Sunday, September 16, 2012

පතමි අවසර



දිය බිදකි මා
පියුම් පත මත
දියමන්තියක 
දිස්න දෙන
පියුම් පත නුඹ
දිය බිදිති උසුලන
නොඇලෙමි
නොරැදෙමි
නොනැවතී යමි...
නිල් අහස අර
වැස්ස වස්සන
වැඩමුවත් මා 
පියුම් පත මත
රදනු බැරි තව 
එකදු මොහොතක්...
පතමි අවසර
මවැනියන් තව
දහක් එක්වන
දිය දහර වෙත
නොරැදී රැදී යන්නට....

No comments:

Post a Comment