Saturday, September 8, 2012

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 04


04. රාජ්‍ය අරගල අවස්ථාවන්හි බුදුරජාණන් වහන්සේගේ මැදිහත්විම තුළින් හෙළි වන තොරතුරු.

පූර්ව ලිපියට මෙතැනින් යන්න.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට රාජ කථා සාකච්ඡාව තහනම් කළ බව බෞද්ධ ඉතිහාසයේ කියැවේ. එය,
·         හීන විජ්ජා
·         ඛත්ත විජ්ජා
·         තිරචීන විජ්ජා 
ලෙස සලකා බැහැර කිරීමද සිදු කර තිබේ (දසනායක ; HIS411 දේශන, 2011). මිට හේතුව බුදු සමය තුළින් භික්ෂූන් පුහුණු කරවන්නේ තෘෂ්ණාවෙන් ඉවත් වි සසරින් මිදීමේ මාර්ගාවබෝධය ලබා ගනු පිණිස වීම විය හැකිය. 



බ්‍රාහ්මණයින් මෙන් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට යොමු විම තුළින් භික්ෂු දිවියේ අපේක්ෂිත පරමාර්ථ වෙත ළගා විමේ මාර්ගයෙන් ඈත් විමට සිදු වීම මෙයට බලපැ ප්‍රමුඛතම සාධකය වන්නට ඇත. නමුත් රාජ්‍ය පාලනයට අවශ්‍ය උපදේශන ලබා දෙමින් භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන් රජවරු සමග සබදතා පවත්වාගත් බවට සාධක රැසක් ඓතිහාසික මුලාශ්‍ර පරිශීලනයෙන් විද්‍යමාන වේ. තවද දේශපාලන බල අරගල අවස්ථාවන්හි ඍජුව හෝ වක්‍රාකාරව බුදුරදුන් ස්ව දායකත්වය සැපයු බවට නිදර්ශන කිහිපයක්ම දැක්විය හැකිය. එවන් ඇතැම් අවස්ථා අවධානයට ගැනිමේදී පැහැදිලි වන්නේ සංග්‍රාම සිදුවී විශාල වශයෙන් රුධිරය වැගිරිම් වන්නට තිබූ අවස්ථා බුදුරදුන්ගේ එවන් මැදිහත්විම් මත සමතයට පත් වු බවයි. එහෙයින් උක්ත සිදුවිම් හදුනාගෙන ඒවා බෞද්ධ දර්ශනයේ අර්ථ දැක්වෙන දේශපාලන න්‍යායන් ලෙස හුවා දැක්විමට ප්‍රථම ඉහත දැක්වූ සාධකය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

·         ශාක්‍ය කෝලිය අරගලය
·         චුලෝදර මහෝදර ගැටුම

ආදිය ඉහත දැක්වු පරිදි ජීවිත හානි සිදු වන්නට තිබූ අවස්ථාවන්හි ඒවා වැලැක්වු සිද්ධීන් ලෙස සදහන් කළ හැකිය.

අර්බුදමය අවස්ථාවන්හි බුදුරජාණන් වහන්සේගේ මැදිහත්විම එසේ වුවද සාමයෙන් යුතුව රාජ්‍යයක පැවැත්ම තහවුරු කර ගන්නේ කෙසේද යන්න පිළිගදව බුද්ධ දේශනාවන්හි තොරතුරු රැසක් අන්තර්ගත වන බව සදහන් කළ යුතුය.  එම කරුණු අධ්‍යයනය තුළින් රාජ්‍යයක සාමකාමි පැවැත්ම උදෙසාත් රජු විසින් ධාර්මිකව සිය කටයුතු පවත්වා ගැනිම සදහාත් බෞද්ධ දේශපාලන න්‍යායන් උපයුක්ත වු ආකාරය හදුනා ගැනිමේ ඉඩ ප්‍රස්ථාව පවතී.

(ඉදිරි ලිපියෙන් බුද්ධ දේශනාවේ අන්තර්ගත රජුගේ හැඩගැස්ම පිළිබදව බලාපොරොත්තු වන්න)
Comments
4 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

4 comments:

  1. කාලින වැදගත් කමක් ඇති ලිපියක් ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු....

      Delete
  2. පටන් ගන්නකොටම ඉවරයි.. කොහොම වුණත් වැදගත් ආරම්භයක්.

    ReplyDelete
    Replies
    1. මේ මෙම මාතෘකාව සම්බන්ධව පල කළ සිව් වන ලිපිය
      ඉදිරියටත් පල කරන්න අපේක්ෂා කරනවා
      තමුත් මෙය කෙටියෙන් ලියන්නට සිදුවීම පිළිබදව කනගාටු වෙනවා....

      Delete

 
There was an error in this gadget