Sunday, June 17, 2012

දුයිෂෙන්


සිහිනෙනුත් පෙනේ
අර පොප්ලර් ගස් දෙක
මතකයන් සඟවා
ගීතනය වන
කැඩුණු කාන්දමක්
එක්කරන විට මෙන්
ඔබ වෙතින් මා
ඉවතට වීසි කළ
දුම්රියේ වේගයට
පසුපසට ඇදී ගිය
කන්ද මුදුනේ
පොප්ලර් නිඹුල්ලු

දුයිෂෙන්....
අල්තිනායි වන මම 
ඔබේ අල්තාරය අබියස
හඬා වැටෙමි
සඟවා ගත්
දහසකුත් අභියාචනා
නොකියාම ගුලිකර...
සිතිවිලි ගල් කළ
සිතල මකන්නට 
විප්ලවය ඇරඹූ
දුයිෂෙන්...
තමන් දත්
අංශුවක දෙය හෝ
අයිලයට දෙන්නට කැපවූ
දුයිෂෙන්..
කාමාතුර දෑතට විකිනුණු
අල්තීනායි
මුදවා ගත්
දුයිෂෙන්...
විල්ලුද පුටුව
ඔබට පුදන්නට
අල්තිනායි බලා සිටී
දුයිෂෙන්...
සැබෑම ගුරුවරයා ඔබයි
"...දුයිෂෙන්..."

Comments
2 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

2 comments:

  1. ලස්සනයි.තවත් වතාවක් කියවන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු....
      මටත්.. කොයි තරම් කියෙව්වත් එපා නොවන පොතක්.... ගුරු ගීතය

      Delete