Friday, September 21, 2012

෴ මා දුටු ලස්සන චිත්‍රපටයක්....... Frida ෴


'පවුලේ සැමට' යන ලේබලයෙන් මෙය නැරඹිය නොහැකි වුවත්..... එහි රසය ඔබට මනාව වටහා ගත හැකි වන්නේ තනිව නැරඹීමෙනි.... ඔබ ඔබ වී නොව, ඔබ ෆ්‍රීඩා වී ඇය ඔබ දෙස නැවත බලන්න. ඔබ ෆීඩා වී ඇය දෙස බලන්න......... එහි දර්ශනතලයන්හි ඔබ දකින සරාගිකත්වය පසුව ඔබේ නෙතම කදුලින් බර කෙරෙනු ඇති....


සිය දෙපා අහිමි විමත්, පෙම්වතා පිටුපා යාමත්, යහන මත හුදෙකලා විමත් මත ඈ ක්‍රමයෙන් සිය මනෝභාවයක් විදහා දැක්විමට චිත්‍රය මාධ්‍යයක් කොට ගත්තාය. සැමියාගෙ අවකල්ක්‍රියා දරු ගැබ අහිමිවිම ආදීවූ වේදනාත්මක සිදුවීම් ප්‍රබල කම්පනයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එමින් අපූර්ව වූ සිතුවම්හි රූපණය කළාය. මෙම චිත්‍රපටය ඇගේ ස්වයං චරිතාපදානයකි. එවන් වු අපූර්ව ගැහැණියකගේ ස්වභාවය අප වෙත ගෙන එන අගනා නිර්මාණයකි.....

විත්‍රපටය මෙතැනින් ගන්න





ෆ්‍රීඩා.................... ඇය අසිමාන්තිකව ජීවිතය වින්දාය... සිතට, සිතිවිලි වලට නිදහසේ ගලා යාමට ඉඩ දුන්නාය. කිසිදු විටෙක, කිසිදු දෙයකට බියක් තැතිගැන්මක් සිත අහලකට නොගත්තාය. සම්මතයක් හෝ අසම්මතයක් කියා දෙයක් ඇගේ ලොවෙහි ඈ හැදිනුවේ නැත. ඇයට අවැසි වූයේ ජීවත් වීමටයි... ඇය පැතූයේ ජීවිතය ඇයට ආවේණික අයුරින් විදීමට පමණක් යැයි මම සිතමි.

මෙම චිත්‍රපටය මට ලබාදුන් මගේ යෙහෙළිය පළමුකොටම සුතූතිපූර්වකව සිහිපත් කරමි. මන්ද, මා නොවූත්.. නමුත් ඇතැම් විට මාම වූත් ගැහැණියක් මම මෙම චිත්‍රපටය තුළින් දිටිමි. ගැහැණියකගේ සිතෙහි අභ්‍යන්තරික මනෝභාවයන් රූපණයෙහි ලා මෙම චිත්‍රපටය බෙහෙවින් සාර්ථකත්වයක් ගෙන ඇතැයි යන්න මගේ පුද්ගලික හැගීමයි. නමුත් එය අප බැලිය යුත්තේ අප ජීවත් වන ලාංකේය සංස්කෘතිය සමාජ ආචාර ධර්ම කරපින්නාගෙන නොව, අප ඇය වීමෙනි.




කෙටියෙන් පවසතොත් මා මෙය රසවින්දේ මම ෆ්‍රීඩා වීමෙන් පසුවයි. මා ඇය වූ පසු ඇයට හැගෙනා සියලු දේ ග්‍රහණය කරගැනීමට මසිතට හැකි විය. ඇගේ සතුට, ඇගේ කදුල, ඇගේ උන්මාදය, ඇගේ තෘප්තිය, ඇගේ මනෝභාවයන් සියල්ල ඒ අනුව ග්‍රහණය කරගැනිමට මම තැත් දැරීමි.



කලාකරුවා යනු කවරෙක්ද..... සැබැවින්ම ඔහු සමාජ සන්ධර්භයේ රාමුගත චරිත ස්වභාවයෙන් දූරස්තර වූවෙකි. ෆ්‍රීඩා තුලින් එය මනාව මම දුටුවෙමි. එක් ආකාරයකින් එය නැවත හැරි මසිත අභන්තරය දෙස විමසුමක් කළා වැනි විය. නැවත වතාවක් සමස්ථ සමාජය දෙස හැරී බැලීමක් වැනි විය......

Comments
7 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

7 comments:

  1. හොයාගෙන බලන්න ඕන ...

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටය මෙතැනින් ගන්න කියන තැනින් බාගන්න පුළුවන් යාලු....
      ඒක ක්ලික් කරන්න
      ටොරන්ට් එයි

      Delete
  2. මමමේ ෆිල්ම් එක බලල තියෙනවා. වසර ගනනාවකට කලින්. සැබැවින්ම නිඳින්න පුළුවන් ෆිල්ම් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔවු ඇත්‍තෙන්ම
      මම බලපු ‍හොදම නිර්මාණ වලින් එකක්.......

      Delete
  3. ඇත්තටම ලස්සණ චිත්‍රපටයක්... සිත්තරීට ගොඩක් හිතට දැනිලා වගේ...

    ReplyDelete
    Replies
    1. ඔවු යාලු........ සැ‍හෙන්න දැණුන චිත්‍රපටයක්......

      Delete
  4. mama meka kalin balala tiyanawa....aith bannam....

    ReplyDelete