් යයි කියලා හිතනවා ඉක්මනින් ම. නැත්තං හැකියාව පිබිදෙන්නේ නැතු ව ම යට යයි :(

    ReplyDelete
  4. උත්සහය ගැන උපරිම සතුටුයි. ලංකාව ඇතුලේ ඔය කතාව ඔහොමම තමා. ඒත් ප්‍රකාශන මධ්‍යක් විදිහට චිත්‍රය ලොකේ ඉහලින්ම තියෙන කාලාවක්...දිගටම අදින්න.

    ReplyDelete
  5. ඔබේ චිත්‍රය සාර්ථකයි. මට පෙනෙන විදියට ඔබ අදහස් කල සියල්ල එහි ඇත. කලාව නොතේරෙන කෙනාට කොහොමත් පෙන්නේ චිත්‍රයක ඇති හෙළුව පමණයි. එවැනි සමාජයකට පෙන්න එවැනි චිත්‍ර ඇන්දම ඔබ අපහසුවකට පත් වෙයි.

    ReplyDelete
  6. අවුරුදු 19 දි ඔය වගේ චිත්‍රයක් ඇන්ද කියන්නෙ ඔබ හැබෑ දක්ශයෙක්.මාත් චිත්‍ර අඳින්න ආසයි. හැබැයි මට මිනිහෙක් හරි ගැහැනියක් හරි හිටගෙන ඉන්නව විතරයි අඳින්න පුලුවන්. ඒත් ලස්සනට බෑ.

    ඔබ සිතුවමට අඩංගු කරන්න හිතපු සේරම එයින් ප්‍රකාශ වෙනව. හැබැයි අර පිබිදුන ආශාව නම් එච්චර තීව්‍ර වෙලා පේන්නෙ නෑ.
    ඔබේ හැකියාවට සුබ පැතුම්. ආකිටෙක්ච වල design කියල courseඑකක් තියෙනව නේද?ඔබේ හැකියාවට නියම මාවත.

    ReplyDelete
  7. චිත්‍ර කියන්නෙ මට නං මෙලෝ හසරක් තේරෙන එකක් නෙමේ.. ඒත් මං චිත්‍ර වලට ආසයි :)

    ඔය චිත්‍රෙ නෙලුම් පොහොට්ටුවෙනුත් දෙයක් කියවෙනෝ කියල මට හිතෙනවා

    ReplyDelete
  8. 2006 සිත්තරීට 19 ලූ ..හිහී

    ReplyDelete
  9. විත්‍ර කලාව දැක විඳින්න පුළුවන් ඒවයේ සමහර තැන්වල ගැඹුරු අරුත් සොයාගන්න බැහැ. එහි තේරුම් ගැනීම වෙනම අධ්‍යනයන කළ යුතු කාර්යයක්. ඒත් ඔබේ මම දැක ඇති ‍බොහෝ චිත්‍රවල අදහස් තරමක් වෙලා නිරීක්ෂණය කලාම වටහා ගන්න පුළුවන්..

    පසුගිය සතියේ මහජන පුස්තකාලෙ තිබුණා "මගේ පැන්සල" සිතුවම් දැක්මක්. මම හිතනවා ඔබත් එය දකින්න ඇති කියලා.

    ReplyDelete
  10. //දැන් නම් ම‍ගේ චිත්‍ර ‍ගෙයි බිත්ති වල එල්ලන එක අම්ම තහනම් කරලයි ති‍යෙන්‍‍නේ. ඒව කාම‍රේ ‍තෙතට පුස් කකා යනවා// අපරාදේ.

    හරිම ලස්සනයි....

    ReplyDelete