Sunday, September 2, 2012

Girl With a Pearl Earring චිත්‍රපටය


ඔබගේ රසවින්දනය පිණිස ඉදිරිපත් කරත ප්‍රේක්ෂක ප්‍රසාදයට පත්, අර්ථාන්විත චිත්‍රපට පිළිබද ලිපි මාලාවක තවත් එක් ලිපියක් ලෙස තෝරා ගැනුනේ.. Girl With a Pearl Earring චිත්‍රපටයයි.


Johannes Wermeer නම් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකුගේ සිතුවමක් වටා කේන්ද්‍රගත වු මෙම කථාව 1665 පමණ සමාජයේ පංති භේදයත්, ගෞරවයත්, ඊට මැදිවු පුද්ගල මනෝභාවයක් අපූරු ලෙස විදහා දක්වයි. චිත්‍රපටය ආරම්භයේ රූපරාමු තුළ කථානායිකාව Grietගේ පවුල් පරිසරය, දිළිදුබව කදිමට විදහා දක්වයි. යොදාගත් සංගිතය තුළින්ද මේ බව වඩාත් ඉස්මතු වී තිබේ.

Holland හි Delft නගරයට ඇය පැමිණෙන්නේ රැකියාවක් පිණිසයි. යා යුතු මග සොයා ගනු පිණිස නගර ම්‍ධ්‍යයේ කේන්ද්‍රස්ථානයක ඇය නවතී. මෙම රූපරාමුව තුළින් සංකේතවත් වන්නේ ජීවිත ගමනේ ඇයගේ හැරවුම් ලක්ෂයන් දෙකක් මෙම කේන්ද්‍රය ඔස්සේ තීරණය වන බැවිණි. එනම්, රැකියාවෙන් සමුගත් පසුද ඇය නවතිනුයේ මෙම ස්ථානයෙහි විමයි.

Van Ruijven ‍බලවත් මෙන්ම භයානක පුද්ගලයෙකි. ඔහුගෙන් චිත්‍රශිල්පියාටත්, කථා නායිකාවටත් කෙරෙන බලපැම චිත්‍රපටය පුරා හදුනාගත හැකිය. මේ වටා බද්ධ වු කුතුහලය චිත්‍රපටය මුළුල්ලේ දක්නට ලැබේ.

මුතු කරාඹුව.... කථා තේමාවේ මුලික සංකල්ප සියල්ල ගොනු වි ඇත්තේ මේ තුළයි. ශිල්පියාත් බිරිදත් අතර හිත් පැරීම් ඇති වන්නේත්, Grietහට නිවසෙන් යාමට සිදු වන්නේත් මුතු කරාඹුව හේතුවෙනි. ශිල්පියා සිය සිතුවම සදහා පමණක් සිය සේවිකාව වන කථා නායිකාව භාවිතයට ගත්තේයැයි අවසානයේදි වුවද නොසිතේ. මන්ද චිත්‍රපටය මුළුල්ලේ ඉතා සාර්ථක අයුරින් පංති විශමතාව, පුද්ගලානුබද්ධ යුතුකම්, වගකිම් මනාව සංවිධානාත්මක අයුරින් තිරගත වි ඇති හෙයිනි.

Directed by - Peter Webber
Based on the novel by - Tracy Chevalier

Comments
2 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

2 comments:

  1. මම මේ චිත්‍රපටය මීට වසර දෙකකට පමන පෙර නැරමුවා. ඇත්තටම හොඳ සම්භාව්‍ය කෘතියක්

    ReplyDelete
  2. කේ.යූ.ජී. උදාරSeptember 3, 2012 at 3:10 PM

    ඊයේ බැලුවා.......
    ඉවසීමෙන් බලන්න ඕන චිත්‍රපටයක්..

    ReplyDelete