Friday, September 7, 2012

වේදිකාව මත ප්‍රසිද්ධ පෙම්වතියගේ චරිතය රඟපෑ “ඔහුගේ” කතාව....... සමුදෙන්න මගේ රිදීදෝලිය


Farewell My Concubine - සමුදෙන්න මගේ රිදීදෝලිය
By - Lilian Lee

අද දින ඔබ වෙත ගෙන එන්නේ අගනා කතා කෘතීන් දෙකක් පිළිබවයි. මෙය නව කතාවක් ලෙස මෙන්ම චිත්‍රපටයක් ලෙසද රසවින්දනයේ හැකියාව පවතී. මෙම කෙටි හැින්වීම තුළින් සමස්ථ කතාන්තරයේ කථා සාරය ඔබ වෙත ගෙන ඒමට අපේක්ෂා කරන අතර නවකතාවත්, චිත්‍රපටයත් යන දෙකම අළලා පොදු හැින්වීමක් ගෙන ආවද නිර්මාණාංග දෙකෙහි අන්තර්ගතයේ යම් වෙනසක් පවතින බව ප්‍රථමයෙන් කිව යුතුය.



දිළිඳු කම හේතුවෙන්ම නව හැවිරිදි වියෙහි සිටි ෂියෝ ඩවුසි ගේ මව ඔහුව පීකිං ඔපෙරාවට විකුණා දැමිමට කටයුතු කරන්නීය. මුදු මොළොක් ආකර්ශනීය සිරුරකට හිමිකම් කී ඔහුට මෙහිදී ගැටළුවකට තිබෙන්නේ විකෘතියකින් ඇතිවූ ඔහුගේ අතක ඇිල්ලකි.
මව විසින් කපා දැමෙන ලද ඔහුගේ සිරුරට අනවශ්‍ය එම අංගයත් සමගින් ඔටපරා පාසලේ සෙසු සිසුන් සමග හුදෙකලා වීමට ඔහුට සිදුවේ. නැවත මව දැකගැනීමේ අපේක්ෂාවත් සමග එහි හුදෙකලා වන ඔහු දිවියේ නිරන්තරයෙන් ළ හිඳින ලබැි මිතුරා, ෂියෝ ෂිටෝගේ රුකවරණය මෙහිදී ඔහුට ලැබේ.

දහසකුත් ශාරීරික වධ බන්ධනයන් සහිත කටුක පුහුණුවීමක යෙදෙන මොවුහු රාත්‍රෙය් ඇඟිල්ලකදු ගැසීමට ඉඩ නොමැති කෑන් යහනේ එකට ගුලිවී රාත්‍රියට බමණක් මද විවේතයක් ලබති. ඔවුන්ගේ ළමා කාලය ගෙවෙන්නේ මෙලෙසිනි. අරමුණ වූයේ ඔවුනගේ අනාගතයේ ජීවිකාවෘතිය උදෙසා දක්ෂ ඔපෙරා රංගන ශිල්පීන් පිරිසක් බිහි කිරීමයි.



ඔවුනොවුන් මුලින් දුටු දා සිට ෂියෝ ඩවුසිට ෂියෝ ෂිටෝ කෙරෙහි ඇති වන්නේ ගැඹුරු බැඳීමකි. කතාමේ මූල ධාතුව වන්නේ මෙයයි. ඔහු සිත සිය මිතුරා කෙරෙහි ඇති වී පවතින බැීමේ තරම ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීමට ෂියෝ ෂිටෝ අසමත් වීමත්, අත් හළ නොහැකි දැඩි බැීමක රිදුම් දෙන වේදනාවෙන් ජීවිත කාලය පුරා විවන ෂියෝ ඩවුසි ගේ චිත්ත සන්තානයේ නැගෙන සිතිවිලි දාමයත් මෙම නතාව පුරා ඉතා සංවේගාත්මක ලෙස ගලා යයි.

මොවුන්ගේ දිවිය වෙනස් කරනුයේ රංගන ශිල්පීන් ලෙස ප්‍රාසාංගික කතාවට ප්‍රවිශ්ට විමත් සමගිනි. නෙතට කඳුළු නංවන ජවනිකාවන්ගේ මූලාරම්භය සනිටුහන් වන්නේ ඒ ප්‍රවිශ්ටයත් සමගිනි.

වේදිකාවේ පෙම්වතිය වන්නේ ෂියෝ ඩවුසිය. ඔහු සතු ස්ත්‍රියකගේ මෙන් වූ කෝමලත්වයත්, සුනම්‍යත්වයත්, සමුදෙන්න මගේ රිදී දෝලිය ඔපෙරාවේ යූ ජී චරිතය, එනම් ජෙනරාල්ගේ පෙම්වතියගේ චරිතය සමග මනා ලෙස සුසංයෝජනය වේ. ෂියෝ ෂිටෝ සහ ෂියෝ ඩවුසි එතැන් සිට  ජෙනරාල් සහ යූ ජී ලෙස සිය රංගනය වේදිකාව මත එළි දැකිවීමේ සමාරම්භය සනිටුහන් කරති.



ඛේදනීය ආරම්භයක අදුරු විරාමයකදී.... සිය පළමු රංගයේ මිල ලෙස ෂියෝ ඩවුසි වෙත හමු වන්නේ පවුරු බිඳී යමින් සිටියද තවමත් සිය ප්‍රෞඩත්වයේ මානයෙන් පිරි වැරහැළි වී ගිය අධිපතියකුගේ අසම්මත කාම සේවනයේ ගොදුරක් බවට පත්වීමටයි. ඔහුගේ සුකුමාල දේහ විලාසය, වේදිකාවේ පෙම්වතිය වීම ආදී වු කරුණු මත සිදුවන මෙම සංවේගාත්මක සිදුවීම මත ප්‍රේක්ෂක මනසේ ඔහු වෙනුවෙන්  ගොඩනැගෙන අනුකම්පාව පත්ලක් නොමැති අුරු ළික් සේ යැයි මසිතට හැඟේ.

කාමාතුර වංශාධිපතියාගේ ග්‍රහණයට නතු වූ ඔහු දිවිය ඉදිරියටත් දිගින් දිගටම එකී ප්‍රපාතයේ ලෙස්සායාමට පත් වද්දී ඔහු, ෂියෝ ඩවුසි ලෙස නොව, යූ ජී ලෙස චිත්‍යාභන්තරයෙන් වෙනසකට පරිවර්තනය වෙමින් වේදිකාවේ සිය පෙම්වතා, සියෑං යූ වෙත දැඩිව ග්‍රහණය වේ.

සැබෑ දිවියේ අංගචලනයන් වෙතද යූ ජී ගේ බලපෑම ලැබුණු බව පෙනී යනවාත් සමගම ඔහු සැබැවින්ම සිය චරිතය තුළ දැඩිව ජීවත් වන බව පෙනී යයි. වැඩි විය පැමිණීමත් සමගම ඔවුන්... ෂියෝ ඩවුසි චෙං දියෙයි ලෙසද, ෂියෝ ෂිටෝ සියෝලු ලෙසද සිය වැඩිහිට් නම් ලබති.



යුවාං සී ගේ හමුව දියේයිගේ ජීවිතය වැදගත් කඩඉමකට ගෙනයනවාත් සමගම, අබිසරුලියක හා පෙමින් වෙලෙන සියෝලු හේතුවෙන් දියේයිගේ චිත්‍තාභ්‍යන්තරය කඩා වැටේ. වේදිකාව මත ජෙනරාල්ගේ පෙම්වතිය වූද, ඉතා දැඩි සේ යූ ජී ගේ චරිතයට අනුවර්තනය වී සිටියා වූද දියෙයි සිය වේදිකාවේ පෙම්වතා වෙසනක හා පෙමින් වෙළීම දැඩි සේ ප්‍රතික්ෂේප කරයි.

නමුත් ඔහුගේ විරුද්ධතාව කෙතෙක් වුවද ජුක්ෂියාන්ගේ සහ සියෝලුගේ විවාහය නවතාලීමය ඔහුට හැකියාවක් නොවේ.  මේ වන විට දියේයි සහ සියෝලු වේදිකාවේ සුප්‍රසිද්ධ තාරකාවෝ වෙති. ජුක්ෂියාන් රැවටිලිකාර වෙසනක බව දියේයි සියෝලුව අවබෝධ කරවන්නට බැලුවද එහිදී ඔහු අපොහොසත් වේ. ජුක්ෂියාන් දෙසට සපත්තු කුට්ටම විසි කර යන දියේයිගේ වත්සුණු තැවරූ මුහුණෙන් ඔහුගේ පරාජිත චිත්තවේගයන්ගේ යථා ස්වරූපය සැවී තිබුණද, තෙත් වූ දෑස් තුළින් දිස්වන අහිමිවීමේ පරාජිත සිතිවිලි මැනවින් ප්‍රේක්ෂකයා හමුවේ දර්ෂනය වේ.

යුවාන් සී වෙත ඔහු වඩ වඩාත් ළං කරලීමට කටයුතු යෙදෙන්නේ මෙලෙසිනි. ඔපෙරාකලාවේ ගුඹුරු හරයන්ගේ ස්පර්ශය යුවාන් සී වෙතින් ඔහුට ලැබෙන අතරම ඔහු යුවාන් සී ගේ යහන මත යුවාන් සී සමග අසම්මත ආදරයක හවුල් කරුවකු බවට පත්වේ. සිතිවිලි ව්‍යාකූල වීමත් සමග දැඩි සේ මත්ද්‍රව්‍ය භාවිතයට පවා දියේයි පෙළඹෙන්නේ සියොලු කෙරෙහි ඔහු සිතේ ඇති බැඳීම් නිසාවෙන්මය.



චීනය මෙන්ම ඔපෙරාවද ජපාන කොමියුනිස්ට් දේශපාලන ආක්‍රමණයට නතු විමත් සමග ඔපෙරාවේ ගුණ සමුදායන් දේශපාලනික අවශ්‍යතා මත නිරසකරණයට නතු වීම මෙම රංගන ශිල්පින්ගේ ජීවිතයද මළාණික කරවයි. පසුකාලින දේශපාලන පෙරළි මත ජපනුන්ට සේවය කිරීමේ චෝදනා මත දියෙයි මහත් වධ බන්ධනයන්ට ලක්වේ. නමුත් මේ සියල්ල ඔහු සිදු කරනුයේ සියොලු කෙරෙහි ඔහු සිතෙහි පවතින ලෙන්ගතුකම නිසාවෙනි. සියොලු නිසි ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ කර නොගත්තේද එයයි.

ඔවුන් යටතේ සිටි සියෝසී ගේ පාවාදිම් සමගින් යුවාන් සී දේශද්‍රෝහියෙකු සේ හංවඩු ගැසීමත් සමග දියේයි නැවත මානසික පීඩනයේ පත්ලට කිඳා බසී. හරයක් නැති මාවෝ වාදී පාඨ අන්තර්ගත වූ නව ඔපෙරා සම්ප්‍රදායක් තරුණ සිසුන් අතරේ බෙදා දීමේ වගකිම බලෙන් කර මත පැටවිමත්, සිතිවිලි, ක්‍රියා සෑම දෙයකටම වාරණ පැනවිමත් මත සිය කලාවේ පරිහාණිය දෙස, එයට හදවතින්ම කැපවූ මෙම කලාශිල්පීන් බලා සිටින්නේ බලවත් සිතු තැවුලිනි.



කවර සිත් පිඩාවන්ගේ ග්‍රහණය යටතේ වුවද අවසානය වන තෙක් සිය බාල කාලයේ සිට එකට හැදුණු, තම සරණට සිටි මිතුරා කෙරෙහි වූ ආලය දියේයිගේ සිතේ එලෙසින් රැඳී පැවතුණි. එය ප්‍රසිද්ධ වේදිකාවේ ජෙනරාල්ගේ පෙම්වතියගේ චරිතය සමගින් තව තවත් වඩා වර්ධනය විය. සියෝලු කෙරෙහි වූ දියේයිගේ ලබැදි දයාබරත්වය, යූ ජී විසින් කරලිය මතදී ජෙනරාල්ගේ අසිපත සියතට ගැනීමත් සමගින් කෙළවරක් දිටීද.....?

නිර්මාණ ශිල්පියා ප්‍රේක්ශක මනසේ ශේෂ කරන්නාවු පැනය එයයි.


චිත්‍රපටය මෙතැනින් ගන්න. 



1993 වසරේ කැන්ස් චිත්‍රපට උළෙලේ දි  හොදම චිත්‍රපටයට හිමි සම්මානයෙන් මෙය පිදුම් ලැබීය....

සමුදෙන්න මගේ රිදීදෝලිය ග්‍රන්ථය විදර්ශන ප්‍රකාශකයන් වෙතින් ලබා ගැනිමේ හැකියාව පවතී
Comments
4 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

4 comments: