Wednesday, September 5, 2012

එදා හෙළ දිව ..... ලාංකේය සංස්කෘතියේ දුටු නොදුටු පැතිකඩ



ලංකාව සම්බන්ධයෙන් විදේශීය වාර්තා කරුවෙකු අතින් ලියවුණ දීර්ඝතම වූද, විශිෂ්ටතම  විස්තරය ලෙස මෙම ග්‍රන්තය ඉතිහාසගත වේ.

පර්යේෂණ ලිපි සහ ග්‍රන්ථ උදෙසා පාදක මුලාශ්‍රයක් ලෙසද, මහනුවර යුගයේ ලාංකේය සමාජ ව්‍යූහය අධ්‍යයනක කළ හැකි ග්‍රන්ථයක් ලෙසද, පොදුවේ යටගියාව කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නවුන් සදහා කියවීමට, රසවිදිමට හැකි අගනා ග්‍රන්ථයක් ලෙසද මෙහි ඇති වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නො‍හැත.

හුදු සාහිත්‍යයක් ලෙස නොව, වාර්තාවක් ලෙස මෙය පරිහරණය කිරීමේදී අවබෝධ කරගත යුතු කරුණු කිහිපයකි....

1. ග්‍රන්ථයේ විස්තර කෙරෙන සියලු සිදුවීම් රචකයා සිය අත්දැකීමෙන්ම අවබෝධ කරගත් හෙයින් මෙහි විශ්වාසනියත්වය වැඩිය.

2. රචකයා තමා විස්තර කරන්නාවූ සමාජ රාමුව තුළ එදිනෙදා ජිවන තොරතුරු සවිස්තරාත්මක සටහනකට ගොනු කිරිම මත තත්කාලිව වූ සාධක උකහා ගත හෙයින් වාර්තාවේ විශ්වාසනියත්වය තව දුරටත් තහවුරු වේ.

3. නොක්ස් ඇතැම් අවස්ථාවන්හිදි තමන් වාසය කළ සමාජ සංස්කෘතික වටපිටාව සමගින් එවක ලංකාවේ පැවති සමාජ ස්වභාවය සංසන්දනය කිරිමට යාම මත සුළුතරයක් වූ යම් යම් අසත්‍ය තොරතුරුද ගැබ් වේ යැයි අපකල්පයය කළ හැකිය


4. එසේම, ඔහුගේ ව්‍යවහාරික භාෂාව සහ සිංහල භාෂාව අතර පැවති ගට්ඨනයේදී ඔහුට ඇතැම් අවස්ථාවන්‍හිදී දේශීයයන්ගේ ඇවතුම් පැවතුම් තේරුම් ගැනිමට නොහැකි වන්නට ඇතිවා සේම සංස්කාතිය සාධක වරදවා වටහා ගැනිම්ද සිදු වන්නට ඇත


මෙකි සාධක සියල්ල, මෙම ග්‍රන්ථය කියැවිමේදී සිහි තබා ගෙන කියවිමෙහි නිරත විම වැදගත් වේ. මන්ද එමගින් වඩාත් නිවැරදි උපකල්පනයන්ට එළඹීමේ හැකියාව පවතින බැවිණි.


මෙහිදී, මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වන තේමා පිළිගද කෙටි සදහනක් දක්වමි. මන්ද සෙසු අන්තර්ගතය කියවා රසවිදිමට ඔබට ඉඩ තබා මා නිහඩ වීම ඖචිත්‍යයැයි හැගෙන බැවිනි.

ඔහු විදේශිකයෙකි. බටහිර ජාතිකයෙකු වු ඔහු පෙරදිග සංස්කෘතියට ආගන්තුකයෙකි. සිය දිවියේ භද්‍ර යෞවන වියේදීම පියා සමග දුශ්කර නොදන්නා රටක සිරකරුවකු වූ ඔහු පියාගේ වියෝවත් සටග පත්වු හුදෙකලාව මත දැඩි කනස්සල්ලට පත්වේ. මන්ද ඔහු එතැන් සිට දිවි ගෙවිය යුත්තේ සිරතරුවතු ලෙස නොදන්නා දුරුකතරකය. සිය ජාතියේ සියලු සගයන්ගෙන් ඔහු වෙන් විමකට පත්වේ. එසේ හෙයින් කෘතිය ආරම්භයේ සිංහලයින් ම්ලේච්ඡයන් යැයි ද්වේශ සහගත සිතින් දැක්වුවද, පසුව ඔහු සිංහලයන් සතු සුවිශේෂි දක්ෂතා කෙරෙහි බෙහෙවින් ආකර්ෂණය වේ.

ග්‍රන්ථය අවසානයේ ඔහු දක්වන්නේ ඔහුට කලිසම් සපත්තු සිය ශරිරයට අවහිරයක් වන තරමටම ඔහු දේශීයකරණය වි සිටිය බවයි.

සිංහලයා සතු වූ විශේෂ කුසලතා සියල්ලක්ම පාහේ ඔහු දුටු පරිද්දෙන්ම ‍රොබට් නොක්ස් මෙහි සවිස්තර කොට තිබේ.

ලංකාවේ ගෘහනිර්මාණකරණය, ආහාර, වගා ක්‍රම, ඇදුම් පැළදුම්, කුල භේදය, පංති විශමතා, රජුගේ ස්වභාවය, පාලන තන්ත්‍රය, රාජකිය නිති රීති, අත්තනෝමතික රජයක පැවැත්ම, විහාර දේවාල ආශ්‍රිත සමාජ ව්‍යූහය, සත්ත්ව ශාක ප්‍රජාව, ලෙඩරෝග, සිංහලයා සතු බෙහෙත් සහ අත්ගුණය, සිංහලයාගේ ස්වභාවය, ආචාර විචාර සිරිති විරිත් ආගන්තුක සත්කාරය, පිරිමියා සහ ගැහැණිය, ගෘහ ජීවිතය, හොර අඹු සැමි සබදතා, නිතිය, දඩුවම් ක්‍රම ආදී වූ මෙකී නොකී දහසකුත් සාධක මෙම විස්තරය තුළ අන්ගර්ගත වේ.

මෙම ග්‍රන්ථයේ සුවිශේෂී වැදගත්කමක් වන්නේ ක්‍රි.ව. 16-17වන සියවස්හි පැවති ලංකා සමාජය පිළිබද සවිස්තරාත්මක දත්ත වාර්තාවක් ලැබිම සහ ඒව කෙතෙක් දුරට වත්මන් සමාජයට ආද්ශ කළ හැකිද යන්න පිළිබද අධ්‍යයනය සදහා මංපෙත් විවර විමයි.

මෙමගින් හෙළිවන සමාජ, සංස්කාතික, ආර්ථික, දේශපාලනික පැතිකඩ වෙනත් මුලාශ්‍රයන්ද පාදක කොට ගනිමින් සංසන්දනාත්මක අධ්‍යයනයකින් ඉදිරිපත් කළ හැකි වුවද, මුලින් ඔබගේ රසවින්දනයට ඉඩ තබා අද දිනට නිහඩ වෙමි.
Comments
12 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

12 comments:

  1. පුරාජේරු නොකියමි.. මං කියෙව්ව පොත් වලින් වැඩිම වාරයක් කියපු පොත තමයි එදා හෙළදිව. එ ගැන පොස්ට් එකක් දැක්කාම අයෙත් කියවන්න හිතුනා. එ හින්දමයි පොත් රාක්කේ පෙරලලා අයෙත් පොත හොයාගත්තෙ. මතකය අලුත් කලාට තුති. අගෙයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු
      ඇත්තෙන්ම මේක අපි නොදත් අපූරු යටගියාවක් සගවාගත් ආකර්ශනිය පොතක්

      Delete
  2. "1. ග්‍රන්ථයේ විස්තර කෙරෙන සියලු සිදුවීම් රචකයා සිය අත්දැකීමෙන්ම අවබෝධ කරගත් හෙයින් මෙහි විශ්වාසනියත්වය වැඩිය"

    මේ ගැන නම් ප්‍රශ්නාර්ථයක් මට තියෙනවා. ශ්‍රී පාදය ගැන වගේම බුදු දහම ගැන කියවෙන සමහර කරුණු කාරණා ගැන ඔහු කියන කරුණු මතභේදාත්මකයි වගේම අසත්‍යයි.

    ඒ වගේමයි සමහර තැන්වල ඇඟට පතට නොදැනී සිංහලයන් හාස්‍යයට ලක් කරන්නත් නොක්ස් හරි හපනෙක් :)

    ReplyDelete
    Replies
    1. ශ්‍රීපාදය ගැන ඔහුගේ අසත්‍ය ප්‍රකාශයන් මෙහි හැදින්විමේ වෙනම දක්වලා තියනවා
      ඕනෑම මූලාශ්‍රයක් භාවිතයේදී මේ වගේ දෝශ සහගත අවස්ථා ඇති වෙන්න පුළුවන්
      උදාහරණය මහාවංශය .....
      මේකෙ විශ්වාස කළ නොහැකි අවස්ථා ගණනාවක් තියනවා
      ඒ වගේ අවස්ථා තහවුරු කර ගැනිමට පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසාඥයන් අභිලේඛන, නාණක මුලාශ්‍ර, පුරා වස්තු වගේ දේවල් භාවිත කරනවා
      යටගියාව අධ්‍යයනයේදී සිදුවන සාමාන්‍ය දෙයක් ඒක

      කොහොම වුණත් වෙනත් පොත් වලින් සොයාගත නොහැකි සාධක ගණනාවක් මෙහි අන්තර්ගත වෙන නිසාම මෙහි වටිනාකම වෙන කිසිවකටත් සම කරන්න බැහැ

      නොක්ස් ඇතැම් අවස්ථා වලදි සිංහලයන් නුගත් සහ ම්ලේච්ඡ බව කියා තිබෙනවා
      ඒ ඔහුව සිර කරගෙන සිටි නිසා විය හැකියි

      ඒ වගේම සිංහලුන්ගේ මහගු ගුණ වර්ණනා කරන්නත් ඔහු කිසි විවෙක පසුබට වෙලා නැහැ

      Delete
  3. නොක්ස් ලංකාව ගැන ලියන්න ඇත්තේ අවංක හැඟීමකින්. ඔහුට බස පිලිබඳ නිවැරදි අවබෝධයක් නොතිබුණ නිසාත ඔහුගේ ඇස ගැසුන දේ ඔහුට දැනුන වැටහුණ බසකින් ලියල තියෙනව එක අගය කළ යුත්තක්.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත
      පෙරළා සිය රට බලා යන ගමනේ නැවෙහිදී ඇතිවූ කාන්සියට පිළියමක් ලෙස සටහන් ගත කෙරුණු මෙම අත් පිටපත, පසුකාලීන සංස්කරණයෙන් කළඑළි බැස්සේ නැතිනම්... ලංකාවේ යටගියාව පිළිබද වැදගත්ම වූ සාධක රැසක් අපට නැතිවී යන්නට ඉඩ තිබුණා...

      Delete
  4. එදා හෙළ දිව ග්‍රන්ථය පුරාවට බටහිර ජාතීන්ගෙ පුහු අහංකාර බව පේන්න තියෙනව කියලයි මට හිතෙන්නෙ. රොබට් නොක්ස් සිංහලේ ජීවන රටාවට ඇබ්බැහි උනාට සිංහලයන්ගෙ සිරිත් විරිත් අගය කළාට සිංහලයාගෙ ජන ජීවිතය සැබෑවටම තේරුම් ගෙන නැති පාටයි.හැබැයි තෝරා බේරා ගන්නව නම් වාර්තාමය ග්‍රන්ථයක් විදිහට අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. යම්තාක් දුරට එකග විය හැකියි
      ඇතැම් අවස්ථාවල ඔහුගේ හුදෙකලාබවත්, වනාන්තර පෙදෙසක, ගම්මානයක එළිමහන් සිරකරුවෙකු ලෙස දිවි ගෙවිමට සිදු විමත්... ඔහුගේ ඒ තත්වයට හේතු වන්නට ඇති
      නමුත් ඔහු සිංහලයන් වර්ණනාවට පත් කරන අවස්ථා වගේම ඔවුන්ගේ අව්‍යාජත්වය කියන අවස්ථාත් තියනවා

      ඇත්ත

      වාර්තා ග්‍රන්ථයක් පෙස මෙය අගනා කෘතියක්....

      Delete
  5. මේ පොත E-book එකක් විදිහට ගන්න බේරී වෙඉ ද?

    ReplyDelete
  6. රොබට් නොක්ස් ගේ එදා හෙළ දිව ගෙඩි පිටින් සිංහල ඉතිහාසයමදැයි සැකයකි.එකි පෞද්ගලික අත්දැකීම් සම්භාරයක් කුඩා වපසරියක් ඔහුගේ අත්දැකීම් සියලු සමාජය එසේ යැයි කියන්නට ලේඛකයා සැහැදී පැහැදී සිටී.

    ReplyDelete
  7. මම නිතර නිතර කියවන පොතක්.අපේ යටගියාව බලාගත් හැකි කැඩපතක් බඳු රොබර්ට් නොක්ස් ගේ එදා හෙලදිව කෘතිය අපට සම්පතක්.ඔහු එදා වින්ද දුක් කරදර සමාජ විෂමතා මෙන්ම එකල ජනතාව ඔහුට උදව් කල අයුරුත් මැනවින් පැහැදිලි කරන වටිනා පුස්තකයකි.

    ReplyDelete
  8. සමහරු හිතාගෙන ඉන්නේ රොබට් නොක්ස් ලියපු එදා හෙලදිව ( An Historical Relation of the Island Ceylon )පොත ඉතිහාස කරුණු තියෙන නිසා ජාතික වැදගත් කමක් තියෙනවා කියලා . එදා හෙළදිව පොත යනු අනාගත ආක්‍රමණයක් සදහා රොබට් නොක්ස් විසින් පල කල බුධි වාර්තාවයි .
    සෙනාලි වඩුගේගේ වයරය අද කරන්නෙත් එදා රොබට් නොක්ස් කල වැඩේම නොවේද

    ReplyDelete