Sunday, October 21, 2012

මේ ඇත්ති කෝමත් වැද්දි මයෙ ඇත්තො



මඬුවේ කිරි කොරහ නැටූ මයෙ ඇත්තො
මාමකැච්චක් කැලැ පොජ්ජවල රැඳෙව්වෙ මයෙ ඇත්තො
සිදාදියේ මිනිග්ගජ්ජු  එක මේ කාලෙ
මන්දො වීලා තිබෙනවා වරිග රුකුල් පොජ්ජෙ රඳන්නෙ නැතුවාම

මේ බිම් පොජ්ජෙම රඳාන
කතා දැමුවා මයෙ ඇත්තො
හඳුන්පොත කීගෑවෙන්න
මේ ඇත්තට හිත් ලාන කාල පොජ්ජෙ මේ ඇත්තිගෙ

මේ කැලෑ පොජ්ජෙන් පටෑරිලා මයෙ ඇත්තො
මඬුවේ කිරි කොරහ නැටූ මයෙ ඇත්තො
මේ ඇත්තිට අයිති පොජ්ජක් නැතුවා වාගෙම මයෙ ඇත්තො
කොළොම් පෝරුගම් පොජ්ජෙ රඳන මිනිග්ගජ්ජු එක
ඉස් ගෙජ්ජෙන් මන්දො කරගෙන
එකමක් එකමක් හිත්ලාන
කිරිකට් ගහනවා මයෙ ඇත්තො
Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. කිරිකට් නේ ඉතින් මොනා උනත්..

    ReplyDelete
    Replies
    1. කිරිකට් නිසා ‍නේන්නම් හූ‍රෝ.....

      Delete
  2. ලෝක අමාරුව නේද සිත්ත්රී....

    ReplyDelete
    Replies
    1. ‍මේ ඇත්ති‍‍ගෙ හදුන්පොත බැද්‍‍දේ වහං‍වෙලා ඇත්‍‍‍තො

      Delete
  3. වන්නිලා ඇත්තෝ පන්දුව මන්දු කිරීමේ චෝදනාවට අහු වෙන්ට ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. :) මේ ඇත්තන්ට ඒ නීති පොජ්ජ මන්දො වෙනව කොදුයි(ලු)

      Delete