සිහිනෙනුත් පෙනේ
අර පොප්ලර් ගස් දෙක
මතකයන් සඟවා
ගීතනය වන
කැඩුණු කාන්දමක්
එක්කරන විට මෙන්
ඔබ වෙතින් මා
ඉවතට වීසි කළ
දුම්රියේ වේගයට
පසුපසට ඇදී ගිය
කන්ද මුදුනේ
පොප්ලර් නිඹුල්ලු
දුයිෂෙන්....
අල්තිනායි වන මම
ඔබේ අල්තාරය අබියස
හඬා වැටෙමි
සඟවා ගත්
දහසකුත් අභියාචනා
නොකියාම ගුලිකර...
සිතිවිලි ගල් කළ
සිතල මකන්නට
විප්ලවය ඇරඹූ
දුයිෂෙන්...
තමන් දත්
අංශුවක දෙය හෝ
අයිලයට දෙන්නට කැපවූ
දුයිෂෙන්..
කාමාතුර දෑතට විකිනුණු
අල්තීනායි
මුදවා ගත්
දුයිෂෙන්...
විල්ලුද පුටුව
ඔබට පුදන්නට
අල්තිනායි බලා සිටී
දුයිෂෙන්...
සැබෑම ගුරුවරයා ඔබයි
"...දුයිෂෙන්..."

2 Comments


ලස්සනයි.තවත් වතාවක් කියවන්න හිතුනා.
ReplyDeleteස්තූතියි යාලු....
Deleteමටත්.. කොයි තරම් කියෙව්වත් එපා නොවන පොතක්.... ගුරු ගීතය